The Punisher [S02: E02] | අමතක වූ මතකයන් තුලින් තැනෙන ජිග්සො!

ඔන්න එහෙනම් පනිෂර් දෙවනි කොටසත් අරගෙන ආවා. මෙදාපාරත් ඉතිං පටන් ගත්ත වෙලේ ඉදන් ලේ පෙරාන වෙඩි කාන යන සීන් වලින් පිරිලා ඉතිරිලා ගිය කතා මාලාවක් අපිට ලබා දෙන්න මාවල් නෙට්ෆ්ලික්ස් හවුල වගබලාගෙන තියන විත්තිය පළවෙනි කොටස බලපු අය දන්නවනෙ ඉතිං. එහෙනම් සුපුරුදු පරිදි මුල් කොටස ගැන මතක් කරන් ඉමු.

ෆ්රෑන්ක් මේ වෙනකොට ඉතිං සාමාන්‍ය විදිහට වෙනම සාමකාමි වෙනම නමකින් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔය අතරෙදි තමයි බාර් එක්කදි ෆ්රැන්ක්ට ගැහැනු කෙනෙක් හම්බවෙන්නෙ, මේ දෙන්නා හුගක් සුහද වෙනවා. කොහොම උනත් ෆ්රෑන්ක් දැන් එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයිනෙ, ඉතිං මෙයා මේ ගැහැණු කෙනාගෙන් සමු අරන් මේ ටවුන් එකෙන් පිටවෙලා යන්න ගියත් මගට ගිහින් ආපහු තමන්ගෙ වෑන් එක හරවන් එනවා ආයෙම මේ බාර් එකට. ඔය අතරෙදි තමයි මෙතන අවුල් වෙන්න පටන් ගන්නෙ. ඒ පොඩි කෙල්ලෙක් නිසා.

නමින් රේචල් කියලා හදුන්වලා දීපු මේ පොඩි ගැහැණු ළමයා ලග මොකක් හෝ දෙයක් තියනවා තවත් කෙනෙක්ට වැදගත්වෙන. හැබැයි ඒ මොකක්ද කියන්න නම් හරියාකාරව තාම දන්නෙ නැහැ. කොහොම නුමුත් ඔය දේ හොයන් මැරයන් පිරිසක් එනවා. ඔය අවස්ථාවෙ තමයි බලා ඉන්න බැරිම තැන ෆ්රෑන්ක් මේකට මැදිහත් වෙන්නෙ. ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනෙ ෆ්රෑන්ක් මැදිහත් වුනාම කොහෙන් කොහොම ඉවර වෙන්න ඇතිද කියලා. ඔය ගැටුම අතරතුර ෆ්රෑන්ක් හිතවත් වුන බාර් එකේ වැඩ කරපු ගෑණු කෙනාටත් තුවාල වුනා. ඉතිං ෆ්රෑන්ක් මේ ගෑණු කෙනාවයි අර පොඩි කෙල්ලවයි තමන්ගෙ ඈන් එකට දාන් අරගෙන යනවා. ගැහැණු කෙනාව කෙලින්ම රෝහලට ඇතුල් කරලා මේ දෙන්නා එතනින් පිටවෙලා යනවා.

ඔය අතරෙම මේ සිදුවීම වුන තැනට තව කෙනෙක් එනවා, එයා කවුද කියලා විස්තර තවත් මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය සීසන් එකේ තුවාල වුන බිලි රූසෝව අපිට රෝහලේ ඉන්නවත් දකින්න ලැබුනා. පෙන විදියට බිලීට කිසිම දෙයක් මතක නැති පාටක් තමයි තියන්නෙ, තිබ්බොත් තමා පුදුමෙ නේ. කොහොමත් පනිෂර්ගෙ තවත් හතුරෙක් වෙන ජිග්සොව කෙමෙන් කෙමෙන් බිලි රූසෝ තුලින් නිර්මාණය වෙනවා කියලා නම් තේරෙනවා. එහෙනම් මම ගියා. 4 වෙනි කොටසෙන් ආයෙ හමුවෙමු.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | STRiFE | 4.4GB | Complete S02

Direct Download

| WEB | 480p | x264 | 130MB |

| WEB | STRiFE | x264 | 291MB | 

| WEB | 480p | x264 | 1.9GB | Complete S02

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *