Legion [S03] Complete Season | කාල තරණයෙන් අතීතයෙ සිදුවීම් නිවැරදි කිරීම…

එහෙනම් ඔන්න තවත් මාවල් කතාමාලාවක අවසාන කතාසමයක් අරන් ආවා. මං දන්නවා මම මේකට උපසිරැසි අරන් එන්නෙ නැහැ කියලා දෙවෙනි කතාසමයෙ අවසන් කොටසෙදි කිව්වා කියලා. ඒත් මේ කතාව මෙතනින් ඉවර වෙන නිසා කලින් වතාවල් වලදී පස් හය දෙනා එකතු වෙලා කරපු වැඩේ තනියම හරි කරලා ඉවරයක් කරන්න ඕන කියලා හිතුවා. මං හේතු කාරණා කියන්න යන්නෙ නැහැ මොකද අවසානයට ලබා දුන්නු කොටසෙ මං ඒ හැමදේම  එකින් එක කිව්වා. අනික මම එහෙම හේතු පැහැදිලි කරන්න ඕනත් නැහැ කියලා හිතනවා මොකද මේක මගෙ කතාමාලාවකුත් නොවන නිසා.

චාල්ස් එක්සේවියර්ගෙ පුත් ඩේවිඩ් හෝලර් කියන්නෙ මොන විදිහෙ චරිතයක්ද කියලා මුල් කතාසමය පුරාවටම දැකගන්න ලැබුනා. එයාගෙ ඇග ඇතුලේ ශැඩෝ කිං ඉද්දි මේ කිසිම දෙයක් ගැන නොදැන එයාට මානසික රෝහලක ප්‍රතිකාර කෙරෙව්වා මානසික රෝගියෙක් ගානට දාලා. මානසික රෝහලින් පිටවෙලා යාමත් එක්ක එයාට පස්සෙ මිත්‍ර පාර්ශවිකයෝ ගොඩනගාගන්න හැකියාව ලැබුනා. ඒවගේම තවත් විපරිත හැකියාවන් තියෙන සිඩ්නි කියලා හරි අපූරු ගැහැණු ළමයෙකුත් ඩේවිඩ්ට මානසික රෝහලේදී මුණගැහිලා එයාගෙ ඉදිරි වැඩ වලට උදව් කරමින් එයා ලගින්ම හිටියා. දෙවෙනි කතාසමය වෙන් වෙලා තිබුණේ වරක් චාල්ස් එක්සේවියර් විසින් පරාජයට ලක්වෙන ශැඩෝ කිංගේ ශරීරය හොයාගෙන යන ගමන අතරේ වෙච්ච සිදුවීම් වගේම මුණගැහුණු තවත් අපූරු චරිත වටායි. බාස්කට් නොහොත් අද්මිරල් ෆූකියාමාව එහෙම මතක ඇති කියලා හිතනවා.

මේ අපුරු චාරිකාව අතරේ තුන්වෙනි කතාසමය ගොඩනැගෙන්න පාදක වුනු කරුණු දෙකක් දෙවෙනි කතාසමය තුලින් මතුවෙනවා. එකක් තමයි ශැඩෝ කිං ව හොයාගෙන යන ගමන අතරතුර ඩේවිඩ් විසින් සීඩ්ව මත් කරලා එයාව දුෂණයට ලක් කෙරෙනවා. මේ දේ නිසාම සිඩ්නි වගේම ඩේවිඩ් අතරේ දුරස් බවක් ඇතිවෙලා මේ දෙන්නා දුරස් වෙනවා. ඒවගේම ඩේවිඩ් කියන්නේ මේ ලෝකේ විනාශ කරන්න ඉන්න කෙනා කියලා එයාගෙ වටා හිටිය හැම කෙනෙක්ම දැනගන්න ගත්තා. මේ නිසාම එයාගෙ මිත්‍ර පාර්ශවිකයො, සෑහෙන කාලයක් පුරාවටම හතුරෙක් විදිහට සලකපු ශැඩෝ කිං පවා එකතු වෙලා ඩේවිඩ්ව මැඩපවත්වන්න උත්සහයක් ගත්තා. මේ නිසා ඩේවිඩ් හැමදේම දාලා ලෙනී එක්ක පැනලා යන්න තීරණය කලා.

තුන්වෙනි කතාසමය පුරාවටම දැකගන්න ලැබෙයි හැමොගෙන්ම ඈත්වෙලා ගිය ඩේවිඩ් වගේම ලෙනී දෙන්නා එයාලගෙම සමුහයක් ගොඩනගාගෙන ඉන්න විදිහ වගේම කලින් ඩේවිඩ්ගෙ යාලුවො වෙලා හිටිය අය, හතුරො වෙලා හිටිය අය හැමෝම එකතුවෙලා ඩේවිඩ් මරන්න හදන හැටි, ඩේවිඩ් කාල තරණය කරන්න පුලුවන් කෙල්ලෙක්ව හොයාගෙන අතීතයට ගිහින් පෙර සිදුවීම් නිවැරැදි කරන්න උත්සහ කරනවා. මේ දේවල් සාර්ථක වෙයිද? එහෙනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ඩිස්නි – ෆොක්ස් අතර සිද්දවුනු සිද්දවෙච්ච ගිවිසුම් නිසාම FOX සමාගම යටතේ (වර්තමාන අයිතිය ඩිස්නි) තිබුණු FX නාලිකාවේ විකාශය වුනු Legion කතාමාලාව නවත්තලා දාන්න තීරණය කරලා තිබුනා. හරියට FOX යටතෙ තිබුණු The Gifted, Prison Break වගේ කතාමාලා නවත්තන්න තීරණය කලා වගෙ. ඒ කියන්නෙ ආයෙ ලීජන් කතාමාලාව විකාශය වෙන්නෙ නැහැ කියන එකයි. එහෙනම් ඔන්න මං මගෙ කොටස අහවරක් කලා. ?

ගිහින් එන්නම්. ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.6GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 260MB | E01 |

| WEB | x264 | 720p | 230MB | E02 |

| WEB | x264 | 720p | 160MB | E03 |

| WEB | x264 | 720p | 190MB | E04 |

| WEB | x264 | 720p | 210MB | E05 |

| WEB | x264 | 720p | 230MB | E06 |

| WEB | x264 | 720p | 190MB | E07 |

| WEB | x264 | 720p | 190MB | E08 |

| WEB | x264 | 720p | 1.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!