Togo (2019)| සූර වීර ටෝගෝ…

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ ඉන්න මට්ටමට වඩා දස සිය ගුණයකින් දියුණු වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය සහ හොඳ සෞඛ්‍ය තත්වයක් ලැබේවා කියලා හදවතින්ම බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා!!!

වසර ආරම්භයේම මම මේ ගෙනාව චිත්‍රපටයත් ටිකක් සුවිශේෂී එකක්. එහෙම කියන්න හේතුව මේ ලෝකය සුන්දර තැනක් වෙන්න නම් අපි හැමෝගෙම හිත් සුන්දර වෙන්න ඕන. ලෝකයක ජිවත් වෙනකොට අපි හැමෝටම කොයි මොහොතක හෝ උදවු අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ කාටවත් කාගෙන් වත් උදව්වක් නැතුව ජිවත් වෙන්න අපහසු දෙයක්. ඉතින් එකිනෙකාට අවශ්‍ය උදවු වලට අපි එකිනෙකා උදවු කරගන්න කොටමුළු ලෝකයම සුන්දර එකක් වෙනවා. අද මේ කියන කතාව මීට දශක කීපයකට කලින් සිද්ධ වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක්. මේක මිනිසුන් සහ මිනිස් බව නොලත් එහෙත් මිනිස්කම ඉක්මවා ගිය බුද්ධියක් සහ ධෛර්යක් හෙබි සුනඛයෙක් ගැන කියවෙන එක්තරා සත්‍ය කතාවක්. අපි සැහෙන්න බල්ලෝ මිනිස්සු අතර ඇති බැඳීම් ගැන අපේ ජීවිතයේදී අහන්න දකින්න ලැබෙනවා. මීට සති කීපයකට කලිනුත් භූමිකම්පාවක් අතරතුර මිය ගිය දැරියක් ඉදිරියේ වැලපෙන සුනඛයෙක් ගැන ඡායාරූපයක් අන්තර්ජාලය තුල සංසරණය වනවා ඔයාල දැනටමත් දකින්න ඇති. තමන්ගේ ස්වාමියාගේ සොහොන ළඟින් නොසෙල්වෙන සුනඛයෝ ගැනත් අපි අහල තියෙනවා. ඒ වගේ සුප්‍රසිද්ධ සුනඛයෙක් තමයි හචිකෝ කියන්නෙත්. ඉතින් ඒ සේරමලා අතරේ 1925 වර්ෂයේ එක්තරා වීර ගමනක් දෙපයින් හමාර කරලා පුංචි දරුවෝ රැසකගේ ජිවිත ගොඩක් බේරගත්ත සැබෑ වීරයෙක් තමයි ටෝගෝ කියන්නේ. එහෙම වෙන්න ටෝගෝ ගිය දුර සැතපුම් 264ක්. ඒ දුර ගියේ අපි ඔයාල යන පාරක නෙමෙයි. හිම කුණාටුවක් මැද්දේ කටු වගේ හිම කිරණ ඇස්වල ඇනෙන අතරේදී කඳු අතරින් මිදුන විල් මත ඇති අයිස් තට්ටු මතින්. ඉතින් ඒ වීර ගමන අරඹයා ඩිස්නි සමගම විසින් නිර්මාණය කල අපූරු චිත්‍රපටය තමයි ටෝගෝ කියන්නේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Ericson Core විසින් වන අතර මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ නළු Willem Dafoe විසින්. ඒ වගේම දැනට මේ චිත්‍රපටය IMDb  දර්ශකය තුල 8.2/10 ක  ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා තිබෙනවා.

ටෝගෝ පුංචි කාලේ නම් හරිම වදකාරයෙක්. දෙන වදේ වැඩිකමට සෙප්ලා හෙවත් ටෝගොගේ හිමිකරුවා ටෝගෝ පොඩි කාලේ කීප වතාවක්ම එයාව වෙන අයට හදාගන්න දීල. එත් ටෝගෝ ඒ හැම ගෙදරකින්ම පැනලා සෙප්ලා ළඟටම ආයේ ආයෙත් ඇවිල්ලා. නෝවේජියානු හිමායන රියදුරෙක් උන ලියනාර්ඩ් සෙප්ලා තමන්ගේ ජීවිකාව විදිහට කරන්නේ බල්ලන් විසින් ඇදගෙන යන හිමායන එහෙමත් නැති නම් හිම කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයයි. ඉතින් මේ සඳහා විවිධාකාර සුනඛයන් ඔහු සතුවෙනවා. සුනඛයන් පුහුණු කිසිම ඔවුන් විවිධ නියෝග වලට අවනත කිරීම. හිම සහිත කාලගුණ තත්වේ පවා ගමන් කිරීමට පුහුණු කිරීම තමයි මෙවැනි පුද්ගලයන් කරන්නේ. වසරේ වැඩි කලක් හිමෙන් වැසෙන ප්‍රාන්ත වල ඇලස්කාව වගේ පළාත් වල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ මේ හිම කරත්ත සහ ඒවා ඇදගෙන යන සුනඛයන්. 1925 වසරේදී නෝම් පළාතේ පොඩි ගැටළුවක් ඇතිවෙනවා. එහි සිටින කුඩා දරුවන් ගලපටල රෝගය නිසා දැඩි ලෙස රෝගාතුර වෙනවා. හිම කුණාටුවක් අතරේදී වෙන මේ රෝගීවීමට අවශ්‍ය බෙහෙත් වෙනත් පලාතක සූදානම් උනත් එය නෝම් වැනි හුදෙකලා වූ ස්ථානයකට දැඩි හිම කුණාටුවක් අතරේදී ගෙන එම ලොකු අභියෝගයක් උනා. ගුවනින් කෙසේ වෙතත් මෙවන් කාලගුණයක් යටතේ බෙහෙත් ප්‍රවාහනය කල නොහැක්කක් වන අතරේදී මේ දරුවෝ හැමෝටම පිහිටට ආවේ ටෝගෝ සහ ඔහුගේ ස්වාමියා උන ලියනාර්ඩ් සෙප්ලා. ඉතින් මෙවැනි කුණාටුවකදී එලියට බහින කෙනෙක් නැවත දකින්න වෙන්නේ හිම දියවෙන කොට කියල තමයි ඒ අවට වෙසෙන අයගේ මතය වෙන්නේ. එවැනි දුෂ්කර සහ ජීවිතයට පවා විශාල තර්ජනයක් තිබුන ගමනක් තමයි ටෝගෝ සහ සෙප්ලා යන්නේ.

