The Brave [S01 : E12] | තරුණ හැකර්…!!
ඔන්න එහෙනම් බ්‍රේව් කථාමාලාවේ තවත් කොටසක උපසිරසත් අරගෙන ආවා ඔයාලා දන්නවනෙ මේක සුපිරි ගණයේ මිලටරි කථාවක් කියලා ඒවගේම මේකට imdb දර්ශකයේ 7.4 අගයක් හිමිවෙලා තියෙනවා ..
එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලල ඉමු .. අද දවසේදි ඔවුන්ට පැවරෙන්නෙ ඇමරිකාවට අයත් අධිබැලැති සබ්මෑරින අතුරුදන් වීමක් ගැන සොයන්න .. ඔවුන් සොයා ගෙන යද්දි .. ඔවුන් ගේ බුද්ධි අංශ වලට දැනගැනීමට ලැබෙනවා , ඔවුන්ගේ සබ්මෑරින හැක් කිරිමකට ලක් වෙලා කියලා හොඳම වැඩේ වෙන්නෙ සබ්මෑරින හැක් කරලා තියෙන්නෙ තරුණ කෙල්ලක් විසින් ඇය සිටින්නෙ තුර්කියේ ඩල්ටන් ඇතුළු පිරිස ඇයව අල්ලා ගැනිමේ බලාපොරොත්තුවවෙන් තුර්කිය බලා පිටහ් වෙනවා , ඒ වෙන විටත් වෙරිනා අර මම කලින් කියපු තරුණ හැකර් සහා ඇයගේ පියා නිවසින් පැන යන්න සුදානමින් ඉන්නෙ .. හදිසියේම ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා ඒකෙන් ඇයගේ පියා මිය යනවා , වෙරිනා නිවසින් පැන යනවා , ඇයගේ යෙහෙලිය ඇස්මා හමුවෙන්න ඇය යන්නෙ කෝෆි සොප් එකකට .. එහිදි නාඳුනන කණ්ඩායමක් විසින් වෙරිනාව පැහැරගෙන යනු ලබනවා ඒවගේම ඔවුන් කිසිම සාක්ෂියක් ඉතිර කර යන්නෙත් නැහැ , ඩල්ටන් ඇතුලු කණ්ඩායම ඒ ගැන ඇස්මාගෙන් ප්‍රශ්න කලාට ඇය සොයා ගැනිමට උදව්වක් වන විදිහේ කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නෙ නැහැ ඔය අතර තුර ඇමරිකාවට අයත් තවත් සබ්මැරිනයක් අතුරුදන් වෙනව .. ඒවගේම ඩල්ටන් ඇතුළු කණ්ඩායම විසින් විශේෂිත පුද්ගලයෙක් රඳවාගෙන ඉන්නවා .. ඒ කවුද ?? ඩල්ටන් ඇතුළු කණ්ඩායමට වෙරිනාව හොයාගන්න පුළුවන් වේවිද ??එහෙනම් ඒක ඔයාලම මේක බලල දැන්ගන්නකෝ ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.