The Flash [S03 : E19] | අනාගතය අදයි … . .
ඉතින් කලින් කොටස නම් ගොඩක් අය පුදුම වුන ආසා කරපු අපි නොහිතපු දේවල් වුන කොටසක් වුනානේ. ඒ මොකද කොමික් කතා පොත්වල ඉන්න දුෂ්ඨයන්ගේ ලිස්ට් එකෙන් පිට දුෂ්ඨයෙක් තමයි අපිට ගිය සතියේ දකින්න ලැබුනේ. ඒ වගේම වැදගත් දෙය තමයි ගිය සතියේ කොටසේ ඉදන් තමයි සැවටාර් නවත්වන්න ෆ්ලැෂ් ටිම් එක පළවෙනි පියවර ගත්තේ. ඉතින් ඉස්සරහට තියෙන කොටස් වලදි මොනවා වෙයිද කියලා තවම හිතාගන්න නම් බෑ.
ඇත්තටම මම අබ්‍ර කඩාබ්‍රා කියන දුෂ්ඨයාට ආසයි. කොහොම වුනත් එයා කතාවේ පෙනි ඉන්න එකම සහ අන්තිම කොටස මේක වෙන්න පුලුවන්, ඒත් එයා ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එක සෙල්ලම් දාපු විදිය නම් බලන්න ආසයි. අනික සැවටාර් ගැන පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්නත් එයා උදව් වුනානේ. මං හිතන්නේ ගොඩක් අය කතාව මැදදි හිතන්න ඇති සැවටාර්ගේ නම දැනගන්න එයාලා අබ්‍ර කඩාබ්‍රාට බේරිලා යන්න දෙයි කියලා. හැබැයි ඉතින් එහෙම වුනේ නැනේ. අනික මට වුනත් පුදුම හිතුනා ඇයි එහෙම දෙයක් කලේ නැත්තේ කියලා. මොකද සාමාන්‍යයෙන් කතාවක එහෙම දේවල්නේ වෙන්නේ. හැබැයි ඉතින් බලන ප්‍රේක්ෂකයා මුලා කරන්න කරපු හොද උත්සහයක් විදියට ඒක කියන්න පුලුවන්.
ඒ වගේම කියන්නම ඕනි කලින් කොටසේදි එක එක චරිත වල රගපෑම ගැනත් මතක් කරන්නම ඕනි. මොකද හැම චරිතයක් වගේම එයාලට අවශ්‍ය දේ වෙනුවෙන් සටන් කලා වගේම සාධාරණය වෙනුවෙනුත් පෙනී සිටියා. මට හිතෙන විදියට හැම චරිතයකටම මේ කොටසේ එක සුන්දර අවස්ථාවක් හරි තිබුනා. ජෝ අයරිස් අතරේ ඒ වගේ අවස්ථා ගොඩක් අපිට දකින්න ලැබුනා වගේම ඒ චරිතය කරපු නළුවොත් ඒ අවස්ථාවට සාධාරණයක් ඉෂ්ඨ කලා කියන්න පුලුවන්. මම හිතන්නේ සිස්කෝ හිටපු අවසාන කොටස ගොඩක් හැගිම් බර වුනා, මොකද ඒ වගේ අවස්ථාවක් අපි එයාගෙන් ගොඩක් කාලෙකින් දකින්න ලැබුනේ නෑ.
ඉතින් කතාවේ අනාගතය ගැන බලද්දි, මේ සතියේ කොටසේ මොනවා වෙයිද කියලා හැමෝම ගොඩක් කුතුහලයෙන් බලාගෙන ඉන්නවා ඇති. අනික මේ සිසන් එකේදි අපිට වැඩිය ෆ්ලැෂ් ඇරෝ සමගාමි කොටසක් දකින්න ලැබුනොත් නෑ. ඉතින් ඇරෝ කතාවේ ඇරෝට අදුරු අතිතයක් ලබලා තියෙන වෙලාවේ අනාගතයට යන ෆ්ලෑෂ්ට එයාගේ අනාගතය කොයි වගේ දකින්න ලැබෙයිද කියලා අපිට මේ කොටසේදි බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම අපිට කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ සිද්ධිත් ගොඩක් බලාගන්න ලැබේවි. ඒකට නම් ගොඩක් දෙනා කැමති වෙයි. මොකද කිලර් ෆ්‍රොස්ට් සම්බන්ධ වුන කොටස් ත්‍රාස්‍ය භීතිය පිරුණු කොටස් වුනානේ. ඒ වගේම කියන්න ඕනි අපි තවම සැවටාර් කවුද කියන එක දන්නේ නෑ. මේ යන විදියට ඒ කවුද කියලා හිතාගන්න එක ගොඩක් අමාරු දෙයක්. සමහර විට අපිට ඒ කවුද කියලා අන්තිම කොටස් වෙනකන් දැනගන්න ලැබෙන්නේ නැතිවේවි. ඉතින් බෙරීගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමු… . . ^_^
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 180MB |
5560DDE74628F2F620C1D6A7D3C2C05610E508D5
| HDTV | x264 | LOL | 260MB |
3CE7738D93A8B46F19B95971A7D0894EAE137454
| HDTV | x264 | 720p | 950MB |
2A4CF1C5908D09ECD6ADC28274A950F8DCD71018
| HDTV | x265 | 720p | 120MB |
E41C5601B6273BD5579A4823E3FE2E04C28CE60E
Thank you very much bro………….
meke sub koheda thiyenne
Baiscopelk.com එකේ තියනව සහෝ….
thanks
thanks brooo…