The Gifted [S02 : E16] | සටනක අවසානය!

ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු.

මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි ආපහු තමන්ගෙ පවුල් ලගට ආවා, ඒත් එක්කම ඉනර් සර්කල් එක මෙයාලව මරන්න තීරණය කරනවා, මොකද මේ දෙන්නා තමයි රීවගෙ සැලසුමේ ප්‍රධානම චරිත දෙක වුනේ. ඔය හේතුවක් එක්කම රීවගෙ සැලැස්මෙ ඊලග අදියර විදිහට මෝලොක්ලට පහර දෙන්න පියුරිෆයර් කණ්ඩායමක් යවනවා උමං ඇතුලට. එතනදි පියුරිෆයර්ලගෙ වගේම මෝලොක්ලගෙත් කට්ටිය අහිමි වෙනවා. වෙන ලොකුම සිද්දිය තමයි ක්ලැරිස්ගෙ මරණය? ක්ලැරිස්ගෙ මරණයත් එක්කම ජෝන් ලොකු තරහකින් ඉන්නවා ජේස් ටර්නර් එක්ක වගේම මෝලොක්ලා එක්ක. හැබැයි කාටත් වඩා ටර්නර් එක්ක. මොකද ටර්නර් තමා ක්ලැරිස්ට වෙඩි තියන්නෙ.

මේ වෙනකොට ජෝන් ඉන්නෙ කිසිම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි, මෙයා තමන්ගෙ බලයන් පාවිච්චි කරන හැම වෙලාවකම පේන්නෙ ක්ලැරිස් විතරයි. ඊලග ප්‍රශ්නෙ උනේ ඇයි රීවා මෝලොක්ලව උමං වලින් පැන්නුවෙ කියන එක. ඒකට හේතුව සෙන්ටිනල් සර්විස් ගොඩනැගිල්ලට සහා කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන්න මෙයාලා උමං පාවිච්චි කරන්න සැලසුම් කරගෙන ඉදීම. කොහොම නුමුත් මෙයාලට මේ සැලැස්මට අනිවාර්යයෙන්ම ලෝරන් සහා ඇන්ඩිව ඕන වෙනවා. ඉතිං අපි බලමු රීවගෙ සැලැස්ම කොච්චර දුරකට සාර්ථක වේවිද, නැත්නම් වෙන දෙයක් වේවිද, කාගෙ කාගෙ ජීවිත අහිමි වෙයිද කියලා.

එහෙනම් ඉතිං මිනිස්-විපරීත ගැටුම්, විපරීත-විපරීත ගැටුමක් බවට හැරිලා ඒ ගැටුමෙ උච්චතම අවස්ථාව අද කොටසින් දැක බලාගන්න පුළුවන්. ඒ වගේම කතාව ඉවර වෙන විදිහට නම් 3 වෙනි කතා සමයකට ඉඩ තියලා තමයි නිමාව සනිටුහන් කරන්නෙ. හැබැයි තාම නිළ වශයෙන් 3 වෙනි කතා සමයක් පිළිබඳව දැනුම් දීලා නැහැ.

ඒත් එක්කම මුල් කොටස් ටිකට වගේම මට බැරිවුන වෙලාවෙ සබ් එක කරලා දුන්න චාමර සම්පත් සහෝටත්, උදයංග සම්පත් සහෝටත් ස්තූති කරන ගමන් මම සමු ගන්නවා. ආයෙ ඉතිං හම්බවුනොත් marvel agents of shield, season 6 තුලින් තමා(ඒකත් සුවර් නෑ?). අදවත් කමෙන්ට් එකක් දාන් යමල්ලා.?

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

         

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

      | WEBRip | x264 | TBS | 347MB |    

Direct Download

          | WEBRip | x264 | TBS | 347MB |           

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!