Tanki (2018) AKA Tanks | ස්ටාලින්ට යුද ටැංකියක්…[Bluray Update]
සුබ දවසක් හැමෝටම ඉක්මනටම තවත් සලරුවක් අරගෙන අවා මුලින්ම අපේ හසන්ත අයියට ස්තුතියි කියන්න ඕනේ ඉල්ලපු සැනින් ෆිල්ම් එක වෙන්කරලා දීම සම්බන්දයෙන්. මේ චිත්‍රපටය රුසියානු චිත්‍රපටයක් කතාවට පාදක වෙලා තියෙන සිදුවීමනම් හැබයි සත්‍ය කතාවක් ඒ T -34 යුද ටැංකියේ සත්‍ය කතාව. මුලින්ම කියන්නම්කො මේ චිත්‍ර පටයේ ප්‍රචාරණ කටයුතු ටික ගැනයි චිත්‍ර පටය ගැනයි ටිකක් විස්තර. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Druzhinin රුසියානු ජාතික අධ්‍යක්ෂක වරයා ඒවගේම මේ සඳහා රංගනයෙන් Sergey Chetvertkov, Anton Filipenko, Nikolay Gorshkov යන රුසියානු රංගන ශිල්පින් දායකත්වය ලාබදෙනවා. 26 April 2018 දින ලොව පුරා තරගත වීම ආරම්භ කල මෙම ෆිල්ම් එක20th Century Fox ආයතනයේ නිෂ්පාදනයක් IMDb දර්ශකයේ 4.8 සෙල සඳහන් වන මෙහි ඇස්තමේන්තු ගත Box Office අදායම RUR 140,000,000 සඳහන් වෙනවා.
දැන් කියන්නම් මේ ෆිල්ම් එකේ සිද්දියට පාදක උන ඉතිහාස කතාව අපි හැමෝම දන්නවා දෙවන ලෝක යුධ සමයේ ජර්මානු නාසි හමුදාව ප්‍රබල තත්වයක පැවතුන බව ඔවුන්ගේ අවි ආයුද වලට මුහුණ දීමද සැහෙන්න අපහසු කාර්යක් වූ බව. රුසියාව දෙවන ලෝක යුද්දයට සම්බන්ඳ වීමත් සමග තමයි මේ කතාව පටන් ගන්නේ 1940 දී රුසියාව නියැදි යුද ටැංකි පරීක්ෂණයක් පවත්වනවා නාසි හමුදාවට විරුද්ධව බාවිතා කිරීම සඳහා මොකද එවකට පවතී රුසියානු යුද ටැංකි වලට දුර්වලතා හේතුවෙන්. මේ සඳහා එවකට රුසියානු සමුහ ආණ්ඩුව සතුව පවතී Ukraine වල Kharkov ප්‍රදේශයේ Kharkiv Morozov Machine Building Design Bureau සමගම විසින් T -34 යුද ටැංකිය නිෂ්පාදනය කරනු ලබනවා.
මේ යුද ටැංකි Kharkov සිට මොස්කවූ දක්වා ගෙන ඒමේ චාරිකාව ගැන තමයි මුළු චිත්‍රපටය පුරාම විහිදෙන්නේ. T -34 යුද ටැංකිය නිෂ්පාදනය කිරීමේ ගෞරවය එවකට කර්මාන්ත ශාලාවේ සේවය කල සහ යුද ටැංකි නිර්මාණය කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කල ඉංජිනේරු Mikhail Ilyich Koshkin හට හස ඔහුට සහය ලබාදුන්Alexander Alexandrovich Morozov හට හිමි වන අතර . රුසියානු සමුහ ආණ්ඩුව වෙනුවෙන් ඔවුන් කල සේවය ඇගයීම පිණිස ඔවුන් දෙදෙනා නමින් සමරු මුද්දරයක් සහ සමරු කාඩ්පතක් නිකුත් විය. 1942 වසරේදී Mikhail Ilyich Koshkin හට State Stalin Prize සහ 1990 වසරේදී Order of the Red Star යන පදක්කම් පිරි නමන ලදී.




1940 නිෂ්පාදනය කරන ලද රුසියානු සමුහ ආණ්ඩුවේ තාක්ෂණය ලොවටම විදහා දක්වපු නියැදි පරීක්ෂණය සඳහා මොස්කවූ දක්වා කිලෝමීටර් 700 කිසිම ආදාරක ප්‍රවාහන ක්‍රමයක් නොමැතිව පැමිණි T-34 මුල් ආකෘති යුද ටැංකිය. දැනට Musée des Blindés කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

1945 දෙවන ලෝක යුද්දය අවසාන කිරීමට මෙම අද්විතීය රුසියානු නිර්මාණය ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදී. මෙම යුද ටැංකිය ජර්මානු හමුදාවට හිසරදයක් බදු විය මක් නිසාදයත් මෙහි තිබු අද්විතීය සන්නාහක බලය නිසාවෙනි. මිලිමීටර් 37 සහ මිලිමීටර් 55 යන යුද ටැංකි නාශක ආයුද වලටද විනාශ කිරීමට නොහැකි තරම් ප්‍රබල විය. T -34 යුද ටැංකියේ විශේෂත්වය නිසාවෙන්ම ජෝසප් ස්ටලින් විසින් එවකට මෙය ස්ටලින් ගේ ටුද ටැංකිය ලෙස නම් කල ලදී. අදවන විට මෙම යුද ටැංකියේ විශේෂ ගණනාවක්ව දක්නට ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බලකායේ ප්‍රබලතම සහ ප්‍රදානම රථය බවටද මෙය පත් වි අවසන් ය.
යුද ටැංකියේ ඉතිහාසය ගැන නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න චිත්‍රපටයට අදාල ටික සරලව කිවුව ඉතින් චිත්‍රපටිය ඔයාලට බාරයි නැවත අලුත් සලරුවකින් හමුවෙමු
ජය.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 1.4GB |
Direct Download
| Bluray | 720p | x265 | 760MB |
| Bluray | 1080p | x265 | 2.1GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
720p openload links nedda?