The Great Father (2017) | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්!

‘සිඳී බිඳී ගියා’
‘මගේ කුඩා දරුවාගේ සිහිනයක් බඳු වූ සිනහව’
‘නුඹේ පියාගේ හදවතේ ගිණි ජාලාවක දල්වමින්’
‘දුරකට යන්න’
‘නුඹ ගොඩක් දුරකට යන්න’
‘අන්ධකාරයෙන් නුඹගේ වේදනාව දුරුවී යන ආකාරයට’

‘නුඹේ නිහඬතාවයන්ගෙන් මා හදවත ලෝ දිය මෙන් පිළිස්සෙනවා’
‘කිරිල්ලියක මෙන් යලිත් මා සවනට ගුමු ගුමු නදින් කොඳුරනවාද?’
‘කඳුළු වැස්සක් සමගින් මා නුඹව නැවතත් දිදුලන සඳක් බවට පත්කරන්නම්’
‘නුඹ මා පිළිබඳව සිතන විට, මං නුඹ සමීපයට විගසින් පැමිණෙන්නම්’
‘නිරන්තරනෙන් මං නුඹව ආරක්ෂා කරන්නම්, මගේ ප්‍රාණය බඳු වූ දියණියනි’

අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට තියෙන ලොකුම සම්පත තමයි දරුවන් කියන්නෙ. ඉපදුණු දවසේ පටන්ම තමන්ගේ ජීවිතය දෙවැනි කරලා තමන්ගේ දරුවන්ව රැකබල ගන්නේ, මහමෙරක් උසට දෙමව්පියන්ගේ හිත් තුල තියෙන මේ අපරිමිත ආදරය නිසාමයි. කතාවක් තියෙනවා, ගෑණු ළමයි වැඩියෙන්ම ආදරේ කරන්නෙ තමන්ගේ තාත්තට කියලා. මේ කතාව ඇත්ත කියලා මට තේරුම් ගියේ, මගේ ආදරණීය දුවගේ සෙනෙහස නිසයි. අතාත්වික සුපිරි වීරයන්, නළුවන්, ක්‍රීඩකයන් තමන්ගේ ලෝකයේ වීරයා කරගත්ත ළමයි ඉන්න ලෝකෙක, මගේ දුවගේ ලෝකයේ ඉඩ හිමිවෙච්ච එකම සුපිරි වීරයා තමයි මම. මගේ බිරිඳ සහ දුව එක්ක පුදුමාකාර සතුටකින් තමයි මං ජීවත් වුණේ. බොහොම සතුටින්, සාමයෙන්, ආදරණීය කුරුළු පවුලක් වගේ ජීවත් වෙච්ච අපේ පවුලට සුළඟකින් වත් බාධාවක් වුනේ නැහැ. නමුත්, එක දවසක් සුළඟක් හමුවා. නිකන්ම නිකං පොඩි හුළඟක් නෙමෙයි. අතිශය දරුණු චණ්ඩ මාරුතයක්. මේ චණ්ඩ මාරුතයට අහු වෙලා, මෙච්චර කාලයක් තිස්සේ ආදරයෙන් පිරී ඉතිරිලා තිබ්බ අපේ කුරුළු කූඩුව සී සීකඩ බිඳී විසිරිලා ගියා. නැවත කවදාවත් යලි එකතු කරගන්න බැරි වෙන්නම…

සී සී කඩ විසිරිලා ගියපු අපේ පවුලට සිදුවෙච්ච කැළලත් සමගින් මගේ ජීවිතය වෙනස්ම මගකට යොමු වුණා. ඉපදුණු දවසේ ඉඳල ඇහැක් වගේ බලාගත්ත මගේ දියණිය අද නිසොල්මන්ව ඉන්නවා. එයාගේ අම්මා-තාත්තා වෙච්ච අපි දෙන්නා කරකියාගන්න දෙයක් නැතිව අසරණව, බලාගත්ත අත බලාගෙන ඉන්නවා. හයක් හතරක් නොදන්න මගේ අහිංසක දුවට මේ අපරාධය කරපු තිරිසනා, සමාජයේ කොහේ හරි අස්සක හැංගිලා, අපිට හිනා වේවි, තවත් ගොදුරක් ඩැහැගන්න මාන බලනවා ඇති. හෙට දවසේදී අපි වගේම තවත් අම්මා-තාත්තා කෙනෙක් මේ විදියට තමන්ගේ දරුවා වෙනුවෙන් අඬා වැටේවි. පිළිකාවක් වුණත්, මුළු ශරීරය පුරාම පැතිරෙන්න කලින් එක පුච්චලා දාන්න ඕනේ. නැත්නම් ඒක අයින් කරලා දාන්න ඕනේ. එහෙම නැති වුනොත් ඒක හැමතැනටම උඩු දුවනවා. ඒත්, මගේ දුවට මේ අපරාධය කළේ කවුද කියල කිසිම සාක්ෂියක් තිබුනේ නැහැ. අංශු මාත්‍රයක වත් ඉදිරියට යන්න පාරක් තිබුනේ නැහැ. සතෙකු හෝ වේවා, මිනිහෙකු හෝ වේවා, මේ සොබාදහම් මාතාවගේ නීතියට අපි යටත් විය යුතුයි. ඒත්, ඒ බව තේරුම් නොගත්ත මිනිස් වෙස් ගත්ත සත්තු ඕනේ තරම් මේ සමාජයේ ඉන්නවා. මේ සමාජයේ නීතිය ක්‍රියාත්මක කරන්න, යුක්තිය ක්‍රියාත්මක කරන්න, මොන දේ කරන්න සිද්ධවුණත්, දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ කරන්න මං තීරණය කළා. දැන් මේ ක්‍රියාත්මක වෙන්න යන්නේ, දෙවියන්ගේ නීතිය වත්, රටේ නීතිය වත් නෙමෙයි… මේකට තමයි තාත්තා කෙනෙක්ගේ නීතිය කියන්නෙ!!!

