Robin Hood (TV Series 2006–2009) [S02 : E04] | මරණයේ සුරදූතිය!

ඉතින් අද අරන් එන්නේ රොබින්හුඩ් දෙවනි කතා සමයේහතරවැනි කොටසයි. මේ උපසිරැසියේ ලයින් වල තත්පර ගණන් එහාමෙහා වීම් නම් ඇති. ඒත් ඉංග්‍රීසි උපසිරැසියක් විදියට මට හම්බවුනේ මේක විතරයි. පොඩ්ඩක් එහාමෙහා වුනාට බලන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් අපි බලමුකෝමේ සැරේ කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

පසුගිය කොටසින්…

කළු නයිට් හමුදාවට අළුත් යුධ ඇඳුමක් හදවන ෂෙරිෆ්, ගිස්බන්ටයි ඒක පරීක්ෂා කරන්න දෙන්නේ. මේ පරීක්ෂණය කැලේ මැද්දේ රහසිගතව කරනකොට, ළමයි කණ්ඩායමක් ඒක දකිනවා. ගිස්බන් මේ ළමයි ටික අල්ලගනිද්දි, පැනලා යන එක ළමයෙක් – ඩැනියල්, රොබින්හුඩ් කණ්ඩායමේ උදව් ඇතිව තමන්ගේ යාළුවන්ව බේරගන්නවා. රොබින් අර ඇඳුම හදන්න අවශ්‍ය කළු දියමන්ති හොරකම් කරගන්න අතරේ,  ඩැනියල්ව ගිස්බන්ට අහුවෙනවා. රොබින්, මැරියන්ගේ උදව් ඇතිව, මේ ළමයා බේරගන්න සැලසුමක් හැදුවත්, ගිස්බන්ට ඇලනඩේල් ඔක්කොම කියන නිසා ඒක වරදිනවා. අවසානයේ කළු දියමන්ති වෙනුවට ඩැනියල්ව හුවමාරු කරන්න ගිහින්, රොබින් ගිස්බන්ව නොමරා මරලා, කළු දියමන්ති ටික විනාස කරන විදියයි ගිය සැරේ ඔයාලා දැක්කේ.

මෙවර කොටසින්…

විල් ස්කාලට්ගේ තාත්තයිමල්ලියි දෙන්නා ගමෙන් පැනලා ගිහින්එයාලගේ නැන්දා ඉන්න ස්කාබරෝවලට ගිය බව ඔයාලට මතක ඇතිනේ. ඉතින් මේ කොටසෙදි එයාලා ආපහු එනවාවිල්ව එයාලගේ දිහාවට එක්ක යන්න. විල් ඒකට කැමති නොවෙන නිසාරොබින් එයාලට කියනවාමුලින් තමන් මෙහෙ කරන වැඩ මොනවද කියලා බලලා යන්න කියලා. ඉතින් කට්ටිය මේකට නොටින්හැම් ගිය වෙලාවෙදි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඒ වගේම රාත්‍රී රැකවලා වගේ වෙස්වලා ගත්ත වෙන කෙනෙක්පාරවල් දිගේ කෑම බෙදබෙදා යනවා. මේ කෙනා ෂෙරිෆ්ගේ මාලිගාවට අළුතින් ආපු කෙනෙක්. ඉතින් එහෙන් ආව කෙනෙක්කීයටවත් මිනිස්සුන්ට හොඳක් නම් කරන්නේ නෑනේ. ඔයාලම බලන්නඒ සිද්ධවෙන අළුත් සෙල්ලම මොකක්ද කියලා. මම ඊළඟ කොටසින් ආයෙත් හමුවෙන්නම්. එතකම් ඔබට සුබ දවසක්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 191MB |

| HDTV | x265 | 1080p | 712MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.