Peter Rabbit (2018) | නිල් කමිසයක් හැඳගත් පීටර් නම් වූ හාවා…

2016 වර්ෂයේ මාර්තු 18 වෙනිදා…. මේ දවසේ නෙවෙයි මම මේ වෙබ් අඩවියට උපසිරැසි දෙන්න පටන් ගත්තෙ. මේ දවසේ තමයි මම අවසානයට උපසිරැසියක් පල කරපු දවස. එහෙම වෙලා මෙච්චර කාලයක් ගත උනා කියලා මටවත් හිතා ගන්න බෑ. ලොකු නිවාඩු කාලයක් ගත කරලා ආයෙත් වැඩට බැස්සා. මේ චිත්‍රපටයේ උපසිරැසිය ලැබිල ගොඩක් දවස් උනත් කාර්යබහුලත්වය එක්ක ගොඩක් පමා උනා. අවුරුදු දෙකකට පස්සෙ ඉතින් ටයිප් කරන එකත් කොච්චර වේගයෙන් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන් ඇතිනේ. ඔන්න අද නිවාඩු දවසේ උදේ පටන් ගත්තා කොහොමහරි අද නම් මේක ඉවර කරනවා කියලා. ඔන්න ඔහොම තමයි කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ඔයාලා හමුවෙන්න ආවේ. අපේ වෙබ් අඩවියේ උපසිරැසිකරණයේ ලොකු අයියාට අද විශේෂ දවසක් නිසා මම වගේ පොඩි එකෙක් උපසිරැසි කෙරුවාව ගැන පම්පෝරි ගහලා වැඩක් නෑ. අපි කතාව ගැන බලමුකෝ….

බියට්‍රික්ස් පොටර් විසින් රචිත, බ්‍රිතාන්‍ය ළමා කතාන්දරයක් වන පීටර් නම් හාවාගේ ජීවිතය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් රසවත් කතාවක්. 1902 වර්ෂයේ රචිත මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතයට පණ පොවන පීටර් යනු යොවුන් දඟකාර ගතිගුණ වලින් හෙබි විටෙක දරුණු ලෙසද හැසිරෙන සහෝදරින් 3 කින් යුතු පවුලේ ලොකු අයියා වේ. දෙමව්පියන් මිය යාමෙන් පසු, බී නැමැති තරුණියකයේ උදව් උපකාර ඇතුව වින්ඩමියර් නැමැති අති සුන්දර ගම්මානයක ජීවිත් වේ. මැක්ග්‍රෙගර් නම් වූ වයෝවෘධ මහළු අසල්වාසියාගේ ගෙවත්තට පැන එළවළු සොරකම් කිරීම මොහුගේ ඇති නරක පුරුද්දකි. සෑම දිනම පාහේ වාසනාවට බේරී එන පීටර් එක් දිනකදී මැක්ග්‍රෙගර් මහතාගේ අතටම අසු වන්නේ කාලාන්තරයක් තිස්සෙ ඔහු ඇටවූූ උගුල් වල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් ඒ ක්ෂණයෙන්ම ඔහු බිම ඇද වැටෙන්නේ හදිසි හෘදයාබාධයකින් මිය යාමෙනි. දැන් කුමක් සිදු වේද? හැමදාම හොරෙන් පැනලා කෑම අරන් ගියපු ගෙවත්තෙ හිමිකාරයා මැරිලා ගියපු සතුට කොච්චරද කිව්වොත් මෙයාලා ඒක ජයට සමරනවා. ඒත් නොසිතූ විරූ අයුරින් තවත් හිමිකාරයෙක් ගෙදර සොයා ගෙන එනවා. ඒ කවුද? කවුරුත් නොදන්න ඒ කෙනා කොහොමද කතාව මැද්දට පැන්නෙ? එයා එන්නෙ ඇයි? පීටර් ඇතුළු සියළු සතුන්ට එයා එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන් වෙයිද? මේ හැමදේටම බී ගේ මැදිහත්වීම කොහොමද? මෙන්න මේවට උත්තර කතාව බැලුවම සොයා ගන්න පුළුවන්….හැබැයි මේ පීටර් කියන්නෙ එසේ මෙසේ හාවෙක් නම් නෙවෙයි හොඳේ..

වෙලාවකට බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්, තවත් වෙලාවකට ඇහැට කඳුලක් උනන සිදුවීම්, සියල්ලෙම සම්මිශ්‍රණයක් නිසා කම්මැලි නැතුව එකදිගට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. IMDBශ්‍රේණිගත කිරීම් වල 6.6 ක් සහ Rotten Tomatoes වල 66% ක් ලෙස මනාප ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. 2018 පෙබරවාරි මස 09 වන දි තිරගත කිරීම ඇරඹුන මෙය Will Gluckවිසින් අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ වන විට ලොව පුරා තිර ගත කිරීමෙන් ඩොලර් මිලියන 320 ක ආදායමක් තමා සතු කරගෙන තියෙනවා. දවස් ගානක් උපසිරැසිය පරක්කු වෙලා තියෙන එකේ තව පමා කරන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

ආයෙත් කවදා උපසිරැසියක් අරන් එයිද කියන්න බෑ. එහෙම මුණ ගැහෙන තුරු සැමට ජය!!!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 810MB | YIFI |

7495847A9BF9B13225D7601A250A8D25CC90CE58

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

        

| Bluray | x264 | 720p | 810MB | YIFI |

        

| Bluray | x265 | 720p | 760MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.