The Walking Dead [S09 : 05]| රික් ග්‍රයිම්ස්…!

පලවෙනි කතාංගයෙන් පස්සේ උදයංග සම්පත් මිත්‍රයා වැඩේ ලෙසට කරගෙන ආව. ඒත් අද ටිකක් විශේෂ නිසා කොහොමින් හරි එපිසෝඩ් එක ඉල්ලගත්ත මිනිහගෙන්. ඒ ඉතිං දන්නවනේ අද විශේෂත්වේ මොකක්ද කියා.අ උදෙන්ම දෙන්න බැරි උනාට සමාවෙන්න ඕනා. අද කතාවට imdb 9.6ක අගයක්න ලැබෙවා. කතාවේ නම What Comes After? අද කතාවේ හැටියට මේ නමින් තේරුම් දෙකක් මතු වෙනවා.. එකක් තමා යම් දෙයක් කලාට පස්සේ අපි කියන්නේ කර්මය පස්සෙන් එනවා කියල. අන්න ඒ අදහස එකක්. අනිත් දේ තමා යම් දෙයක් උනාට පස්සේ මොනවද වෙන්නේ කියන එක… ඉතිං අද කටහවේදී ජුඩිත්ගේ තාත්ත කවුද කියන එක ගැන හරියටම දැනගන්න ලැබෙනවා… ඒ වගේම අලුත් පිරිසකුත් කතාවට එකතු වෙනවා.. ඒ වගේම රික්කෝගේ ල්ට් පයිතන් තුවක්කුව නිහඬ වෙයි කියල හිතාගෙන ඉන්නවා නම් ඉතිං… මොකද දන්නවද එහෙම කියන්නේ හේතු දෙකක් උඩ එහෙම කියන්නේ. එක හේතුවක් අද කතාවෙන් දකින්න ලැබේවි. දෙවැනි හේතුව ඉදිරි අනාගතයේදී දකින්න ලැබේවි. AMC නාලිකාව වොකින් ඩේඩ් යුනිවර්ස් එක ඇසුරින් ෆිල්ම්ස් තුනක් ගහනවලු ඔන්න. ඒ ගැන විස්තර බලාගන්න මෙතනින්. ?

මේ වෙනකොට රික් නිගන්ව පරාජය කරලා හිරේ දාලා… හිල්ටොප්, කින්ඩම් ඇලෙක්සැඩ්‍රියාව, වෙරළබඩ හිටිය කාන්තාවක් විතරක් ඉන්න ජනපදය, ගැලවුම්කාරයින්ගේ ජනාවාසය සේරම එක සේසත් කරලා එකට බද්ධ කරලා සාමකාමී පාලනයක් අරගෙන යන්න හදනවා මැගී ඇතුළු කණ්ඩායමේ සහයෙන්… ඒත් කරුණු කාරනා හැල හැප්පීම් නිසා පරණ සතුරුකම් යලි යලිත් මතුවෙන්න ගන්නවා. එහෙම වෙලාවක අන්තිමට තමන් එක්ක මුල ඉදලම එකට හිටිය ඩැරල් පවා විරුද්ධ වෙනවා. මේ දෙන්න පොඩි වලියකුත් යනවා.වලක වැටිලා හරි අමාරුවෙන් ගොඩ එනකොට දකින්නේ ඇවිදින්නෝ රැලක් හිල්ටොප් පැත්තට ඇදිලා යන එක. ඩැරල් කියනවා පාලම දිහාවට අරගෙන ගිහින් ඒක පුපුරවලා මුන් රැල සැඩ පහරට ගහගෙන යන්න අරිමු කියල. ඒත් රික් කැමති වෙන්නේ නැහැ ඒ වැඩේට. පාලම විනාශ කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට රික් ඩැරල්ව යවලා අශ්වයා පිටේ නැගල රැල වෙන දිහාවකට අරගෙන යන්න හදනවා.. හතරමං හන්දියකදී තවත් දිහාවකින් එන රැලක් දකින අශ්වයා කලබල වීම නිසා රික්ව ඇද වැටෙනවා අශ්වයා පිටින්… වැටෙන්නේ කම්බි කුරක් උඩට… එතනින් පස්සේ මොනවා වෙයිද….? ඒ ටික එහෙනම් ඔයාලට බාරයි..

එහෙන්මනම් ඉතිං අද සමුගන්නවා ආයේ උදයංග ඉතුරු කොටස් ටික අරගෙන ඒවි. මොකද ඊළඟ කෑල්ල මීටත් වඩා රසවත් කියල බලාගන්න පුළුවන් වෙයි iNTERNAL web රිප් එක ගත්තොත්! අනිත් ඒවායේ අන්තිමට ස්නේක් පීක් එක තියෙනවද කියල නම් දන්නේ නැහැ.. ?

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | PBS | 400MB |

Direct Download

| WEBRip | x264 | 480p | 230MB |

| WEBRip | x265 | 720p | 340MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!