Sacred Games [S02E01] | මුම්බායි ගිණි පුපුරු මතින් යලිත් භීෂණය කරා… (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.

සර්ටාජ් සිං මහත්තයෝ…
ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා.
හැමකෙනාම මැරේවි…
ත්‍රිවේදි ඇරෙන්න!
පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න බලනවා!

මෙහෙම කියපු වසර ගණනාවක් තිස්සේ ලෝකෙන් වහං වෙලා ඉඳපු, අතිශය දරුණු, සටකපට, සූක්ෂම, මිනීමැරුම් එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සඳහා චෝදනා ලැබ සිටින ගයිතොන්ඩේ නම් වූ අපරාධකරුවා, සර්ටාජ් සිංගේ දෑස් ඉදිරිපිටදීම හිසට වෙඩි තිබාගෙන සියදිවි නසාගන්නවා. කිසිඳු කොනක් පටක් සොයාගත නොහැකි ප්‍රහේලිකාවක් බඳු වූ අභිරහසක්… දවස් 25 කින් මුළු මුම්බායි නගරයම විනාශ වී යන බවට තර්ජනයක්… සිදුවන්නේ කුමක්ද, කවුද මේකට සම්බන්ධ කියලා හොයාගන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං එක්ක රෝ නිලධාරී අංජලී මාතුර් අත්වැල් බැඳගන්නවා. හැබැයි, මේ වැඩේ කිසිසේත්ම ලේසි පහසු වැඩක් වෙන්නේ නම් නැහැ. පියවරෙන් පියවර, පැටලුමෙන් පැටලුම විසඳමින් ඉදිරියට ගමන් කිරීමේදී අදහාගත නොහැකි දේවල් සිද්ධවුණා. සිත් කළඹවන අහිමිවීම් සිද්ධවුණා. මේ අතරින් වඩාත්ම දරුණු, සිත් කළඹවන අහිමිවීම තමයි අවසාන භාගයේ සිද්ධවෙච්ච රෝ නිලධාරිණි අංජලී මාතුර්ගේ ඝාතනය. විශේෂත්වය තමයි, මේ පලවෙනි කතා මාලාව අවසාන වෙද්දි, ප්‍රධාන චරිත තුනෙන් පණපිටින් ඉන්නේ එකම එක ප්‍රධාන චරිතයක් විතරයි. එතකොට කවුද දුෂ්ටයා වෙන්නෙ?

මේ ගැන පොඩි ඉඟියක් පලවෙනි කතා සමයේ අවසානයේදි දකින්න ලැබෙන්න ඇති. ගයිතොන්ඩෙගෙ තුන්වෙනි අප්පච්චි! හැබැයි, මේ ගැන තවමත් හරියට තහවුරු කරලා කියන්න කල් වැඩියි. හැබැයි, ගයිතොන්ඩෙගෙ තුන්වෙනි අප්පච්චි මේ දෙවන කතා මාළාව තුල ප්‍රධානම චරිතයක් හොඹවන බව නම් නොකියාම බැහැ. අපි බලමු ඉස්සරහට මොනවයින් මොනවා වේවිද කියලා.

