Kalavani 2 (2019) | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..?

ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම කරන දේවල් ටිකක් ලගින්ම යනවා. ඉතින් ජන්ද වැඩ අස්සේ දන්නවනේ පක්ෂ වලට බෙදිලා කර කියාගන්න දේවල් කොච්චරද කියලා. එහෙනම් පළමුවෙන්ම මම මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. වැඩ අස්සේ ඉවර කරේ ජන්දෙ දවසට දෙන්නම් කියල හිතන් , මේකෙ ටයිම් ලයින් ගහල කරපු නිසා පොඩි පොඩි අඩුපාඩුනම් ඇති, ඉතින් මීට කලින් මම උපසිරසිය ලබාදුන් ShathamanamBhavathi (2017)චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වපු, නරඔපු සැමට ස්තූතිය පල කරනවා. විමල් (Vimal), කිව්වම එයාගෙ ඇක්ටින් ගැන දන්නවනේ ඉතින්… මේ සැරේ කලවානි 2 චිත්‍රපටය හරා විමල් තමා රංගනයෙන් දායක වෙන්නේ මැතිවරණ අපේක්ෂකයෙක් විදිහටයි. කලවානි කිව්වම නමෙන් නම් තේරුම ‘හොරා’ කියන එකයි. අරිකි (විමාල්) සහ මහේෂ්වරී (ඕවියා) රංගනයෙන් දායක වන, මෙහි කතාව දසෙට පොඩ්ඩක් හැරුනහොත්, විමල් යනු එයාගේ යහළුවන් සමග හොර වැඩ කරන චරිතයකි.මැතිවරණයට සභාපති තනතුර සදහා ඔහුගේ මාමා තරග වැදීමට ඉදිරිපත් වේ. දිනක් අරිකි හට මහේෂ්වරි මුණ ගැහෙන්නේ එළු පැටියෙකු සොරාගෙන යන විටයි. ඉන් පසු අවස්ථා කිහිපයකදී අරිකි හට මහේෂ්වරි මුණ ගැසෙනුයේ මාරම අවස්ථාවන් කිහිපයකදීය. එක් අවස්ථාවක ඔහුට ඇය ගැන සිතා ගැනීමටත් නොහැකි වන්නේ ඇයගේ ක්‍රියා කලාපය නිසාය. කොහොමෙන් හෝ මහේෂ්වරිගේ හිත දිනා ගන්නා අරිකි ඇය සමග ආදර සම්බන්ධතාවයක් ඇති කර ගනී. අරිකිදේශපාලනයට පිවිස ජන්ද අපේක්ෂකයෙකු වීමට සැලසුම් කරයි. ඒ සැලසුම් කරන්නේ තමන්ගේ යහළුවන් සමග තම මාමාගෙන් ජන්දය ඉල්ලන මුමාවෙන් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි. ඉතින් මහේෂ්වරිගේ වචනය නිසා අරිකිට මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තමා සභාපති වන බව සිතාගනි.  සභාපති වෙනවා කියලා හිතාගත්තට මොකද ගමේ අරිකිටය ජන්දයක් දෙන්න කෙනෙක් ඉදීවිද..? අරිකිට එයාගේ තාත්තගෙවත් ජන්දෙහම්බ වෙන්නනෙ නෑ. ජන්ද කීයක් හමුබ වෙයිද කියලා  බලන් යනකොට අම්මගෙ ජන්දෙත් එක්ක යන්තම් ජන්ද 04 ක් අරිකිට ලැබෙවා. ඒ අරිකිගෙ එකයි, යහළුවන් දෙනොගෙයි, අම්මගෙයි ජන්ද…අරිකි කියන්නෙ ඉතින් හීන් නූලෙන් ගේම ගහන හොරෙක්නෙ. මෙයාට ඉතින් මේ මැතිවරනෙන් මෙයාගේ මාමාව පරද්දන්න තිබ්බනම් ඇති කියන තැන තමයි ඉන්නේ. හිතන් හිටයට මොකෝ බලන් යද්දී ගමේ ජන්ද ඔක්කොම තියෙන්නේ මෙයාගේ මාමාට. මෙයා මේකටනම් නියමම ගේමක් දෙන්නේ, සභාපති වෙන්න ඉල්ලන ජන්දෙට අපේක්ෂක අරිකිටනම් ගමේ හොද ප්‍රථිචාරයක් නැතිම තරම්, කොහොමින් හරි අරිිකි ජන්දෙ දවසෙ මාරම ගේමක් දෙනවා දිනන්න, ජන්ද හතරක් විතරක් වැටෙන මේ අපේක්ෂක අරිකි මේ ජන්දෙන් දිනයිද..? නැත්තම් පරදියිද කියලා බලන්නම ඔයාලටම භාර කරනවා. හිනා වෙවී බලන්න පුලුවන් එහෙනම්..

.චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය                      : ComedyDramaRomance

 අධ්‍යක්ෂණය                : A. Sarkunam

 නිෂ්පාදනය                  : A. Sarkunam

 රංගන ශිල්පීන්             : VimalOviyaRJ Vigneshkanth

 ධාවන කාලය              : 2h 21min

තිරගත කල දිනය          : 5 July 2019 (India)

සංගීතය                        : V. Ronald Regan, Natarajan Sankaran

 IMDB අගය                : 4.3/10

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | Proper | 707MB | 

| HDRip | x264 | 720p | 1.3GB | 

Direct Download

| HDRip | x264 | Proper | 406MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Kalavani 2 (2019) | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!