Persona (1966) Sinhala Subtitles | ඔබ කවුරැන්ද… 18+

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු වතාවක් උපසිරසක් රැගෙනඑන්නෙ. මං අවසන් වරට උපසිරසි ලබා දුන්නෙ In the Mood for Love (2000) කියන චිත්‍රපටයට. වෙනදා වගේම මේවතාවෙත් ගොඩක් පැරණි චිත්‍රපටයකට තමා උපසිරස රැගෙන ආවේ.

මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1966 වර්ෂයේදි. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. මෙය සුප්‍රකටස්වීඩන් ජාතික සිනමා අධ්‍යක්ෂවරයකු වන Ingmar Bergman විසින් ලියා අධ්‍යක්ෂණය කෙරෑවක්. මෙයට රංගනයෙන්දායක වී තිබෙන්නෙ Bibi Anderson, Liv Ullmann, Gunnar Bjornstrand යන නළු නිළියන්. මං මීට කලකටඉහතදී Ingmar Bergman විසින් අධ්‍යක්ෂණය කෙරෑ Wild Strawberries (1957) චිත්‍රපටයටත් උපසිරසි ලබාදුන්නා.ඒ චිත්‍රපටය නැරඹුවා නම්, මෙම අධ්‍යක්ෂවරයාගේ සිනමා නිර්මාණ වල ස්වභාවය ගැන ඔබට දැනටමත් හොඳ අවබෝධයක්ඇති. ඇත්තටම ඔහුගේ සිනමා නිර්මාණ, නරඹලා විනෝද වෙන්න පුළුවන් ජාතියේ ඒවා නෙමෙයි. ඔහුගේ සිනමා නිර්මාණහුඟක් දුරට මනෝ විශ්ලේෂණය පැත්තට නැඹුරැයි. එමෙන්ම එම සිනමා නිර්මාණ මගින් චරිත සහ මිනිස් හැඟීම් පිළිබඳව සියුම් විග්‍රහයකට ලක් කෙරෙනවා. එමෙන්ම විවිධ කාලීන මාතෘකා නොදුටු පැතිකඩවල් ඔස්සෙ විග්‍රහයකට ලක් කෙරෙනවා.ඉතිං කලින් දුන්න Wild Strawberries චිත්‍රපටය වගේම මෙම චිත්‍රපටයත් ඒ කිව්ව කාරණා වලින් සමන්විතයි. එම අවධියේදි සිනමා උළෙලවල් හීදි සම්මානයට පාත්‍ර වුන මෙම චිත්‍රපටය 8.1ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙනIMDB දර්ෂකයේ 197 වෙනි ස්ථානයේ පසුවෙනවා.

සිනමා විචාරකයින්ට අනුව මෙම චිත්‍රපටය විශ්ව සිනමාවේ එදා මෙදා තුර බිහිවුණ විශිෂ්ටතම සිනමා නිර්මාණයක්.මෙය විශ්ව සිනමාවට අළුත්ම සංකල්පයක් හඳුන්වා දීමට සමත් වුණු චිත්‍රපටයක්. පසු කාලීනව නිර්මාණය වුනු චිත්‍රපට රැසකටමේ චිත්‍රපටයේ ආභාෂය හිමි වී තිබෙනවා. පසු කාලීනව අතිශය ජනප්‍රිය වුණු Fight Club (1999), Black Swan (2010),Mulholland Drive (2001) වැනි චිත්‍රපට වලටත් මෙම චිත්‍රපටයේ ආභාෂය ලැබිලා තියෙනවා කියලා මත පලකෙරෙනවා.ඒ කිව්ව චිත්‍රපට නරඹලා තියෙනවනම්, මෙම චිත්‍රපටය මොන වගේ එකක්ද කියන එක ගැන අවබෝධයක් දැනටමත් ඔබටඇවිත් ඇති. Drama / Mystery යන වර්ග වලට අයත් විනාඩි 84 ධාවන කාලයකින් සමන්විත මෙම චිත්‍රපටය ඇත්තටමනරඹලා විනෝද වෙන්න පුළුවන් ජාතියේ එකක් නෙමෙයි. මෙහි තිබෙන දෙබස් සහ කතාව ගලාගෙන යන ආකාරය මගින්නරඹන්නාව වෙහෙසට පත් කරනවා. ඉතිං අධ්‍යක්ෂවරයා දෙන්න උත්සහ කරපු පණිවිඩය දකින්න නම් ඉතා හොඳ ඉවසීමකින්මෙම චිත්‍රපටය නැරඹිය යුතු වෙනවා.