පලවෙනි කතා සමයේ අවසානයේ ලැබුණු ඔත්තුවක් අනුව හඹා ගිය පොලිස් නිලධාරී සර්ටාජ්ට අවාසනාවන්ත අයුරින් සිය ඇඟිල්ලක් අහිමි වූ නමුත්, සිය ජීවිතය බේරගන්න තරම් වාසනාවන්ත වෙනවා. පලවෙනි කතා සමයේ අවසාන විනාඩි කිහිපය මතකද ඔබට? මතකද පොලිස් නිළධාරී සර්ටාජ් පොලව යට ගුහාවට බහිනවා? මතකද මැරෙන්නෙ නෑ කියපු ත්‍රිවේදිව පොලව යටින් හම්බෙනවා? මතකද අති මහත් විනාශයක් කරන්න අරගෙන ඇවිත් තිබ්බ භූමිකම්පා යන්ත්‍රය සහ ගයිගර් මාපකය? මතකද අන්තිමට පොලිස් නිලධාරී සර්ටාජ් සිංගෙ කටින් පිටවෙච්ච වචන කීහිපය? මතකද අන්තිමට ඔබ ඉබේම පිටුවෙන් නැගිටලා, ඔළුවෙ අත් දෙකත් තියාගෙන, කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හෝන්දු මාන්දුවෙන් වගේ බලාගත්ත අත බලාගෙන ඉඳපු හැටි? එහෙනම්, අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ, ලෑස්ති වෙන්න එදා ඒ ඉවර වෙච්ච තැන ඉඳලා, ත්‍රාසයෙන්, භීතියෙන් හදවත පුරවාගන්න අතරේ, පිස්සෙක් වගෙ කල්පනා සාගරයේ ගිලෙන්න.

මං දැනන් උන්නෙ නෑ මං කොහේද ඉන්නෙ කියලා.
මොකාද මාව මෙහාට කුදලගෙන ආවෙ කියලවත්.
මාව මෙහාට කුදලගෙන ආවෙ ඇයි කියලවත්.
මගේ ජීවිතයත් කාබාසිනියා වීගෙන එන්නෙ, සර්ටාජ් මහත්තයො.
හරියට ඔහේට වගේම.
දවස් හතලිහකට පස්සෙ ඒ ඇදිරිගෙයින් එලියට එනකොට
මගේ හිත පිරිලා තිබ්බෙ පළිගැනීමෙන්.
මේ දේ මට කලේ මොකා වුණත්,
උන්ව පුච්චලා දාන්නයි මට ඕනෙ වුණේ.
ඊසව, පරුල්කාර්ව,හැම එකාවම!
මට තේරුම් ගියා මේ සෙල්ලම අනිත් හැම ලබ්#කටම වඩා ලොකුයි කියලා.
ඔහෙලට වඩා, මට වඩා.
මගේ ඔත්තුවක් කවදාවත් වැරදුනේ නැහැ, සර්ටාජ් මහත්තයෝ.
මං කිව්වා ත්‍රිවේදී බේරේවි කියලා.
ඇත්තමයි මං ඇත්ත කිව්වෙ.
ඔය ප්‍රශ්නේ විසඳගන්න,
එතකොට ඔහේගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බේවි !!!

ඔන්න ඔහොමයි දෙවනි කතා සමයේ පලවෙනි කතාංගය පටන්ගන්නෙ. මොකක්ද මේ වෙන්නෙ? ගයිතොන්ඩේ කොහෙද ඉන්නෙ? කොහෙද හිරකරගෙන ඉන්නෙ? ඇයි එහෙම හිරකරගෙන ඉන්නෙ? එතකොට පොලිස් නිළධාරී සර්ටාජ් කොහෙද? විනාශ වෙන්නෙ ගියපු මුම්බායි නගරයට මොකද වෙන්නෙ? දවස් 25ට මොකද වෙන්නෙ? කතා මාළාවෙ ප්‍රධාන දුෂ්ඨ චරිතය දැන් වත් කරලියට ඒවිද? ප්‍රශ්න වලින් ඔළුව රිදෙනවා වගේද? එක දෙයක් පොරොන්දු වෙන්නම්. මේ ඉදිරියට එන කතාවක් කතවක් පාසා ඔය ඔළුවෙ කැක්කුම වැඩිවෙනවා මිසක්, අඩුවෙන එකක් නම් නැහැ. හැබැයි, අවසාන කොටසෙදි කලින් වගේ ඔළුවෙ කැක්කුම තෙගුණ තෙගුණ කරලා, හැමෝවම පිස්සු වට්ටවලා නවත්තාවිද කියලා නම් මට පොරොන්දු වෙන්න බැහැ. කොහොමත්, පෙර සූදානමක් විදියට බෙහෙත් ටිකක් ලඟ තියාගන්න එක ඇඟට ගුණයි කියලා අනතුරු අඟවලා ඉන්නම්. ඒ වගේම තව දෙයක් කියන්නම්. මෙච්චර කාලයක් භීෂණය ක්‍රියාත්මක වුනේ ඉන්දියාව තුළ විතරයි. ඔන්න මේ වතාවෙ මේ භීෂණය ජාත්‍යන්තරය දක්වාම පැතිරිලා යනවා. ඒ නිසා, මෙදා පොටේ ලේසි පාසු වෙන්නෙ නම් නැහැ පුතෝ.

පොඩ්ඩක් ඔහොම ඉන්න. කතා මාලාවට අලුතින්ම එකතු වෙන කෙනෙක් නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නැතුව උඩ බිම බලනවා ඇති, මොනවද මූ මේ පිස්සෙක් වගේ කියවන්නෙ කියලා. ඒ නිසා මං පොඩි කතාවක් කියන්නම් එයාලට.

මීට කාලයකට ඉහතදී, ලෝ ප්‍රකට නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිවේදනය කළා ඔවුන් බොලිවුඩ් කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා. මෙහෙම කිව්වම ගොඩක් දෙනා හිනා වුණා.

“අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” ,
“ඔයිට හොඳයි ඔය වෙලාවේ හොඳට නිදාගන්නවා” ,
“ඕකත් අර මහගෙදර, ශිවන්‍යා වගේ තියේවි”

මෙහෙම තමයි අපේ රටේ සමහර ඔස්තාර්ලා කිව්වේ. පුදුමයක් නැහැ, ලෝ ප්‍රකට සිනමා විචාරකයන් පවා මේ දිහා අවඥාවෙන් බලපු කාලෙක, අපේ රටේ උදවිය ගැන කවර කතාද? නමුත්, මේ කිසිම බාධාවකින් නෙට්ෆ්ලික්ස් ආයතනය වත්, නිෂ්පාදකයින් වත් සැලුණේ නැහැ. කතා මාලාවේ ප්‍රධාන චරිතය සඳහා ඔවුන් යොදාගත්තා සායිෆ් අලී ඛාන්, නවුසිද්දීන් සිද්දික්, රාධිකා ආප්තේ ආදී බොලිවුඩ් පුරවරයේ නම රැන්ඳු තාරකාවන් ත්‍රිත්වයක්. කතා මාලාව අධ්‍යක්ෂණය කලේ, බොලිවුඩ් පුරවරයේ අද්විතීය අධ්‍යක්ෂක දෙපලක් වන Anurag Kashyap සමගින් Vikramaditya Motwane විසිනි. 2018 ජූලි මාසේ 6 වෙනිදා කතා අටකින් සමන්විත මේ වෙබ් සීරීස් එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා. ඒත් සමගින් මේ දක්වා උපහාසයෙන් සිනහ වෙච්ච සිනමා විචාරක ඔස්තාර් වරුන්ගේ කටවල් සදහටම වැහුනා.

මේ සටහන ලියවෙන මොහොත වනවිට Imdb දර්ශකය තුල පනස්හය දහස ඉක්මවූ මනාප සංඛ්‍යාවකින් 8.9 ක් වැනි අති දැවැන්ත අගයක් ලබාගමින්, එදා මෙදා තුර නිෂ්පාදනය වූ කතා මාලා අතුරින් Top Rated TV ලැයිස්තුවේ 73 වන ස්ථානය තමන් සතු කරගෙන සිටින්නේ, තමන්ට සිනහ වූ සිනමා විචාරකයන් යැයි පවසාගන්නා තැනැත්තන් හට හොඳවයින් කනේ පහරක් එල්ල කරමින්. ඒ විතරක් නෙමෙයි, එදා මෙදා තුර ඉන්දියානු ඉතිහාසය තුල, කතා මාළාවක් වෙනුවෙන් වියපැහැදම් කළ දැවැන්තම මුදල් කන්දරාව ලෙස වාර්තා පොත් අලුත් කරමින්, මෙම දෙවන කතා සමය සඳහා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් ඉන්දියානු රුපියල් කෝටි සියයක බරපැණක් දරණු ලබනවා. ඒ, ආසන්න වශයෙන් එක් කතාංගයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 12.5ක මුදලක් වෙන් කරමින්. මීට පෙර ඉතිහාසය තුල මෙවැනි ඕනෑම කතාංගයක් සඳහා වියපැහැදම් කල විශාලතම මුදල ලෙස සඳහන් වෙන්නෙ කෝටි 2-3ක් අතර මුදලක්. එක් කතාංගයක් වෙනුවෙන් චිත්‍රපටයක් සඳහා වියදම් කරනවාක් මෙන් මේ ආකාරයෙන් වියපැහැදම් කිරීම තුලින් ඔබට තේරුම් යනවා ඇති, මේ කතා මාලාව සඳහා ලැබී ඇති සාර්තකත්වය මෙන්ම, නිශ්පාදකයින් මෙම කතා මාළාව කෙරෙහි කෙතරම් නම් බලාපොරොත්තු තබා තිබෙනවාද කියා.

එහෙමනම්, තවත් ඔබව ප්‍රමාද කරන්න බලාපොරොත්තුවක් නැහැ. අවුරුද්දකටත් වැඩිය කලයක් මග බලාගෙන හිටපු ප්‍රේක්ශකයන් වෙනුවෙන් ඔන්න එහෙනම් ඔවුන්ගේ පිපාසය සංසිඳවාගන්න අවස්ථාව. ඒ වගේම, මතක ඇතුව කියන්න දෙවනි කොටස ඕනෙ කවදට වගේද කියලත් ? මොකද, ඔබගේ උනන්දුව තමයි උපසිරැසිකරුවන් වන අපගෙත් උනන්දුව වෙන්නෙ… වචනයක් හරි හලාගෙන යන්න. මොකද, ඒක තමයි උපසිරැසිකරුවන් වන අපගේ අමෘතය වෙන්නෙ. ඒ වගේම, පලවෙනි කතා මාලාවේදිත් මං කිව්වා… ඉල්ලුමේ හැටියට තමයි සැපයුම. ඒ නිසා, අදහස් වැඩි වෙන්න වැඩි වෙන්න ඉල්ලුම වැඩිවෙලා, ඊට සාපේක්ෂව සැපයුම විදියට ඉක්මණට ඉක්මණට ඔබ අතට උපසිරැසි ලැබේවි.

එහෙනම්, රසවිඳින්න පලවෙනි කොටස. අවසරයි ත්‍රාසය, භීතිය, කුතුහලය අතරේ තනිවෙමින්, ඔලුව අවුල් කරගන්න ?

ප. ලි. – මේ වතාවෙ දෙවන කතා සමය වෙනුවෙන් අමුතු ආකාරයේ ලාංජන හතරක් නිකුත් කරලා තියෙනවා. මොකද හිතන්නෙ මේ ගැන? මේ ලාංජන හතර මොනවා වෙන්න පුළුවන්ද?

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.5GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 500MB |

| WEB  | x264 | 720p | 3.5GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Sacred Games [S02E01] | මුම්බායි ගිණි පුපුරු මතින් යලිත් භීෂණය කරා… (18+)

  • March 15, 2020 at 23:29
    Permalink

    thanks brooooooooooo

    Reply
  • October 20, 2020 at 05:23
    Permalink

    ගොඩක් කුතුහලය පිරුනු කතාවක් ඇබ්බැහි උනා ඒකට.සයිෆ්ගේ රංගනය සුපිරි ස්තූතියි සබ් එකට

    Reply
  • June 22, 2021 at 05:24
    Permalink

    ithuru kotas tikath one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!