Mayhem (2017) | මිනීමරු වෛරසයකට මැදි වූ උන්මන්තකයා …

වෛරසයකට පුලුවන්ද මිනිහෙක්ව උන්මන්තකයෙක් කරන්න?

මිනීමරන යන්ත්‍රයක් බවට පත් කරන්න?

හැඟීම් දැනීම් නැති තිරිසන් ඝාතකයෙක් බවට පත්කරන්න?

Mayhem… නමෙන්ම තේරෙනවනේ වැඩේ ටිකක් බරපතලයි කියලා. සාමාන්‍යයෙන්Mayhem කියන්නෙම දරුණු ගනයේ අපරාධවලට. Final Destination එහෙම බලපු අයට ගැළපෙනම සලරුවක් වේවි මේක! පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා තිරගත වුණු Action, Comedy, Horror ශානරයට අයත් වෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ Circle of Confusion සහ Royal Viking Entertainmentසහයෝගයෙන්. වැඩිය කතා ඕනේ නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළම අගයක තියෙනවා.

Rotten Tomatoes 85%

IMDb 6.5

ප්‍රේක්ෂක ප්‍රතිචාර 65%

පැය 1යි මිනිත්තු 26ක කාල පරාසයක් හමුවේ මුල ඉඳන් අග වෙනකම් කිසිම අඩුවක් නැතිව එක දිගට රස විඳින්න පුලුවන් මේ චිත්‍රපටය Joe Lynchගේ අධ්‍යක්ෂණයෙන් හා Matias Carusoගේ තිර රචනයෙන් හැඩ ගැන්වූවක්.

රෑගත කරලා තියන්නේ Belgrade හා Serbia ප්‍රදේශ ආශ්‍රිතවයි.

ප්‍රධාන චරිතය වන කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු නීතිඥයාට පණ පොවන්නේ Steven Yeun. Burming,Sorry to Bother you වැනි චිත්‍රපට තුළින් අප හමුවට පැමිණි ඔහු වැඩියෙන්ම සමීප වුණේ Okja සිනමා නිර්මාණයෙන්. 2017 වසරේ තිරගත වූ අතිශය ජනප්‍රිය The Star ඇනිමේෂන් සලරුවටත් ඔහු තම හඬකැවීම් දායකත්වය සපයලා තියෙනවා. Mayhemහි ප්‍රධාන කාන්තා චරිතය රඟ පාන්නේThe Babysitter හා Monster Trucks තුළින් ජනප්‍රියත්වයට පත් Samara Weavingවිසින්. ඊට අමතරව Steven Brand, Caroline Chikezie, Mark frost, Kerry Fox, Dallas Roberts වැනි සම්මානනීය ප්‍රසිද්ධ නළු නිළියන් ලැයිස්තුවක්ම මේ හා සම්බන්ධ වෙලා තියෙනවා.

මම මුලින්ම කිවුවනේ Final Destination වගේ ෆිල්ම්ස් වලට කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි කියලා. ඉතින්ම ඒ වාක්‍යයෙන්ම අනුමාන කරගන්න පුලුවන් මේ සලරුව අයත් වෙන වර්ගීකරණය! කතා සාරාංශය ගත්තොත් මම පළවෙනියටම උපසිරැසි කරපු Gringo චිත්‍රපටයට යම් තාක් දුරට සමානකම් දක්වනවා.

හිතුමතේ රස්සාව නැති වෙන අසරණයෙක්…

එකපාරටම ඔළුවට කඩා වැටෙන තුරුම්පුවක්…

මොළෙන් ගහන ගේමක් වගේම පිස්සු හැදෙන සටන් ජවනිකා…

( මිනීමරු දාම ඝාතක උන්මන්තකයෝ රැලක් මරාගන්න විදිහ කොහොමට ඇත්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ J )

තමන්ගේ රැකියා ස්ථානය හතරවටින්ම වට කරපු ඇමරිකානු ත්‍රිවිධ හමුදාව…

පපුවට ග්‍රයින්ඩරයකින් ඇනලා හදවත එළියට ගන්න පුලුවන් තරමේ කෙල්ලෙක්…

ඔය ඔක්කොම අස්සේ අර අසරණයාගේ රස්සාව බේරගන්න විදිහක්….

ඔය කතා කළා මදෑ.

දැන් ඉතින් බාගෙනම බලමු.

මොන තරම් වැඩ අස්සේ හිරවුණත්, පුලුවන් තරම් ඉක්මනින් තවත් උපසිරැසියක් ගේන්න හයියක් එන්නේ ස්තූතියි කියලා ඔයාලා දාන පුංචිම පුංචි comment එකෙන්. සතයක්වත් වියදම් නොවෙන එකේ උපසිරැසිය බාගෙන නිකන් යන්නේ නැතිව තමන්ගේ අදහසත් කියාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැමදෙනාම.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 640MB | 

Direct Download

| Bluray | x264 | 720p | 640MB |

    

| Bluray | x264 | 1080p | 1.3GB |

    

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Mayhem (2017) | මිනීමරු වෛරසයකට මැදි වූ උන්මන්තකයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!