Naked Weapon (2002) | නිරුවත් ආයුධය.

ඔන්න යාළුවනේ baiscopelk වෙබ් අඩවියට සිංහල උපසිරැසි සපයන්න තව යාළුවෙක් එකතු වුණා. මගේ නම සජිත් උදිත. ඒ වගේම මේක මගේ පළවෙනිම පළවෙනි උපසිරැසිය. පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මේක මගේ 1st උපසිරැසියනේ… ?

මේ උපසිරැසිය කරන්න මට හිතුනෙ හැමදාම මේ වෙබ් අඩවියෙන් මම උපසිරැසි අරන් බලකොට මට හිතුණා මටත් මේවගේ උපසිරැසියක් දාන්න බැරිද කියල. ඔහොම හිත හිත ඉද්දි මං ඒ අදහස මුලින්ම දැම්මෙ අපේ යස්මික සහෝටයි කැළුම් ගුණසේකර සහෝටයි. එයාලා කිවුවා එහෙනම් ඔයා මේ ෆිල්ම් එකට උපසිරැසියක් කරන්න අපිත් ඔයාට උදව් කරන්නම් කියලා.

ඉතින් මම කොහොමෙන් කෙහොමෙන් හරි ඒකත් බාරගත්තමයි දැනගත්තෙ සබ් එකක් බලනවා වගේ සබ් දාන වැඩේ ලේසි නෑ කියලා. ඒත් මං කොහොමහරි ඉතිං මාර කට්ටක් කාලා සබ් එක දැම්මා. මේකට මට යස්මික සෞභාග්‍ය, ගයාන් රූකාන්ත අයියා, කැළුම් ගුණසේකර අයියා, හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා, හසන්ත වික්‍රමරත්න අයියා වගේම තවත් හුඟක් අය උදව් කළා. ඒ හැමදෙනාටම දහස්වාරයක් මගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය ඒ අයට විශේෂයෙන්ම පිළිගන්වනවා.

මේ ෆිල්ම් එකනම් සමහර අය බලලත් ඇති. කමක් නෑ ආයෙත් බලන්නකො උපසිරැසිත් එක්කම. හරි දැන් අපි මේ කතාව දිහාට හැරෙමුකෝ. මේක ඇවිල්ලා චීන ෆිල්ම් එකක්. මේ කතාව ගලාගෙන යන්නෙ සටන්වලට දක්ෂ පොඩි ගෑනු ළමයි රවටාගෙන එක්ක ගිහින් එයාලට හොඳම සටන්ක්‍රම පුරුදුකරලා ඒ ගෑනුළමයි වැඩිහිටියො වුණාම එයාලව යොදාගෙන කුලියට මිනීමැරුම් කරන කල්ලියක් සහ ඒ කල්ලිය පසුපස හඹායන තරුණ පොලිසි නිලධාරියෙක් ගැන. මැඩම් M කියල ගෑනු කෙනෙක් තමයි අර කලින් කිවුව කල්ලියේ මහමොලකාරි. මුලින් මේ කල්ලියට බඳවාගන්න ගෑනු ළමයි 40ක් ගෙනාවට අවසානෙදි අපරාධ කරන්න ගන්නෙ 3දෙනයි කියමුකො. මේ මිනීමැරුම් කරන්නෙත් එසේ මෙසේ අවිආයුධ, ශිල්පක්‍රමවලිනුත් නෙමේ. එහෙනම් ඒ ආයුධ හා ශිල්පක්‍රම මොනවද? අර ගේන අනික් ගෑනු ළමයින්ට වෙන්නෙ මොකද? අන්තිමේදි මැඩම් M ට මොකක් වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර දැනගන්න කතාව බලන්නම වෙයි ඈ…

කරුණාකරලා ඔයාලාගේ වටිනා අදහස් හා උදහස් පහළින් comment කරලා යන්නත් අමතක කරන්න එපා හොඳේ..!!! “වැරදි ඇතොත් කියාදෙන්න.., අපි ආසයි හදාගන්න…” ආයෙත් සබ් එකක් අරන් එන්නම්කො ඈ… ඕං මම ගියාවේ… ? ?

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 650MB |

Direct Download

| Bluray | x264 | 720p | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!