Vikings [S05: E15] | දෙවියන්, යුද්ධය සහ අපාය!

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන් අරගෙන තියෙනව. ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.

කෝ මම අහන්න කැමතියි තවම අයිවර් ෆෑන්ල ඉන්නවද ? සොරි තමා, දැන් ඉතිං අයිවර් දෙවියන් කියලනේ කතා කරන්න වෙන්නේ. ? මතක ඇතිනේ ගිය සුමානේ ලගතව කියල ඒ හා සමාන හැඩහුරුවක් තියෙන වෙන ගෑනු කෙනෙක්ව බිලි දෙනව. කොහොම උනත් හිට්සර්ක් වැඩේට කැමති නැහැ. ඒ විතරක් නෙමේ අයිවර්ට බයත් නැහැ. මොකද මිනිහ දන්නවා අයිවර් පාලනයේ ඉන්නේ මිනිස්සුන්ව බිය ගන්වලා, මිනිස්සු ඇත්තටම කැමති හිට්සර්ක්ට කියල. ඒ වගේම ෆ්ලොකිගේ දුපතේ දිගින් දිගටම සිද්දවුණ පලිගැනීම් දාමය නිසා පිරිසක්ව ජනාවාසයෙන් පිටුවහල් කරන්න තීරණය කරනවා. ඒ වගේම කතෝලික පල්ලිය විසින් ඇල්ෆ්‍රඩ්ව ඝාතණය කරන්න හදපු සැලැස්ම ඒතල්රෙඩ් නිසා අසාර්ථක වෙනවා. අන්තිම මොහොතේදී ඒතල්රෙඩ් වැඩේ අත්හැරලා දානව. කොහොම හරි දැන් අලුත්ම සිද්දිය වෙන්නේ රැග්නගේ වෙසෙක්ස්වල ඉන්නවයි කියන පුතා ආයේ මතුවීම. මේ වැඩේ කොයි අතට පෙරලෙයිද දන්නේ නැහැ. කොහොම උනත් බියෝන් නම් මිනිහව සැහෙන විස්වාස කරනවා.

අද කොටසින් අපිට බලාගන්න පුළුවන් පස්වෙනි කතා මාලාවේ දෙවැනි භාගයේ පීක් එක වෙන වෙසෙක්ස්වරු සහ වයිකින්වරු අතර ගැටුම. ඒ වගේම සෑහෙන දෙනෙක් කැමති චරිතයක් අද සමු දෙනවා. ඒ වගේම තව කෙනෙක් අතුරුදහන් වෙනවා. හැබැයි බියෝන් ඇතුළු වෙසෙක්ස්වල වයිකින්ලටනම් අදින් පස්සේ වැඩි විරෝධයක් එල්ල වෙන එකක් නැහැ. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව සති පහකින් මේ සීසන් එක ඉවරයි එහෙනම් ?

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | 720p| x264 | 858 MB |

Direct Download   

| WEB | 720p | 371 MB |

        

| WEB | 720p| x264 | 858 MB |

        

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Vikings [S05: E15] | දෙවියන්, යුද්ධය සහ අපාය!

  • January 1, 2019 at 16:50
    Permalink

    14…15 direct link??????

    Reply
  • February 15, 2019 at 08:10
    Permalink

    Direct links are not working. Pls check brothers

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!