IT (1990 TV Mini Series) | ඔව්! අපි හැමෝම පාවෙනවා!!

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක් තියෙනවා. හොඳයි මේ චිත්‍රපටය ගැන වැඩිපුර හොයද්දී හම්බ වෙනවා 1990 නිෂ්පාදනය වුණු කථා මාලා දෙකකින් සමන්විත චිත්‍රපටියක්. අද මං ඔයාලට ගේන්නෙ අන්න ඒ කථාව. ඒ 1990 මැයි 28. එක්සත් ජනපදයේ විවිධ තැන් හයකට එකම දවසෙ ලැබෙන දුරකථන ඇමතුම් හයක්. ඒ ඇමතුම් හැම එකකින්ම කියන්නෙ එකම පණිවිඩයක්. ඒ “ඌ ආපහු ඇවිල්ලා“ කියලා. ඉතින් මේ ඇමතුම ලබපු හය දෙනාගෙම මතකය එක් වරම අවුරුදු 30ක් ආපස්සට යන්නෙ විදුලි වේගයෙන්. අවුරුදු 30 කට කලින් එයාල පොඩි කාලේ කරපු කියපු දේවල් එයාලට මතක් වෙනවා. එයා කරපු වීර වැඩ, මෝඩ වැඩ, දඟ වැඩ. එතකොට, එතකොට අර විකටයා! ඔව් විකටයා. එයාල හත් දෙනා එකතු වෙලා එයාලගෙ ගමට භයානක ශාපයක් වෙලා තිබුණු විකටයව පැරැද්දුවා. ඒත් ඇයි විකටයෙක්ට ඔච්චර බය? මොකද ඒ විකටයා භයානක ශාපයක්, උවදුරක් හින්දා. තව එකක්, අපේ යාළුවො හත් දෙනා හොයා ගන්නවා මේ ශාපය හැම ඇවුරුදු 30 කට වතාවක් එනව කියලා!

ඉතින් අවුරුදු 30 කට පස්සෙ ඒ දවස උදාවෙලා. හිටි ගමන් පොඩි ළමයි අතුරුදහන් වෙන්න, මිය යන්න පටන් ගන්නවා. අපේ යාළුවො හත් දෙනාගෙන් එක්කෙනෙක් තාමත් ඉන්නෙ එයාලගෙ ගමේමයි. එයා දකින එක දෙයක් හින්දා දැනගන්නවා “ඌ“ ආපහු ඇවිල්ල කියලා. අපේ යාළුවො දැන් අවුරුදු හතලිස් ගණන් වල ඉන්නෙ. එයාල පොඩි කාලේ පොරොන්දුවක් වෙනවා “ඌ“ ආපහු ආවොත් නැවත එකතු වෙලා ඌව පරද්දනව කියලා. ඉතින් අර ඇමතුම් හය යන්නෙ යාළුවන්ව ආපහු එකතු කරගන්න. ඒත් එයාල හත්දෙනාටම ආයෙ එකතු වෙන්න පුළුවන් වෙයිද? ඒ විතරක්ම නෙවෙයි විකටය මෙවර පළිගන්න හදන්නෙ තනියම විතරක් නෙවෙයි. අපේ යාළුවන්ගෙ පරණ හතුරෙකුත් එකතු කරගෙන. අපේ යාළුවො මරණ බය කියන එකට හොඳටම මුහුණ දෙනව මේ සැරේ. ජීවිතයෙන් පවා වන්දි ගෙවන තත්ත්වයට පත් වෙනවා. ඉතින් අපේ යාළුවන්ට අවුරුදු 30 කට කළින් කළා වගේ විකටයව ආපහු පරද්දන්න පුළුවන් වෙයිද? විකටයා ඇත්තටම විකටයෙක්ද??? Stephen King මහතාගේ 1986 සැප්තැම්බර් 15 ප්‍රකාශයට පත් වුණු, පිටු 1138 න් සමන්විත ග්‍රන්ථය එහෙම පිටින්ම 1990 නොවැම්බර් 18 සහ 20 TV Mini-Series එකක් විදිහට එළි දැක්වුණු, IMDb අගය 6.9 ක් වුණු පැය 3යි විනාඩි 7ක් තිරගත වෙන මේ චිත්‍රපටිය බලන්න කියල මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1.4GB |    

01B461B598307FFC19ADFBEE8578E0FC1D2DEAC9

| DVDRIP | x264  | 775MB |    

079DBE1CABDE7C99C722EB4FC0FB0A26877BEAEE

Direct Download

| Bluray | x264 | 720p | 1.4GB |

   

| DVDRIP | x264  | 775MB |

   

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *