Mr. Robot [S04 : E08] | මට තවත් මේක කරන්න බැහැ!!

පසුගිය කොටසින්

වේරාට ඕන කරපු දේ ඒ විදිහටම කරගන්න එයාට අවස්තාව ලැබුනා ක්‍රිස්ටා හරහා. ඒවගේම අපිට දැනගන්න ලැබුනා එලියට්ගෙ තාත්තා එලියට්ට ලිංගිකව අඩම්තේට්ටම් කරලා තියෙනවා කියලා. මේ විත්තිය දැනගත්ත එලියට් තමයි එදා අර විදිහට ජනේලෙන් එලියට පැනලා තියෙන්නෙ එයාගෙ තාත්තාගෙන් බේරෙන්න කියලා හිතාගෙන. මිස්ටර්. රොබට් මේ දේවල් ගැන එලියට්ගෙන් සෑහෙන කාලයක් තිස්සෙ හංගන් ඉදලා තියෙනවා. මෙතනදීම ප්‍රශ්නයක් මතු වෙනවා ඇයි එදා ඩාර්ලීන් එලිටට්ට වෙන විදිහක කතාවක් කිව්වේ කියලා. එදා ඩාර්ලීන් කිව්වේ බොරුවක්ද? එහෙම නැත්තම් මිස්ටර්. රොබට් මොකක් හරි විදිහකින් ඩාර්ලීන්ටත් බොරු කියන්න කියලා නම්මාගෙනද?

මෙතන පටලවගන්න එපා මිස්ටර් රොබට් වගේම එලියට්ගෙ තාත්තා ගැන. මොකද දැන් ඉන්න මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගෙ තාත්තම නෙවෙයි. එලියට් විසින් නිර්මාණය කරගත්ත දෙයක්. එදා අර විදිහට එලියට්ට අඩම්තේට්ටම් කරපු කෙනා තමයි ලෙඩ වෙලා මැරිලා ගියෙ. කොහොමහරි වේරාගෙ තර්ජනය නම් කෙළවර වුනා කියලා හිතන්න පුලුවන් ක්‍රිස්ටා වේරාගෙ පිටට පිහියෙන් ඇනලා මරලා දැම්මට පස්සෙ. මේ දේවල් වෙද්දීත් එලියට් තාමත් ඉන්නෙ කවුරු, කාව විශ්වාස කරන්නදෝ කියන අදහසින්.

අද කොටසින්

වේරා මැරුණු නිසා ක්‍රිස්ටා කරන්නෙ එලියට්වත් අරගෙන එතනින් පිටවෙලා යන එකයි. ඒ වගේම වේරාගෙ සහයට හිටිය දෙන්නා ආපහු එද්දී වේරාට වෙච්ච දේ දැනගන්නවා. ඒ දෙන්නා ක්‍රිස්ටාට හො එලියට්ට මොකක් හරි කරදරයක් කරාවිද? හයවෙනි කොටසෙදී ජැනිස්ට අහුවෙච්ච ඩොම් වගේම ඩාර්ලීන් තාමත් ඉන්නෙ. මේ දෙන්නට මොනවා වෙයිද කියලත් අද කොටසින් දැකගන්න ලැබෙයි.

මම හිතාගෙන හිටියෙ මේ වතාවේ අවසන් කතාසමය කොටස් 10 කින් අහවර වෙයි කියලා. හැබැයි සති දෙකකට විතර කලින් හොයලා බලද්දී තමයි දැනගන්න ලැබුනෙ අවසන් කතාසමය කොටස් 13 කින් සමන්විත වෙනවා කියලා. ඒ කියන්නෙ තවත් කොටස් 05 ක්ම මට කර ගහන්න වෙනවා.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x265 | 720p | 149MB | PSA

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| WEB | x265 | 720p | 149MB | PSA

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Mr. Robot [S04 : E08] | මට තවත් මේක කරන්න බැහැ!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *