Tera Intezaar (2017) | මරණය ගෙනෙන පින්තූර..

මම මේ සැරෙත් අරන් ආවේ හින්දි චිත්‍රපටියකට උපසිරසියක්. මම දිගටම සබ් දුන්නෙ Comedyගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horrorචිත්‍රපටියකටත්, කාන්ත සොහොයුරා කරපු ඉල්ලිම නිසා Drama ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ Romance ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකට උපසිරසියක්. වෙනදා වගේම ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට සබ් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හත්වෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන ආවේ Tera Intezaar (2017) කියන චිත්‍රපටියයි. 1 December 2017 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ.

1h 48min ක ධාවන කාලයක් සහිත මේ සිනමා පටය IMDB අගය අතින් 1.8ක් වගේ අඩු අගයක් තමයි ලබා ගෙන තියෙන්නෙ.මාත් ඉතින් Sunny අක්කා ඉන්න හින්දා තමයි ගත්තේ.?? මේ සිනමා පටය Romance, Thriller ඛාණ්ඩයට වර්ග කරලා තියෙනව. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Raajeev Walia ගෙන්ද, කතාව Anwarullah Khan ගෙන්ද සිදු වී ඇත. මෙහි රංගනයෙන් දායක වෙන්නෙArbaaz Khan, Sunny Leone, Salil Ankola, Bhani Singh, Arya Babbar, Sudha Chandran යන අයයි.

කතාව පැත්තට හැරුනොත් රෝනක් සිහිය නැතුව බිම ඇදන් වැටිලා ඉන්න තැනින් තමයි කතාව පටන් ගන්නෙ. මෙයාගෙ පෙම්වතාවත් අතුරුදහන් වෙලා. ඊට පස්සෙ මෙයා මෙයාගෙ පෙම්වතා වෙන වීර්ව හැමතැනම හොයනවා. ඒත් එක්කම මෙයාගෙ ව්‍යාපාරික හවුල් කරුවන් වෙන බොබී, වික්‍රම්, ජනසීන්, අරීනා යන හතර දෙනාවත් අතුරුදහන් වෙනවා. ඒකට හේතුව වීර් ඇඳපු පින්තූර. එතනින් එහාට මම කියන්න යන්නෙ නෑ. පින්තූර වලින් කොහොමද මිනිස්සු අතුරුදහන් වෙන්නෙ, වීර්ගෙ පින්තූර වලටත් මේ අතුරුදහන්වීම් වලටත් ඇති සම්බන්ධෙ මොකක්ද කියලා ඔයාලා මේ චිත්‍රපටිය අරගෙන බලලම තේරුම් ගන්න. මේකෙ Sunny අක්කා හිටියට මට පෙනුන විදියට නම් (18+) දේවල් මේකෙ නෑ.ආයෙත් චිත්‍රපටියකින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 720p | 836MB |

Direct Download

| HDRIP | x264 | 480P | 343MB |

| HDRIP | x264 | 720P | 866MB |

| HDRIP | x264 | 720P | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!