Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E18] | ඔහුගේ සමු ගැනීම ඇයගේ මතකයට පොට පාදයි

ඩේසිට කොහොම හරි පුළුවන් වෙනවා කෝල්සන්ට කරුණු කාරනා මතක් කරලා දෙන්න. හැබැයි සම්පූර්ණයෙන්ම නම් නෙවෙයි. සමහර දේවල් ටිකක්. කොහොම වුනත් මනුස්සයා තේරුම් ගන්නවා. සිමන්ස්ට ඕන වෙන්නෙ දැන් ෆිට්ස්ව හොද කරගන්න. ඒත් ඩේසි ඒකට ඉඩ දෙන්නෙ නැ. මොකද ඉතින් ෆිට්ස් කියන්නෙ ෆ්රේම්වර්ක් එක ඇතුලෙදි වෙනස්ම කෙනෙක්. ඒ වගේම මැඩ්ම් හයිඩ්‍රා ලග එහෙම නැත්නම් එයිඩා ලග ඉන්න කෙනෙක්. ඒ නිසා මනුස්සයා වෙනස්ම පුදගලයෙක් වෙලා ඉන්නෙ. ඔය අතරෙ තමයි රැඩ්ක්ලිෆ් ගැන කතා වෙන්නෙ. එතනදි කෝල්සන් මනුස්සයා ගැන ලිපියක් පෙන්වනවා. හැබැයි මිනිහා ඉන්න තැනක් දන්නෙ නැ. ඉතින් ඩේසි කෝල්සන්ටයි සිමන්ස්ටයි වෝඩ් කියපු ප්‍රතිරෝධකයින් හම්බවෙන තැන යන්න කියලා,ඩේසි ආපහු ට්‍රිස්කේලියන් එකට යනවා. හැමෝම මේ ට්‍රිස්කේලියන් එක දන්නවනෙ. Captain America: The Winter Soldier (2014) එකේ එහෙම තියෙන්නෙ.
ඩේසි ට්‍රිස්කේලියන් එකට ගිහින් රැඩ්ක්ලිෆ් ඉන්න තැනත් දැනගෙන වෝඩ් එක්කලා එතනින් එලි බහින්න හදනකොටම මේ කතා කරලා ඩේසිව එක්ක යනවා මෙහෙයුමකට කියලා. ඔය අතරෙ කෝල්සන් සහා සිමන්ස් දෙන්නා ප්‍රතිරෝධකයින් හම්බවෙන්න ගිහින්. එතනදි මේ අය මිත්‍ර පාර්ශවයෙ කියලා හදුන ගන්නෙ රහස් වාක්‍යයකින්. ඒකෙ කොටසක් එක පැත්තක් කියනවා අනික් කොටස අනික් පැත්ත කියනවා. ඔව් අර වැහි කුඩ කතාව. ඔයාලට මතකද කියලද නම් දන්නෙ නැ, හැබැයි ඔය වැහි කුඩ සීන් එක අළුත් එකක් නෙවෙයි, මොකද ඔය වචන සෙට් එකම තියෙනවා Captain America – The First Avenger (2011) ෆිල්ම් එකෙත්. ඔයාලට මතකද ඒජන්ට් කාටර් රොජර්ව එක්ක යනවා මිනිහව වෙනස් කරන්න ලැබ් එකකට. එතෙන්ට යන්න කලින් තවත් ගෑණු කෙනෙක් අතරෙයි කාටර් අතරෙයි ඔය රහස් වචන ටිකම කියනවා.
හරි ඉතින් කොහොම හරි මේ දෙන්නව එක්ක යන්නෙ ශීල්ඩ් මූලස්ථානයට. එතන ප්‍රධානියා ජෙෆ්රි මේස්. ඔතනට වෝඩ් එහෙමත් එනවා. ඒත් ඩේසි ඒන්නෙ නැ. හැබැයි ඩේසි එවපු කණ්ඩාංක පාවිච්චි කරලා රැඩ්ක්ලිෆ් ඉන්න තැන හොයා ගන්නවා. මිනිහා තනියම ඇග්නස් එක්ක ජොලියෙ ඉන්නවා එයිඩා පිස්සු නටද්දි. කොහොම හරි රැඩ්ක්ලිෆ්ගෙන් සිමන්ස් අහගන්නවා අනික් අයගෙ ඇගවල් කොහෙද හිර කරලා තියෙන්නෙ කියලා.  එතකොටම එතනට එයිඩා එනවා. ඇවිත් ඇග්නස්ව හොයාගෙන ෆිස්ට බොරු කන්දරාවක් කියලා ඇග්නස්ව මරන තැනට පත් කරලා අවසානයෙ රැඩ්ක්ලිෆ්වත් අරන් යනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

90f3cc110103bc85f2cd0aad374751ba2711da18

| HDTV | x264 | KILLERS | 250MB |    

6a0ece50a50038c8ecbe18291011088ea8fc88de

| HDTV | x264 | 720p | 1GB |    

c08aba83218f0c0d1c32a917b2aa401b8bf61bbb

| HDTV | x265 | 720p | 160MB |    

66368f2778f14bf778be7943c3d632f3770973bd

Direct Download

| HDTV | x264 | 480p | 113MB |          

| HDTV | x264 | KILLERS | 250MB |   

| HDTV | x264 | 720p | 1GB |                 

| HDTV | x265 | 720p | 160MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *