Into the Badlands [S03:E01] | රුදුරු බිමේ තෙවන ආගමනය!
සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ තියෙනවා.අද ඉදන් කට්ටිය ලෑස්ති වෙන්න.
සීසන් 2 එකේ අවසාන එපියෙ සිද්ද වුනු දේවල් පොඩ්ඩක් මතක් කරනවනම් සනී සීසන් 2 එකේ අවසානය වෙනකම්ම උත්සාහ කලේ වෙයිල්ව හොයගන්න ඒත් අවසාන එපියෙදි ඒ උත්සාහය සම්පූර්යෙන්ම වතුරෙ යනවා ක්විනින් වෙයිල්ව මැරුවට පස්සෙ.. අනිත් දේ තමයි සනීගෙ ප්‍රධාන හතුරා සහ කලින් ඉඳපු සිටුතුමා ක්විනින්තුත් අවසාන එපියෙදි මරණයට පත් වෙනවා.කොහොමහරි අන්තිමට සනීට ඉතිරි වෙන්නෙ පුංචි දරුවා විතරයි.. ටිල්ඩත් විඩෝ එක්ක තියෙන සම්බන්ධතාවය අවසන් කරනවා.
අද අලුත් කොටසෙදි සනී ඊලඟට මොනවද කරන්න යන්නෙ කියලා බලාගන්න පුලුවන්.ඒ වගේම කලින් අවසාන කොටසෙදි අස්රාව එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්න හදපු බැජීට මොකද වෙලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුලුවන්. අනිත් දෙන්නා එම්.කේ තුයි විඩෝයි ඉස්සරහට කරන්න යන්නෙ මොනවද කියලත් අද කොටසෙදි බලා ගන්න පුලුවන්.මම වැඩි විස්තර මොකුත් කියන්න යන්නෙ නෑ අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලන එක ඔයාලට බාරයි..
මුලදි මිනි සීරීස් එකක් විදියට ආපු සීරීස් එක දැන් ඒ තත්වයෙන් මිදිලා සීසන් තුනක් දක්වාම ඇවිත් තියෙනවා..ඒ වගේම මේකෙ එපිසෝඩ් ගානත් වැඩි කරලා තියෙන්නෙ.. AMC එකත් දිගින් දිගටම විශ්වාසය තිබ්බ කතා මාලාවේ සීසන් 3 පලමුවෙනි එපිසෝඩ් එකටත් 8.6 ක වගේ ඉහල IMDB අඟයක් ලැබිලා තියෙනවා.සමස්ත කතාව 8.1ක වගේ ඉහල IMDB අඟයකුත් පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.. එහෙනම් කාර්යබහුල ප්‍රථම වසර ශිෂ්‍යයෙක් වුනත් එපිසෝඩ් එක රිලීස් වුන ගමන්ම ඉදිරි එපිසෝඩ් වලට උපසිරසි දෙන පොරොන්දුව පිට මම ගියා.. ආහ් මේ 48 වෙනි එක 50 ගහන්නත් තව තව දෙකයි තියෙන්නෙ..ලබන සතියෙ සෙට් වෙමු. එතෙක් ජය !
Torrents Download
| HDTV | x264 | SVA | 400MB |
2CE1CD8DC18D793A5088082234D235C7E6839DFE
Download kranna ba error ekk enava ne
Ai dwnlrd denne ntte
ntte