එහෙනම්, තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මලයාලම් සිනමාවෙන් 2017 වර්ෂය සඳහා බිහිවෙච්ච අංක එකේ සලරුව ලෙස අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් අති විශිෂ්ටම නිර්මාණයක් තමයි මේ අරගෙන ආවේ. එදා මෙදා තුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ මෝහන්ලාල්ට පසුව බිහිවුණු දෙවැනි ජනප්‍රියතම රංගන තාරකාව හෙවත්, “අල්ටිමේට් පවර් ස්ටාර්” ලෙස හඳුන්වන Mammootty සහ, තමා සතු අති දක්ෂ රංගන ප්‍රතිභාවෙන්, රූපයෙන්, සහ දැවැන්ත ශරීරයෙන් වර්තමාන දමිළ සිනමාව තුල තමාට හිමි අනන්‍යතාවයකින් සමගින් දමිල සිනමාවේ ජනප්‍රියතම රංගන තාරකාවක් වන Arya ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වෙන මෙම සලරුව, පන්දහසකට අසන්න ප්‍රේක්ෂක මනාපයකින්, imdb දර්ශකයේ 8.2 ක් වැනි ඉහළම අගයක් කරා ලඟා වී තිබෙනවා. Action, Crime, Mystery, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ මාර්තු මස 30 වන දින තිරගතාවේම ආරම්භ කරන ලද මෙම සලරුව, එදා පටන් මාස කීපයක් ගතවූ තැන පවා, කේරල ප්‍රාන්තයේ සිනමා ශාලා තුල එකඳු ආසනයක් හෝ හිස් නොමැතිව, ජනයාගෙන් පුරවා දැමීමට සමත් වී තිබෙනවා. ලබාගත් බොක්ස් ඔෆිස් ආදායක් වාර්තා පිළිබඳව තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැති වූවත්, නිළ නොළත් වාර්තා වලට අනුව 2017 වර්ෂයේදී ඉන්දියානු රුපියල් කෝටි සියයක ආදායමක් හිමිකරගත් පළමු මලයාලම් චිත්‍රපටය ලෙස මෙය සඳහන් වෙනවා. එය එසේ නම්, එදා මෙදා තුර මලයාලම් සිනමා ඉතිහාසයේ ඉන්දියානු රුපියල් කෝටි සියය ඉක්මවූ දෙවන මලයාලම් සිනමා සිත්තම ලෙස මෙය ඉතිහාසගත වනු ඇති.

මෙතරම් කාලයක් තුල, ක්‍රියාදාම ජවනිකා සඳහා එතරම් රුචියක් නොදැක්වූ මලයාලම් සිනමාව, දමිළ සිනමාවේ පතාක යෝධයෙකු වන Arya ගේ සම්ප්‍රාප්තියත් සමගින් වෙනස්ම අන්දමේ ක්‍රියාදාම සහිත චිත්‍රපට කලාවක් සඳහා මෙම චිත්‍රපටය තුලින් මුල පුරනු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම, ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිත දෙකක් එකිනෙකා ඝට්ටනය කරමින්, ප්‍රේක්ෂකයා හට උපරිම රසවින්දනයක් මෙම චිත්‍රපටය තුලින් ලබාදීමට ගත් උත්සාහය අතිශයින්ම සාර්ථක වී තිබෙනවා. එදා මෙදා තුර දමිළ සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් වන Dhuruvangal Pathinaaru (2016) බොහෝ විට ඔබ නරඹන්න ඇති. ඒ හා නොදෙවෙනිව, අවසාන මොහොත දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයේ උච්චතම ස්ථානයේ රඳවා ගැනීමට සමත් කම් දක්වමින්, අවසාන නිමේෂයේදී ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින් සමස්ත කතාවම උඩි යටිකුරු කරන්නා වූ, මලයාලම් සිනමාවේ නූතන හැරවුම් ලක්ෂ්‍ය ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි මෙම සලරුව නැරඹීමට ඔබ සැමට කෙරෙන්නා වූ සුහද ආරාධනයත් සමගින්, යලිත් හමුවන තුරාවට සමුගෙන යෑමට අවසරයි.


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | ESub | 522MB | 

Direct Download

| DVDRIP | x264 | ESub | 700MB | 

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Great Father (2017) | අමානුෂික තිරිසනෙකුට එරෙහිව තම දියණිය වෙනුවෙන් යුධ වැදුණු ආදරණීය පියෙක්!

  • tnx lot sahoo link dunnata

    Reply
  • Ko film eka gana warnana kalata download karanna giyama userdrive eke film wka not found ne..ikmnta aluth link ekak dnna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *