Sense8 (2017) [S02 : E03] | කලබල මැද්දෙන්.

කතාව බලපු අය නම් දන්නවා පටන්ගත්තු වෙලේ ඉඳන් පලමු සීසන් එකේ වගේ මුල් ටික කම්මැලි නෑ කියලා. එක කතාවක් ගත්තොත් පහුගිය සීසන් එකටම වඩා සුපිරියට තියෙනවා. කොහොම වුනත් කතාවේ ඉන්න චරිත වලට නම් පහුගිය සමයට වඩා ගොඩක් කරදර වලට වගේම අභියෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පසුගිය කතාවේදී කෘම් එකඟ වුනා විල් එක්ක හමුවෙලා මූණට මූණ කතා කරන්න. ඒකට එයාට කතා කලේ නම් කෞතුකාගාරයකට. බයෙන් බයෙන් වුනත් මොන යටිකූට්ටු වැඩකට BPO සූදානම් වුනත් 8 දෙනාම ඒකට සූදානම් වෙලා තමයි හිටියේ. කට්ටිය හිතුවේ නම් තවදුරටත් දොස්තරයගෙන් මෙයාලට කරදරයක් වෙන එකක් නෑ කියලා. ඒකට හේතුව කෘම් දොස්තරයව එලියට ඇදලා දාපු නිසා. ඒත් කතාව අවසානයේදී නම් ඩොක්ටර්ගේ සොම්බි කෙනෙක් ඇවිල්ලා විල් එක්ක කතා කර කර ඉන්න අතරතුර කෘම්ව මරලා දානවා. ඒ එක්කම විල්ව මරන්න උත්සාහා කලත් විල් පොරබදලා එතනින් බේරෙනවා.

මේ අතරේ සන්ව මරන්න මල්ලි කට්ටියක්ව එවනවා. සන්ට වෙන කරදර අතරේ, අනිත් අයටත් හුස්ම හිරවෙනවා. අන්තිමේදී හිරගෙදරම යාලුවෙක් ආරක්ශකයෙක්ව මරලා සන්ව බේරගන්නවා. එතනින් එහාට නෝමිගේ, එයාගේ පෙම්වතියගේ, බග් ගේ උදව්වෙන් එයාලා එලියට පැනගන්නවා. එලියට යන්න වාහනය හොරකම් කරගෙන පදින්න කෆියස්ගේ උදව්වත්, ගහගන්න වුල්ෆ්ගැන්ග්, විල් දෙන්නගේ උදව්වත් ඇතුවයි හැම දෙයක්ම සිද්ද වෙන්නේ. පොලිසියට අහු නොවී යන්න කරන්න ඕනේ හැම දෙයක් ගැනම විල් එතනදී සන්ට කියලා දෙනවා.

මේ අතරේ වුල්ෆ්ගැන්ග්ට ලීලා ෆකීනි කියලා තවත් ක්ලස්ටර් එකක සෙන්සේට් කෙනෙක් හමුවෙනවා. ඒ වගේම ෆුක්ස් කියලා කෙනෙක් ගණුදෙනුවක් විදියට ෆීලික්ස්ට නයිට් ක්ලබ් එකකුත් ලියලා දෙනවා. ඒත් ලීලා කියන්නේ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තාම අපි දන්නේ නෑ. මේ අතරේ ලීටෝ හර්නාන්ඩෝ සහ ඩැනියෙලා දෙන්නා එක්ක එකතු වෙලා අලුතෙන් ගෙයක් බලන්න යනවා. ඒත් සල්ලි ප්‍රශ්ණය තමයි එයාලට තියෙන ලොකුම ගැටලුව. අන්තිමේදී තුන්දෙනාම එකතු වෙලා එකට සල්ලි දාලා ගේ ගන්න තීරනය කරනවා. ඉතිං තුන් දෙනාම එකම ගෙදර ජීවත් වෙන්න තීරණය කරනවා. ගේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නෑ. ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 360MB |    

f21524bf94937ee3f2a14797ca41a331167d308d

| WEBRip | x264 | SKGTV | 513MB |    

3a2e4881a73eb712d657e71b5801511def050ce9

| WEBRip | x264 | 720p | 1.7GB |    

acf9d0be5b2172783e388538ff05c363c64d8cde

| WEBRip | x265 | 720p | 413MB |    

a1fbbb4978fd5d5c25911abc740604d3d4b0d546

Direct Download

| WEBRip | x264 | 480p | 186MB |          

   | WEBRip | x264 | SKGTV | 513MB |      

  | WEBRip | x264 | 720p | 1.7GB |          

| WEBRip | x265 | 720p | 267MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!