Wakefield (2016) | හුදකලාවූ පෙම්වතාණනී!

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුනේ නෑ. ඉතින් ඔන්න දවසක් වෙනදා වගේම මං වැඩ ඇරිලා ගෙදර එද්දී මෙන්න ගේ ලඟ රැකූන් තඩියෙක්. එලවපු පාර මේකා ගේ ඉස්සරහ තියෙන අට්ටාලෙට රිංගපි. මූව එලවලා දාන්න මාත් ඉතින් අට්ටාලෙට ගොඩවුනා. ගියාමයි දැක්කේ අට්ටාලෙ ජනෙල් වලින් ගෙදර වටපිටාව නියමටම පේනවනේ කියලා. පරක්කු නිසා නෝනා මට කෝල් කලා. මං කට් කරලා දැම්මා. මෙන්න මේකි මගේ රෑ කෑම එක එවෙලෙම කුණු බක්කියට දැම්මා. අඩුගානෙ ෆ්‍රිජ් එකෙන් දාපිය. පුදුම ගෑණියෙක්නේ. තරහටත් එක්ක ඉදගත්තා අට්ටාලෙ පුටුවේ. හුටා…එතනම නින්ද ගිහින් මේං උදෙත් වෙලා. දැන් ඉතින් රෑ අහවල් එකක් කලා කියලද කියන්නේ? දැන් ගියොත් ඉදලා හමාරයි. නෝනා වැඩට ගියාට පස්සේ යනවා කියලා හිතන් කුණු බක්කියෙන් මගේ කෑම එකත් අරන් ආයෙ අට්ටාලෙට වැදුනා. හැබැයි එහෙම හිතුවට එක එක හේතු නිසා මට ගෙදර යන්න වුනේ නෑ. හිත දුන්නෙත් නෑ. මට ඕනවුනා මොනාද වෙන්නේ කියලා බලාගන්න. ඒ නිසා අට්ටාලෙට වෙලා මං මගේ ගෙදර දිහා බලන් ඉන්න පුරුදුවුනා.මං දැන් අතුරුදහන් වුන මිනිහෙක්. වෙච්ච දෙයක් නැති හොවඩ් වේක්ෆීල්ඩ්.

නාට්‍යමය කාණ්ඩයට අයිතිවෙන, මැයි මස 19 වෙනිදා නිකුත්වූ මේ චිත්‍රපටියට 6.4ක imdb අගයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිතය වන හොවඩ් වේක්ෆීල්ඩ් විදියට විශිෂ්ට රංගන ශිල්පියෙකු වන Bryan Cranston රංගනයෙන් දායක වන අතර, ඔහුගේ බිරිඳ ඩයානා විදියට Jennifer Garner රංගනයෙන් දායක වෙනවා. සුපුරුදු පරිදි Bryanගෙන් සුපිරි රංගනයක් දැකගන්න පුළුවන් වගේම කතාවත් මටනම් ගොඩක් සිත්ගත්ත එකක්. “අපිනම් ඔව්වා බලන්නේ නෑ ඇක්සොන් විතරයි ඕනෙ” කියන අයට මඟ ඇරෙන තවත් හොද නිර්මාණයක් කියලා සහතික කරන්න කැමතියි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 800MB |

ab0239228e76cd2cff52e9315dfb5052e4fabee5

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

deaee1492c6eae3148029f85dc208640098b2ad5

| BluRay | x265 | 720p | 538MB |

8842663db135e04654934c3f3aead388546643a2

Direct Download

| BluRay | x264 | 480p | 350MB |

| BluRay | x264 | 720p | YTS | 800MB |

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

| BluRay | x265 | 720p | 538MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Wakefield (2016) | හුදකලාවූ පෙම්වතාණනී!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *