Robin Hood (TV Series 2006–2009) [S01 : E03] | මිනීමරුවා කවුද?

මේ රොබින්හුඩ් පළවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටසයි. දැන් වෙලාව රෑ 1.30 යි. නිදාගන්නත් ඕනි නිසා මම පරක්කු නොකර, කලින් කොටස ගැන මතක් කරන්නම්.

පසුගිය කොටසින්…

මාච්, විල් ස්කාලට් සහ ඇලනඩේල් එක්ක කැලේ පැන්න රොබින්ව හොයන්න, ෂෙරිෆ් ලොක්ස්ලි ගමට එනවා. ගමේ මිනිස්සුන්ගේ දිවවල් කපනවා කියලා තර්ජනය කරන ෂෙරිෆ්, රොබින් ඉන්න තැන කියන්න කියලා ගම්මුන්ට බල කරනවා. මේ අතරේ කැලේ ඉන්න ලිට්ල් ජෝන්ගේ පිටුවහල්ලු රොබින්ලාව අල්ලගෙන, සල්ලි වෙනුවෙන් ෂෙරිෆ්ට දෙන්න හදනවා. ගමේ මිනිස්සුන්ට සිද්ධ වෙන දේ දැක්කම, රොබින් කැමැත්තෙන්ම ගිහින් ෂෙරිෆ්ට භාරවෙනවා. මේ අතරේ ලිට්ල් ජෝන් ගමේ ඉන්න තමන්ගේ පුතාව බලන්න ගියාම දැනගන්නවා, රොබින් නිසා මිනිස්සුන්ට යහපතක් වෙලා තියෙන බව. ඊටපස්සේ මේ කණ්ඩායම, මැරියන්ගෙත් උදව් ඇතිව රොබින්ව බේරගන්නවා. රොබින්ට “රොබින්හුඩ් කියන නම ලැබීමත්, ලිට්ල් ජෝන් සහ පිරිස රොබින්ට එකතු වීමත්, එයාලා පෝසතුන්ගෙන් සල්ලි අරන් දුප්පතුන්ට දීමේ ක්‍රියාවලියත් ඇරඹෙන්නේ මේ කොටසෙනුයි.

මෙවර කොටසින්…

ෂෙරිෆ්ගේ බදු එකතු කරන මුලාදෑනියටනෙට්ල්ස්ටන් ගමේදි කවුරුහරි ඊතලයකින් විදලා මරනවා. ඒත් ඒ රොබින් නෙවෙයි. ඒ වුනාට ගම්මු හිතන්නේ ඒ එයා කියලයි. ඉතින් මේක ෂෙරිෆ්ට ආරංචි වුනාමෂෙරිෆ් ගිස්බන්ට නියෝග දෙනවා බල්ලෝ අරන් ගිහින්රොබින්ලාගේ කණ්ඩායම අල්ලගන්න කියලා. මේ අතරේ රොබින් හැමතැනම මිනීමරුවාව හොයනවා. මොකද එයාගේ නමටනේ මේ මිනීමැරුම් කෙරෙන්නේ. එයා මැරියන්ගෙනුත් උදව් ඉල්ලනවාමාලිගාවේ මිනීමරුවා ඉන්නවද කියලා හොයලා බලන්න කියලා. ඉතින් මිනීමරුවා කවුදරොබින්ට මේ චෝදනාවලින් ගැළවෙන්න ලැබෙයිදගිස්බන් එයාලව අල්ලගනියිද කියලා අද කොටසින් බලන්න. ඊළඟ කොටස අරගෙන ඔයාලව ඉක්මනින් හමුවෙන්නම්. කමෙන්ටු දැම්ම අයටත් බොහොම ස්තූතියි. එහෙනම් මම ගියා නිදාගන්න.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 193MB |

| HDTV | x264 | 720p | 702MB |

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!