Marvels Daredevil [S03 E02] | දේව මහිමය..

ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා..

හෙල්ස් කිචන්වල යක්ෂයා..එහෙමත් නැතිනම් ඩෙයාඩෙවිල් මැරුණා කියලා තමයි හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නේ. නමුත් ඩෙයාඩෙවිල් එදා රෑ බිල්ඩිම කඩා වැටිච්ච තැනින් කොහොමහරි ජිවිතේ බේරගෙන. ඉතින් මැට් මර්ඩොක් ආපහු යන්නේ තමන්ගේ හොදම යාලුවා ළගටවත් තමන් කාලයක් ආදරේ කළ කැරන් ළගටවත් නෙවෙයි. තමන්ව හදා වඩාගත්ත පල්ලියේ පියතුමා ළගට. පියතුමා සහ කන්‍යා සොයුරියෝ ඔහුව බාර අරගෙන බෙහෙත් කරනවා විතරක් නෙවෙයි මැට්ගේ රහසත් රකිනවා. ඉතින් ජිවිතේ බේරුනත් මොකද ඩෙයාඩෙවිල්ගේ කලින් තිබ්බ හැකියාව දැන් නැතිවෙලා ගිහින්. පෙර පරිදි ඔහුගේ තියුණු ඇසීමේ දැනීමේ ශක්තිය දැන් නැහැ..

ඉතින් ඩෙයාඩෙවිල් පල්ලියට වෙලා සුව වෙන්න උත්සහ කරන අතරේ විල්සන් ෆිස්ක් තමන්ගේ ආදරවන්තිය වැනේසා රැකගන්න අවශ්‍ය නිසාවෙන් FBI සමග ගිවිසුමකට එළඹිලා.. නගරයේ ක්‍රියාත්මක වෙන අපරාධ සංවිධාන ගැන ඔහු FBI විශේෂ නියෝජිත රේ නඩීම්ට තොරතුරු ලබා දෙනවා වැනේසාට විරුද්ධව ඇති චෝදනා ඉවත් කරගන්නා ගණුදෙනුව මත.. මේ නිසාම අපරාධකාරයන්ට වීරයෙක්, රජෙක් වගේ හිටිය විල්සන් ෆිස්ක් දැන් බන්ධනාගාරය ඇතුලෙ ඉන්න හැම අපරාධකරුවෙක්ගේම වගේ වෛරයට පාත්‍ර වෙලා ඉන්නේ.

ඒ වගේම අපි දැක්කා කැරන් තවමත් නොපසුබට උත්සාහයක යෙදෙනවා මැට්ට උනේ මොකක්ද කියලා හොයාගන්න වගේම මිඩ්ලෑන්ඩ් සර්කල්හි අභිරහස් ගැන හොයන්න. හැබැයි ඉතින් මැට්ගේ අසහාය අතිජාත මිත්‍රයා වෙච්ච ෆොගී නෙල්සන්නම් ඉන්නේ සියලුම අපේක්ෂා භංග කරගෙන.. ඩෙයාඩෙවිල් ජීවිතෙන් සමු අරන් කියලා තමයි ඔහු හිතන්නෙ.

එහෙමනම් ඉතින් අපි බලමු හෙල්ස් කිචන්වල යක්ෂයා නොහොත් ඩෙයාඩෙවිල් හට මෙවර සටන් කරන්නට වන්නේ කුමන බලවේගයක් සමගද කියලා. එසේනම් ඔබට හෙල්ස් කිචන් වෙත ආරාධනා කරමින් මා සමුගන්නවා.. හෙට ආයෙම සුපර්ගර්ල් සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව.. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |

 Direct Download

| WEB-DL | x264 | STRiFE | 310MB |

| WEB-DL | x265 | 720p | 220MB |

| WEB-DL | x264 | 480p | 1.7GB | Complete S03 |

| WEB-DL | x265 | 720p | 3.4GB | Complete S03 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!