The Goldfinch (2019) | මව් සෙනෙහස අහිමි ගිය පුතෙකුට අත්වූ ඉරණම.

සිතුවමෙන් නවකතාවටත්, නවකතාවෙන් සිනමාපටයටත් නිර්මාණය වුන The Goldfinch සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13 වැනිදා. Brooklyn (2015) සිනමාපටයෙ අධ්‍යක්ෂක John Crowley විසින් තමයි The Goldfinch සිනමාපටය අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ. Tinker Tailor Soldier Spy (2011) සිනමාපටයෙ තිර රචකයෙකු ලෙස කටයුතු කල Peter Straughan වගේම The Goldfinch නවකතාවේ අයිතිකාරිය වන Donna Tartt දෙදෙනාගෙ එකතුවෙන් තමයි මේ සිනමාපටයෙ තිර රචනය සිදු වෙලා තියෙන්නෙ. IMDb දර්ශකයේ 6.3 ක අගයක් හිමි කරගත් මෙහි ප්‍රධාන රන්ගනයෙන් Sarah Paulson (Bird Box), Nicole Kidman (Aquaman), Finn Wolfhard (Stranger Things), Jeffrey Wright (Westworld) වගෙ ප්‍රසිද්ධ නළු/නිලියන් බොහොමයක් දෙනෙක් රංගනයෙන් එක් වී තියෙනවා. ඒවගේම පැය 02, විනාඩි 29 ක් පුරාවටම ධාවනය වන මෙම සිනමාපටය Drama වර්ගීකරණය නියෝජනය කරනවා.

තියොඩෝර් ඩෙකර් (තියො) කියන්නෙ වයස අවුරුදු 13 දී තමන්ගේ අම්මව ඇස් පනා පිටම බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා මැරෙනවා දකින්න සිද්දවුන පොඩි පිරිමි ළමයෙක්. මේ දෙන්නා නිව් යෝ(ර්)ක්වල පිහිටලා තියෙන මෙට්‍රෝපොලිශියන් නම් කලා කෞතුකාගාරයෙ ඉද්දි තමයි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට හසු වෙන්නෙ. බෝම්බ ප්‍රහාරයෙන් තියොගෙ අම්මා මැරෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තියො එතනින් පිටවෙලා යන්න කලින් එතන තිබුණු The Goldfinch සිතුවම අරන් ගිහින් එයාලගෙ නැවතුම්පලෙ හංගනවා. පොඩි කාලෙදිම තියොගෙ තාත්තා එයාලගෙ පවුල අතහැරලා යනවා. අම්මත් නැති වුනාට පස්සෙ තියො තනිවෙන නිසා එයාව එයාගෙ පංතියේ හිටිය ඇන්ඩිගෙ පවුලේ අයට තාවකාලිකව රැකබලාගන්න බාර කරනවා. ඉතින් තියොට අවස්ථාව ලැබෙනවා මිතුදම් අලුත් කරගන්න වගේම ඇන්ඩි පවුල යටතේ හොද ආදරයක් ලබන්නත්. විශේෂයෙන්ම ඇන්ඩිගෙ අම්මා සමන්තා. එයා තමයි කාත් කවුරුත් නැති තියො ගැන හොදට හොයලා බැලුවේ වගේම ආදරය කලේ. විශේෂයෙන්ම තියොට ඒ ගෙදර තියෙන ඇන්ටික් භාණ්ඩ ගැන වගේම සිතුවම් ගැන තියෙන ලොකු කැමැත්ත දැක්කෙත්, තියොව ධෛර්යමත් කලේ සමන්තා.

එදා බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා කලා කෞතුකාගාරයෙන් පිටවෙලා යද්දී එයාට වෙල්ටි බ්ලැක්වෙල් කියලා මනුස්සයෙක් කතා කරලා මුද්දක් දීලා කියනවා හරි කෙනාට බාර දෙන්න කියලා. වෙල්ටි බ්ලැක්වෙල් කියන්නෙ ජේම්ස් හෝබි කියලා කෙනෙක් එක්ක හුගාක් ලොකු වටිනාකමක් තියෙන භාණ්ඩ විකුණන තැනක් පවත්වන් ගියපු දෙන්නෙක්. එදා ප්‍රහාරය සිද්දවෙන වෙලාවෙදි තියො වගේම එයාගෙ අම්මට එහා පැත්තෙ ඉදන් වෙල්ටි වගේම ඔහුගේ මිනිබිරිය “පිපා” කියන දෙන්නත් එතන ඉදන් The Goldfinch සිතුවම දිහා බලන් හිටියා. වෙල්ටි මැරුනත් පිපාට සෑහෙන බරපතල තුවාල වෙලා ජිවිතේ බේරනවා. මුද්ද බාර දෙන්න යන තියොට පිපාවත් මුණගැහෙනවා. අම්මා නැතත් සෑහෙන දෙනෙකුගේ ආදරයක් ලබන්න කට්ටිය හිටියත් හදිසියේම වගේ සෑහෙන කාලෙකට කලින් පවුල දාලා ගිය තියොගෙ තාත්තා එනවා තවත් ගෑණු කෙනෙක් එක්ක තියොව එක්කන් යන්න. බැලු බැල්මට පේන්නෙ එන්නෙ තියොට තියෙන ආදරේට කියලා. හැබැයි එක මොහොතකදී දැනගන්න ලැබෙයි එයාගෙ තාත්තා ඇත්තටම ඇවිත් තියෙන්නෙ මොකටද කියලා. කොටින්ම නිව් යෝ(ර්)ක් අතහැරලා එයාගෙ තාත්තා ජිවත් වෙන කාන්තාර ප්‍රදේශයට යන තියො ඇල්කොහොල්, සිගරට් වගේම කුඩු වලටත් ඇබ්බැහි වෙනවා.

හැබැයි ඉතින් සමහර වෙලාවට ජීවිතේ වෙනස් වෙන්නෙ අපි නොහිතන විදිහට. ඒ විදිහෙ දෙයක් තමයි තියොටත් වෙන්නෙ. තවත් කියන්න යන්නෙ නැහැ. කතාව බලලම තීරණය කරන්න, තාමත් ගන්නවදෝ නැද්ද කියලා දෙගිඩියාවෙන් නම් ඉන්නෙ පහල තියෙන සිංහල උපසිරැසි ගැන්වූ පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්න.

එහෙනම් ඉතින් තවත් මෙවැනිම අපූරු සිනමාපටයක උපසිරැසියක් අරන් ලබන වසරේදී මුණගැහෙන්නම්. සුභ දවසක් හැමෝටම. ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 900MB |

| Bluray | x264 | 720p | 1.3GB | YTS 

Direct Download

| Bluray | x264 | 720p | 900MB |

| Bluray | x264 | 1080p | 1.3GB | YTS

x265

| Bluray | x265 | 720p | 917MB |  PSA

| WEB | x265 | 1080p | 991MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Goldfinch (2019) | මව් සෙනෙහස අහිමි ගිය පුතෙකුට අත්වූ ඉරණම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *