The Curse of Sleeping Beauty (2016) | නිදියන සුන්දරියගේ ශාපය

ඔන්න ඉතින් මන් මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආව.මේකනම් කොහොමහරි ඉක්මනට ටයිප් කරල ඉවර කරන්න පුලුවන් උනා. වටෙන් පිටෙන් කරදර ආවෙත් නැති නිසා වැඩේ කොහොමත් ඉක්මන් උනා .හැබැයි ඉතින් මේකෙත් අඩුපාඩුනම් ඇති .කොහොමහරි හරි අවුලක් නැතුව කතාව තේරුම් ගන්න නම් ඇතිවෙයි කියල හිතනව. මේක Part Horror, Part Dark Fantasy, Part Supernatural Love Story වගේම Part Haunted House Movie එකක් විදිහට ගන්න පුලුවන් ෆිල්ම් එකක් .මේකේ වෙන්නෙ ජේකබ් කයිසර් කියල තරුණ කොල්ලෙකුට එයාගෙ අභිරහස් මාමගෙන් ලැබෙන දේපලක් හා ඒකෙ දේවල් නිසා මෙයාට මුහුන දෙන්න වෙන දේවල්. මේක හොරර් ටයිප් එකට වැටුනට මේකෙ එහෙම ගොඩක් ලොකු බයානක සීන් නෑ .කතාව එක දිගට බැලුවොත් ඒකෙ අමුතුම ලස්සනක් තියෙනව. ඒකයි මට මේ ෆිල්ම් එකට සිංහල සබ් එකක් කරන්න හිතුනෙ. ඇත්තෙන්ම මේ ෆිල්ම් එක බලන්න කලින් මම දැනගෙන හිටියෙ නෑ මේක හොරර් ටයිප් එකටත් වැටෙනව කියල.මොකද මන් ඒ ටයිප් එකෙ ෆිල්ම් බලන්නෙම නෑ.බයටත් වඩා මගේ එච්චර කැමැත්තක් නෑ. කොහොමත් ඉතින් එක එක්කෙනාගෙ ආසාවල් වෙනස්නෙ.ඔන්න ඉතින් මේ ටයිප් එකට කැමති කට්ටියට හොද ෆිල්ම් එකක් මේක.

මේක 2016 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pearry Reginald Teo විසින්. ඒවගේම මේකෙ කතාව ලියල තියෙන්නෙPearry Reginald Teo වගේම Josh Nadlerදෙන්න එකතුවෙලා. ඒවගේම මේක පාදක වෙලා තියෙන්නෙ Everette Hartsoeකියන කෙනාගෙ චිත්‍රකතා පොතක් පාදක කරගෙන. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ4.3 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව.පැය එකයි මිනිත්තු විසිනවයක කාලයකට මෙම සිනමා පටය දිවෙයි.Ethan Peck මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරනව. මෙහි ලින්ඩා චරිතය නිරූපණය කරන්නෙ Natalie Hall විසින් වන අතර India Eisley විසින් බ්‍රයර් රෝස් චරිතය නිරූපණය කරනව. ඒවගේම අපිට මේකෙ කොටසක යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන කෙනෙකුත් හම්බවෙනව. ඒ චරිතයට පනපොවන්නෙ Bruce Davison කියන ප්‍රසිද්ධ නළු චරිතය.මොහු බොහෝමයක් ජනප්‍රිය චිත්‍රපටවල චරිත නිරූපනයට දායක වෙලා තියෙනව.ඒවගේම මොහුගෙ රංගනය ඉතාමත් සිත් ඇදගන්නා සුලු වෙනව.

මේකෙදි මේ කයිසර් තරුණයට මේ දේපල ලැබෙන්න කලින් ඉදන්ම එක්තරා හීනක් පෙනෙන්න අරගෙන තියෙනව. ඒකෙ එක නිදාගෙන ඉන්න සුන්දරියක් ඉන්නව.ඒවගේම එයාට ජේකබ්ගෙ තියෙන බැදීම මොකක්ද? ඒ සුන්දරිය කවුද? මේ දේපල මොකක්ද? ඒවට උත්තර කතාව බලලම හොයාගන්නකො. ඒව තමා තවත් උපසිරැසියක් කරන්න ශක්තියක් වෙන්නෙ.එහෙනම් සබ් එක බාල බලන්නකො. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය…!!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 |  720p  | 755MB |

2cc44669a8a25a87fe8bf59b3c95d5453b0fb555

Direct Download

| WEBRIP | x264 |720p| 755MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Curse of Sleeping Beauty (2016) | නිදියන සුන්දරියගේ ශාපය

  • April 6, 2018 at 00:52
    Permalink

    Sub eka hariyata play wenne na

    Reply
  • April 6, 2018 at 00:53
    Permalink

    Sub ekata adaala torrent file eka delete karala

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!