The Bouncer (2018) Aka Lukas | ආරක්ශකයා…

ඉතින් මේ අවුරුද්දේ නිකුත් උන තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අරං තමා මම අද ආවේ. මේ චිත්‍රපටය නම් දෙකකින් හැදින්වෙනවා. මේකේ ප්‍රදාන චරිතයට පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නලු Van Damme. ඇත්තෙන්ම කිව්වොත් මෙයාටත් දැන් ජැකී චෑන් ට වගේම ගොඩක් වයසයි. හැබැයි හැකියාවන් නම් තාමත් එහෙම්මම තියෙනවා. චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්…..

විනාඩි 94 ක් පුරා දිව යන මේ සිනමා පටය අයත් වන්නේ Action,Drama යන කාන්ඩ වලටයි. 6.2 ක imdb අගයක් මේ සිනමා පටයට ලැබිලා තියෙනවා. 2018 අගෝස්තු 22 තමා මුලින්ම චිත්‍රපටය තිරගත උනේ. මේකේ දෙබස් වලින් වැඩි ප්‍රමානයක් තියෙන්නේ ප්‍රංශ බාශාවෙන්… ඒ නිසා තාමත් මේකට හරියටම ගැලපෙන ඉන්ග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා සමහර තැන් වල අඩුපාඩු ඇති…

පසුබිම් කතාව….
මේකේ ප්‍රදාන චරිතය තමා ලූකා කියන්නේ…එයා අප්‍රිකාවේ අංග ආරක්ශකයෙක් විදිහට සේවය කරන අතරේ හොරු කට්ටියක් අතින් ලූකාගේ බිරිද මැරුම් කනවා….ඒක ඇත්තටම වෙන්නේ හොරු කල්ලියක් ලූකගේ බිරිදගේ කාර්එක් හොරකම් කරන්න හදනවා. එතනදි වෙන දෙයක් නිසා හොරු ලූකගේ බිරිදව මරනවා.. අන්තිමට ලූකා අවුරුදු 9 වයසැති එයාගේ පුංචි දුවත් එක්ක මේ ලෝකේ තනි වෙනවා…දුවගේ ආරක්ශාව ගැන හිතලා එයා ඒ රට දාලා වෙන රටකට යනවා. ඊට පස්සේ එයාට රාත්‍රීසමාජශාලාවක ආරක්ශක රස්සාවක් ලැබෙනවා. එතනදි ඇතිවන අනතුරකින් මනුස්සයෙක් මැරෙනවා. හැබැයි හැමෝම හිතන්නේ ලූකා ඒ මනුස්සයව මැරුවා කියලා. හැබැයි එතන එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. කොහොමහරි ලූකාට එතන රස්සාවත් නැති වෙනවා. ඊට පස්සේ ආයෙමත් මෙයාට මංකොල්ලකාරයෝ කට්ටියකට අයිති සමාජශාලාවක රස්සාවක් ලැබෙනවා. ඔය අතරෙදි අර කලින් සමාජ ශාලාවේ මැරුනු කෙනා ගැන හොයාගෙන පොලීසියෙන් ලූකගේ පස්සෙන් එනවා. එයාලා එන්නේ යෝජනාවකුත් අරගෙනමයි. පොලිසියට ඔත්තුවක් ලැබෙනවා ලූකා දැන් වැඩ කරන සමාජශාලාව අයිති මංකොල්ලකාරයෝ ලොකු මංකොල්ලයක් කරන්න හදනවා කියලා. ඉතින් එයාලා ලූකගෙන් උදව් ඉල්ලනව එයාලට ඇතුලේ ඉදන් ඔත්තු සපයන්න කියලා. නැත්තම් ලූකව අර මනුස්සයා මරපු එකේ වැරැද්දට හිරේ යවලා එයාගේ දුවව වෙන පවුලකට අරං හදාගන්න දෙනවා කියලා තර්ජනය කරනවා. ලූකට වෙන කරන්න දෙයක් නැති කමට ඒකට එකග වෙනවා. අපි බලමු එහෙනම් ලූකට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා පොලිසියටත් උදව් කරලා තමන්ගේ දුවවත් බේරගන්න පුලුවන් වෙයිද කියලා…..

නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය…..


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEBRip | x264 | 720p | 750MB |

Direct Download

|  WEBRip | x264 | 480p | 370MB |

|  WEBRip | x264 | 720p | 790MB |

|  WEBRip | x264 | 1080p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.