The X Files [S06 : E03] | යක්‍ෂයාගේ ත්‍රිකෝණයේ නාසි හුටපටය..

ඔන්න එහෙමනම් රැගෙන ආවා හයවන කතාමාලාවේ තුන්වැනි කොටසත් හැකි ඉක්මනටම වාගේ. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මේ පාර මොනවගේ විපත්තියක්ද වෙන්නේ කියලා.

ඔන්න මෝල්ඩර් මේ පාරත් ලොකුම කරදරේක තමයි පැටලෙන්නේ. 1930 ගණන්වලදී අතුරුදහන් වෙච්ච නෞකාවක් හොයාගන්න කියලා යන මෝල්ඩර්ව කුනාටුවකට අහුවෙලා මුහුදේ අතරමන් වෙනවා. කරුමේ කියන්නේ මේකා යන්නෙත් බර්මියුඩා ත්‍රිකෝණයට නොවෑ.. දන්නවනේ ඉතින් ඕකට යන නැව් එහෙම අතුරුදහන් වෙනවා කියලා.. ඊට පස්සේ කොහොමින් හරි එස් එස් ක්වින් ඈන් කියන නෞකාවෙන් මෝල්ඩර්ව බේරාගන්නවා. හැබැයි ඉතින් වෙලා තියෙන්නෙ වෙනම අලකලංචියක්.. මෝල්ඩර් නැව ඇතුලට ගියාට පස්සේ වෙනමම කාල අවකාශයකට වෙනමම මානයකට ගියා වගේ තමයි.. කොටින්ම කිව්වොත් කාලය හරහා යාමක් වගේ දෙයක් වෙලා.. මොකද දැන් මෝල්ඩර් ඉන්නේ 1939..

ඉතින් ඔය අස්සේ අරහේ ස්කලී හෙනම ගේමක් දෙනවා මෝල්ඩර් ගැන තොරතුරු හොයාගන්න.. ස්කිනර් ගාවට වගේම ක්‍රේෂ් ගාවටත් යනවා උදව් ඉල්ලගෙන.. බැරිම තැන ස්පෙන්ඩර්ටත් තර්ජනය කරනවා වැඩේ කරගන්න.. ඔය අස්සේ මෝල්ඩර් ඉන්න නැවට නාසිකාරයෝ එහෙමත් නැගලා.. ඒ විතරක් ඈ වැඩේ කියන්නේ මේ නැවේ ස්කලීත් ඉන්නවනේ.. අනේමන්දා සේරම විකාර වෙලා යන සීන් එකක් තමයි තියෙන්නේ..

හොදා එහෙනම් මෙතෙකින් මම නවතිනවා.. ඔහෙලාම බාගෙන බලන්නකෝ මක්කයි වෙන්නේ කියලා.. එහෙනම් හතරවැනි කොටහත් කොටාගෙන ඉක්මනට එන්නම්.. ඔබට ජය.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

Direct Download

| BDRip | x264 | SPRiNTER | 330MB | 

| BDRip | x264 | SPRiNTER | 7.3GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!