Young Justice : Invasion [S02 : E08] | පළිගැනීම

කොහොමද ඉතින්! ඔන්න 8ත් අරන් ආවා. තව 12යි තියෙන්නේ. ඔක්කොම 20යිනේ ඉතින්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.

ඔන්න ගිය කොටස බලපු අය දැක්කා ඇක්වාලෑඩ් ආර්ටිමිස්ව මරනවා. හැබැයි ඒක බොරුවක්. ඇක්වාලෑඩ් ඇත්තටම නරක වෙලා නැහැ. එයා හදන්නේ එයාගෙ තාත්තට එයා පක්ෂපාතී කියලා පෙන්නලා ආලෝකය ගැනයි ආලෝකයේ අලුත් සහයකයා ගැනයි දැනගන්න ආර්ටමස්ව මරනවා වගේ ඒක හින්දා රගපෑවා. මේ ගැන දන්නෙ නයිට්වින්ගුයි, කිඩ් ෆ්ලෑශුයි, ඇක්වාලෑඩුයි, ආර්ටිමිසුයි විතරයි. අනිත් හැමෝම හිතන් ඉන්නේ ආර්ටිමිස් මැරිලා කියලා. ඊට පස්සෙ නයිට්වින්ග් ආර්ටිමිස්ට මාලයක් දෙනවා. ඒක දාගත්තහම ආර්ටිමිස්ව ඒ හතරදෙනාව ඇරෙන්න අනිත් හැමෝටම පේන්නේ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් විදිහට. ඊට පස්සෙ ඇක්වලෑඩ් ආර්ටිමිස් ව අරන් යනවා. එයාගෙ යානයට. එයාගෙ උදව්වට. ඔන්න එහෙනම් අද එක බලමු.

අද එකේ ග්‍රීන් ඇරෝයි රෝයියි, ස්පීඩිට ඇත්තටම මොකක්ද වුණේ කියලා එයාට කියනවා. එයාට මොකද වුණේ කියලා දැනගන්න අද එක බලන්නකො. ඒක ගැන අහලා ස්පීඩි ග්‍රීන් ඇරෝත් එක්ක කේන්තිගන්නවා. ඇරෝට ඒක ගැන දුක හිතෙනවා. එයා හිතන්නේ ආර්ටිමිසුත් මැරුණේ එයාගෙ වරද නිසා කියලා. එයා හිතන්නේ ස්පීඩිට මේ දේ වුණෙත් එයා හින්දා කියලා. එයා හිතන්නේ එයා ශාපයක් කියලා කොහොමහරි ලෙක්ස් මේකට සම්භන්ධයි. ඒකොහොමද කියලා දැනගන්න අද එපිය බලන්නකො.. ඊට පස්සෙ ස්පීඩි යනවා ලෙක්ස්ගෙන් පළිගන්න. තව සුපර්බෝයිගෙ උපන්දිනෙත් එනවා. තව රොකට් කසාද බදින්නත් යනවා. එහෙනම් මේක බලන්න කියන ගමන් අදට යනවා. බායි.

ඕගොල්ලො යද්දි කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මේ අදහස් මට ගොඩක් වටිනවා. අදට එහෙනම් ඔන්න යනවා. ඊළග එපියෙන් හම්බුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBx264 | 720p | 4G| Complete S02|

Direct Download

| WEBx264 | 720p | 201MB |

| WEBx264 | AAC | 1.9G| Complete S02|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!