ඇත්තටම මෙහි කතාව විස්තර කරන එක නම් ගොඩක් දුෂ්කර දෙයක්. මටත් හිතාගන්න බෑ, කතාව කොහොමවිස්තර කරන්නද කියලා. ඒ වගේම මෙම චිත්‍රපටයේ හරය සහ අවසානය ඉතා සංකීර්ණයි. ඉතිං චිත්‍රටය තේරැම් ගන්නට නම්මනස ගොඩක් වෙහෙසන්නට සිදුවෙනවා. ඒ වගේම සිනමා විචාරකයින් මෙම චිත්‍රපටයේ හරය ගැන විවිධාකාර අර්ථකතනදී තිබෙනවා. එම විග්‍රහ කිරීම් කිහිපයක් මේ ලිපියට එක්කාසු කරන්නට බැරි කමක් නෑ. නමුත් මං එහෙම කරන එකෙන්අසාධාරණයක් වෙන්නෙ මෙය නරඹන ඔබටමයි. මොකද වෙන කෙනෙක් දරන මතයක් හිතේ තියාගෙන මෙවැනි චිත්‍රපටයක්නරඹන එක එම චිත්‍රපටයට කරන අසාධාරණයක්. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි.ඒ වගේම මෙම චිත්‍රපටයේ භාවිතා වෙන ඇතැම් දෙබස් නිසා “මෙය පවුලේ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටයක් නෙමෙයි.”

ඒ වගේම මෙහි සබ් එක හදපු පිටපත ගැනත් විශේෂ‍යෙන් සඳහන් කරන්න ඕනේ. මෙම චිත්‍රපටයට අදාල විවිධාකාර DVD පිටපත් තිබුණත් ඒවයේ සමහර ඒ වගේ කාල වේලාව නියමිත ප්‍රමාණයට වඩා අඩුයි. ඒ වගේම කොලිටියත් ටිකක් මදි.ඉතිං චිත්‍රපටය ගනිද්දි Sujaidr (criterion) කියන 789 MB ප්‍රමාණයේ බ්ලුරේ පිටපත අරගන්න. ඒ පිටපතට ගැලපෙන්නතමා සබ් එක හැදුවේ. එය ගුණාත්මක භාවයෙන් ඉතා ඉහල බ්ලුරේ පිටපතක්. එහෙනම් ඉතිං මේ වටිනා චිත්‍රපටය නරඹන්නකියලා ආරාධනා කරනවා. මේක මගේ 30 වෙනි සබ් එක. තවත් උපසිරසක් ඉක්මනින්ම රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන්මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !

 

Torrents Download

| Bluray | x264 | 720p | 789MB |

CCB2882961510C8468B6D1E5BC3416B0DBAE9863

Direct Download 

| Bluray | x264 | 720p | 789MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Ravindu Heshan

Ravindu Heshan

BAISCOPELK.COM
MEMBER

Films

Josee, the Tiger and the Fish (2020) AKA Joze to tora to sakanatachi | හදවතේ පියාපත් විහිදා ඔබේ සිහින වලට ඉගිලෙන්න.

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search google Click කළ පසු හෑෂ්

Read More »
All TV Series List

Haikyuu!! [S01 : E20] | ඔයිකවා ටෝරු අතිදක්ෂයෙක් නෙවෙයි

මෙම රුපවාහිනී කතා මාලා කොටසට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search google Click

Read More »
18+

Blue Is The Warmest Color (2013) | සම්මත සමාජයක අසම්මත ප්‍රේම වෘතාන්තය..(18+)

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search google Click කළ පසු හෑෂ්

Read More »
නව ලින්ක් ඇතුලත් කිරීම්

පහත පොස්ට් සඳහා ඉවත් වූ ලින්ක් වෙනුවට නව ලින්ක් ඇතුලත් කරනා ලදී.

The Godfather: Part II (1974)

The Godfather (1972)

Twilight (2008)

Tholi Prema (2018)

Interstellar (2014)

Harry Potter and the Deathly Hallows Part 1 (2010)

Boss Level (2020)

Game of Thrones Season 5

Harry Potter and the Half-Blood Prince (2009)

The Cloverfield Paradox (2018)

Oscar Awards 2021
error: Alert: Content is protected !!