Supernatural [S15 : E07] | සමිදාණන් දුර්වලද?!!

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හත්වෙනි කොටස. මේ කොටස නම් ටිකක් පරක්කු උනා. ඊයේ හුගක් පරක්කු උනා සබ් එක එනකොටත්, ඊටත් වඩා කාර්‍යබහුල උනා ටිකක්, ඒ නිසා ඊයෙම ඉවරයක් කරගන්න බැරි වුනා. කෝමහරි ඔන්න අද උදෙ වරුව ඇතුලත ගෙනවා, අමනාපයක් හිතන එකක් නෑ මං හිතන්නේ ඒ ගැන. බලමු එහෙනම් කතාව ගැන.

පසුගිය කොටසින්

කලින් කොටසෙදි අපිට කලින් සීසන් එකකදි හම්බවුන එයිලීන්ව ආයේ අපිට දැකගන්න ලැබුනා. එයත් අපායේ තමා හිර වෙලා ඉදලා තියෙන්නේ, හෙල් හවුන්ඩ් කෙනෙක් එයාව එහාට ඇදෙගන ගියා කියලා තමයි එයා නම් හිතුවේ. එයා සෑම් සහ ඩීන් ගාවට එනවා ආයේ අපායට යන්නෙ නැතුව දිව්‍ය ලෝකයට යන්න උදව් ඉල්ලගෙන, ඒත් දෙවියන්ගේ අලුත් නීති නිසා අපායේ හිටපු ආත්මයකට ආයේ දිව්‍ය ලෝකයට යන්න බැරි නිසා, සෑම් රෝවිනාගේ ආත්ම අල්ලන එකක් හදලා ඒකේ එයිලීන්ව තියන්න තමයි කල්පනා කලේ. මොකද භූතයෙක් වැඩි කාලයක් පොලවේ හිටියොත් එයාට පිස්සු හැදිලා මිනිස්සුන්ව මරන්න ගන්න නිසා. ඒ වැඩේ කරන්න සෑම් සහ එයිලින් රෝවිනාගේ ගෙදරට යනවා. එතනදි අනේපේක්ෂිත විදිහට මායාකාරියෝ පවුලකට කොටුවෙන්න සෑම්ට සිද්ද වෙනවා. ඒත් ඩීන්ගේ අමතර උදව්වෙන් සෑම් එතනින් බේරෙනවා මායාකාරියෝ ටිකත් විනාශ කරලා, ආත්ම අල්ලනයක් හදන්න ගියාට එතනදි කලින් රෝවිනා මේරිට ආයේ පන දෙන්න හදපු එක සැරයක් විතරක් කරන්න පුළුවන් මන්ත්‍රයක් හම්බුවෙනවා, ඒකේ මාර්ගයෙන් සෑම් එයිලීන්ට ආපහු පන දෙනව.
ඒ අමතරව කොටස් කිහිපෙකින් පස්සෙ ආයෙ අපිට කෑස්ව දකින්න ලැබෙනවා. එයා වෙන නගරයක තනියෙම ජින් කෙනෙක් පස්සෙන් ගිහින් ඒ සිද්ධිය සාර්ථකව අවසන් කරනවා. ඒ වගේම ඒ කාර්‍ය්‍යය අතරතුර ඩීන්ගෙන් උදව්වකුත් එයාට ගන්න වෙනවා, ඒ අතරම හොද ලුණු ඇබුල් සහිතව දෙකක් ඩීන්ගෙන් කෑස් අහගත්තත් එක්කනේ.

අද කොටසින්…

අද කොටසින් ඩීන් තනියෙම වැඩක් ගැන බලන්න යනවා, ඒ අතරේ කෑස් එනවා බංකරයට දෙවියෝ ගැන මුකුත් හොයාගන්න සෑම් සහ එයිලීන්ට උදව් කරන්න, බලන්නකෝ කෑස් කොහොම උදව් කරයිද කියලා, නැත්තම් මොකක් හරි නරක දෙයක් වෙයිද කියල. අදත් ඔන්න කලින් සීසන් එකක හිටපු කෙනෙක් ඉන්නවා. අරගෙන බලන්න එහෙනම් කවුද කියලා ඒ. ඒනම් ගොහින් එන්නම්. ලබන සතියේ මිඩ් සීසන් ෆිනාලේ එක, එහෙනම් ඒ කොටසින් හම්බුවෙමු. ජය වේවා…!!

ප.ලි.

තව දෙයක් තියෙනවා කලින් එපිසෝඩ් දෙක තුනක වීඩියෝ පිටපතේ පොඩි අවුලක් තිබ්බා, පොඩිමත් නෙමෙයි, පෞබිමින් කෙනෙක් එපිසෝඩ් එක රිවීව් කරන සීන් එකක්. ඉතින් මට ඒකට කරන්න දෙයක් නෑ, මොකද මම නෙමෙයිනේ වීඩියෝ පිටපත් අන්තර්ජාලයට නිකුත් කරන්නේ, අනික ඒක තමා මුලින්ම එන පිටපත. මම සබ් දුන්නෙ HDTV පිටපත් වලට. පහුවෙලා ආපු Web පිටපත් වලත් ඔය සිද්ධිය තිබ්බා. එහෙම පසුබිමෙන් කතා කරන නැති පිටපතක් එන්න හුගක් පරක්කු වෙනවා. එතකොට ඒකට අදාල සබ් එකත් පරක්කු වෙනවා. ඉතින් ඕක නොදැන මට කිහිපදෙනෙක් හොදවයින් අමතලත් තිබ්බා.. එන දවසෙම ඒ කියන්නේ සිකුරාදම දෙන්න ඕන නිසා මුලින්ම එන පිටපතට සබ් එක දෙනවා. එහෙම අවුලක් තියෙන දවසට ඒ අවුල නැතිව එන පිටපතටම සබ් එක ඕන නම් සදුදා වෙනකල් ඉන්න කියලා ඉල්ලනවා. මොකද සිකුරාදා සබ් එක ඉවර කරගනන් බැරි උනොත් ආයේ සදුදා තමයි කරන්න වෙන්නේ. අපි මොකෝ වැඩක් පලක් නැති මිනිස්සු නෙමෙයිනෙ. පරක්කු උනාමත් ඒකටත් මාව අල්ලගෙන අම්මා අප්පා මතක් කරයි ඊට පස්සේ. ඒ හින්දා ඊළග සැරේ අර වගේ ප්‍රශ්නයක් ආවොත් හොද පිටපතක් ආවම ඒක අරගෙන සබ් එක පොඩ්ඩක් එහා මෙහා කරගන්න, මහලොකු වෙනසක් නෑ නේ. නැත්තම් ඉතින් සදුදා අගහරුවාදා දිහාට සබ් එක දෙන්නම් ඒම අවුලක් ආවොත්. එහෙමත් නැත්තම් මේ කතාව නවත්තලම දාන්නම් ඕන විදිහකට බලාගන්න කියලා. කණගාටුවෙන් උනත් මේ ටික කියන්න ඕන වුනා. කියවන එක නැති එක ඔයාලගේ වැඩක්.

___ ____

අද කතාවේ නම “Last Call”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 05
මීලග කොටසින්: Our Father, Who Aren’t in Heaven | 2019 දෙසැම්බර් 12

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SVA | 262MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SD | 212MB |

| HDTV | x264 | 720p | 300MB |

x265

| HDTV | x265 | 720p | 150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *