Scorpion [S04 : E21] | අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා…
මුලින්ම, මගේ ආදරණීය බයිස්කෝප්වාසීන්ට කිරියෙන්, පැණියෙන් විතරක් නෙවෙයි සිංහල උපසිරැසිය එක්ක රහට බයිස්කෝප් බලන්න පුලුවන්, බයිස්කෝප් වලින් පිරී ඉතිරී යන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔන්න හිස් අතින් ආවේ නෑ, අවුරුදු තෑගි අරගෙනයි ආවේ. 20 එපියට උපසිරැසිය ගෙනාව අපේ නිලුපුල් මලයටත් ස්තූතියි කියන ගමන් කෙලින්ම අද කතාව දිහාට හැරෙන්නම්. දැනටමත් උපසිරැසිය දෙන්න පරක්කු වුන නිසා ලිපිය නම් පොඩියට ලීවේ.
” අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා” කීවම දැන් ගෑනු ළමයි තරහ වෙන්නෙපා. වෙන මොකුත් හින්දා නෙවෙයි, පේජ්ට ඉන්නේ රැල්ෆ් කියලා පුතෙක් මිසක් දුවෙක් නෙවේනේ. IQ අගය ගත්තත් මේ රැල්ෆ් කොලුවා ඉන්නේ සෑහෙන ඉස්සරහින්, අනිත් ළමයි වගේ ඉගන ගන්න වැඩ වලට කම්මැලිත් නෑ, පාඩම් කරන්න කියලා පේජ්ට කොයි වෙලෙත් රැල්ෆ්ට කෑ ගහන්න ඕන වෙන්නෙත් නෑ. කොයි තරම් හොඳ දරුවෙක්ද! ඒ වුනාට ඉතින් මේ වගේ හොඳ දරුවා හදාගන්න පේජ්ට ලොකු මහන්සියක් ගන්න වෙනවා. මොකද අවුරුදු දහතුනේ කොලුවා කරන්න යන්නේ ඉලන්දාරි කරන්න යන වැඩ. IQ අගය අතින් නම් ඉතින් සාමාන්‍ය ඉලන්දාරි ගණනාවක් පරද්දන්න අපේ රැල්ෆ්ට පුලුවන් බව ඇත්ත. ඒත් ඒකම විතරක් මදි නේද ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න?
අද කතාවට ස්කෝපියන් කට්ටිය සම්බන්ධ වෙන හැටිත් කියන්නම්. රැල්ෆ්, පේජ්, කේබ්, සිල්වෙස්ටර් හතර දෙනා ගමන් ගනිමින් ඉන්න ගුවන් යානෙ ඇතුළින් සැක කටයුතු සංඥා වගයක් ලැබෙනවා. මුලදි නම් හැමෝම හිතන්නේ ඒ බෝම්බයක් කියලා. නමුත් ඇත්තටම ඒ සංඥා ලැබෙන්නේ කොහෙන්ද කියල දැන ගත්තම කට්ටියගේ ඇස් නළලට යනවා. ඒ මොකක්ද කියල කතාව බලලම හොයා ගන්න.
වෙනදා වගේම ස්කෝපියන් කණ්ඩායම සෑහෙන බාධා ගොඩක් මැද්දේ, නොසෑහෙන්න වැඩ කරනවා. එහෙම කරලා ගුවන් යානය බේර ගන්න පුලුවන් වෙයිද?
එහෙමනම්, ගිහින් එන්නම්. ආයුබෝවන්!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | LOL | 245MB |
4F916FFD247F6305A6018228BB2C01E93C33538A
i can’t download any torrent here plz help me