Never Goin Back (2018) | ආපසු නොයන්නෙමු
ඉතිං කතාව පැත්තට හැරෙනවා නම් මෙහෙමයි කතාව වෙන්නෙ දකුණු දිග ටෙක්සාස්වල වෙසෙන ඇන්ජලා සහ ජේසී හොද යාලුවෝ දෙන්නෙක්.ඉතිං මෙයාල දෙන්නා පාසල් ගමන අතහැරලා වේටර්වරුන් ලෙස විනෝදයෙන් රස්සාවත් කරගෙන ජීවත් වෙනවා කුලී නිවසක.නමුත් ජේසිගේ 17වන උපන්දිනය ටිකක් පුදුම හිතෙන දෙයකින් සමරන්න ඇන්ජලාට ඕන වෙනවා.ඒ ගල්වෙස්ටන් කියන දිවයිනට ගිහින් මුහුදු වෙරළේ උපන්දිනය සැමරීමයි.ඉතිං කොහොම නමුත් මේ සැමරීමට එයාලට මුදල් ඕන වෙනවා.ඒ වගේම මාසේ ගෙවල් කුලිය ගෙවන්නත් ඕන වෙනව.දෙන්නට ලැබෙන සොච්චම් පඩියෙන් තමයි මේ ඔක්කොම කරන්න තියෙන්නෙ.මේදෙන්නට මහා බාධක ගොඩක් එනවා. දැන් ඉතින් මුලු කතාවම කියල වැඩක් නෑනේ.එහෙනම් ඉතිං කතාව බලල මගේ මේ උපසිරසෙ අඩුපාඩු තියෙනවානම් ඒවත් කියන්න.
එහෙනම් ජය වේවා
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)