ටෝගෝගේ සත්‍ය ඡායාරූපයක්

ටෝගෝ කියන්නේ නියමු සුනඛයෙක්. සාමාන්‍යයෙන් මෙවැනි කරත්ත ඇදගෙන යන බලු රංචුවල  දෙදෙනා බැගින් තමයි පෝලිමක් විදිහට ගමන් කරන්නේ ගැලක් විදිහට. එත් ටෝගෝ කියන්නේ එයාලටත් මග පෙන්වන්නෙක්. එයා තමයි සෙප්ලාගේ හිම කරත්තයේ නියමු සුනඛයා හෙවත් ඉදිරියෙන්ම යන පාර පෙන්වන කෙනා. ටෝගෝ යන දිහාට තමයි අනික් හැමෝමත් ඇදිලා යන්නේ ලියනාර්ඩ් සෙප්ලාවත් ඇතුළුව. ටෝගොට එයාගේ නම ලැබෙන්නේ ජපන් අධිරාජ්‍ය නාවික හමුදා අද්මිරාල් කෙනෙක් වන ටෝගෝ හෙයිචාචිරෝ සිහිවනු පිණිසයි. ටොගෝ කියන්නේ ඇත්තටම කොයි තරම් දක්ෂයෙක්ද වීරයෙක්ද කියල ඔයාලට චිත්‍රපටය අවසානයේ දකින්න ලැබේවි එතකොට මේ නම එයාට දුන්නට කිසිම වරදක් නැහැ කියල හැමෝටම තේරුම් යයි.

ටෝගෝ සහ ලියනාර්ඩ් සෙප්ලා 

මේ බෙහෙත් අරගෙන එන ගමන ලෙහෙසි පහසු නොවුන නිසා කණ්ඩායම් 25ක් අතරේ රිලේ එකක් වගේ තැනින් තැනට බෙහෙත් ටික හුවමාරු කරමින් තමයි ගෙනාවේ. එත් අනික් කණ්ඩායම් සැතපුම් 19-20 ගමන් ගනිද්දී සෙප්ලා සහ ඔහුගේ වීර සුනඛ කණ්ඩායම සැතපුම් 264ක් තනිව ගමන් කර තිබුනා. ඒ තමයි ඒ ගමන් මගේ දීල තිබුන දුෂ්කරම සහ භයානකම කොටස උනෙත්. අවසානයේ අපි කතාවට කියනවා වගේ හම යන්නේ අපේ නම යන්නේ උගේ වගේ වැඩක් ටෝගෝ සහ සෙප්ලාටත් සිද්ධ උනා. මෑතක් වෙනකන් ටෝගෝ වෙනුවට ඒ ගරු බුහුමන් ලැබුවේ බැල්ටෝ කියල වෙනත් සුනඛයෙක්. එත් නියම වීරයා උනේ ටෝගෝ. ඒ ගැන වැඩි විස්තර මෙතනින් ඔයාලට දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටය ඒ වීරයා ටෝගෝ වෙනුවෙන් සිහිවටනයක්ම වේවා කියල පතන ගමන් ඔයාලගෙන් සමුගන්නම්. 2020 වසරේ අලුත් අලුත් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා එක්ක බයිස්කෝප් අපි හැමෝම ඔයාල හමුවෙන්න සූදානමින් ඉන්නේ. එහෙනම් ගිහින් එන්නම් ජයෙන් ජය !!!

ටෝගෝ කල වීරක්‍රියාව වෙනුවෙන් ප්‍රසිද්ධ උනේ බැල්ටෝ නම් සුනඛයා වෙනුවෙන්  නිර්මාණය වූ ස්මාරකය

ඒ වගේම අද පටන් ඔයාලට උපසිරසි බාගන්න ලොගින් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදහස් පල කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඉඳල හිටලා ලොග් වෙලා අදහසක් දාන්න තරම් අපේ අය කරන දේ වටිනවා නම් පහලින් තියෙනවා ඔයාලටත් ඉඩක්. ජය !!

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 790MB |

| WEBRip | x264 | 1080p | 1.8GB | YTS |

Direct Download

| WEBRip | x264 | 720p | 790MB |

| WEBRip | x264 | 1080p | 1.4GB |

x265

| WEBRip | x265 | 720p | 470MB |

| WEBRip | x265 | 1080p | 960MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Togo (2019)| සූර වීර ටෝගෝ…

  • January 1, 2020 at 11:01
    Permalink

    570mb eke tiyenne wena film 1k

    Reply
  • January 1, 2020 at 11:15
    Permalink

    Usrdrive download den nane

    Reply
  • September 16, 2020 at 20:10
    Permalink

    thanks machan

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!