Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) | පළිඟු ඔලුවේ අභිරහස…

ආයුබෝවන් යාලුවනේ! මේ මගේ දෙවෙනි පෝස්ට් එකයි. මගේ පළමු පෝස්ට් එක කොමඩි ෆිල්ම් එකක් වන The Naked Gun 1. මම අද ඔයාලට දෙන්න යන්නේ වික්‍රමාන්විත සිනමා පටයක්. මම හිතනවා බොහෝ දෙනා ‘ඉන්ඩියානා ජෝන්ස්’ චරිතය ගැන අසා ඇති කියලා. මෙම චිත්‍රපටිය, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ හතරවැන්නයි. මෙහි දෙවැනි චිත්‍රපටිය (1984) සඳහා ලාංකීය නළු නිලියන්ද සහභාගී වී තිබෙනවා.

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂකවරයා වන්නේ සුප්‍රකට ස්ටීවන් ස්පිල්බර්ග්ය. මෙම චිත්‍රපටිය IMBD වල 6.4 ක අගයක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටිය පැය 2 ක් පුරා ගලා යන මුත්, කිසිම කම්මැලි කමකින් තොරව නැරඹිය හැකියි.

කතාව කෙටියෙන් කිවහොත්, මෙය ආරම්භ වන්නේ 1957 වර්ෂයේදී රුසියානුවන් විසින් ඉන්ඩියානා ජෝන්ස්ව පැහැරගනු ලබන සිදුවීමකින්. ඉන් බේරී නැවත සිය රක්ෂාව කරමින් සිටින විට, ඔහුට එයද අහිමි වෙයි. ඉන්පසු ඔලුව හැරුන අතේ යාමට සුදානම් වන විට, කොල්ලෙක් ඇවිත් ඔහුට පණිවිඩයක් දෙයි. එනම් ඔහුගේ හොඳම යාලුවෙක් වන ඔක්ස්ලිව පැහැරගෙන ගොස් මරන්න හදන බවයි. ඉන්ඩියානා තම මිතුරා බේරා ගැනීමට යන ගමනේදී සිදුවන දෑ අපමණයි. ඉන් සමහර දෑ ඔහුගේ ජීවිතය කෙරෙහිද බලපානු ලබයි. මේවා මොනවාද කියා දැන ගැනීමටනම් කතාව නැරඹීමට සිද්ධ වෙනවා. ඒ දේවල් කිව්වොත් කතාවේ අගයක් නැති වෙනවා.

ඉතින් යාලුවනේ මම මේ වැඩේ බාර අරගෙන මාස 2 ක් විතර ගියා. මට සමාවෙන්න ඕන එච්චර කල් ලිස්ට් එකේ තියන්න වුනාට. වැඩ අස්සේ අමාරුවෙන් තමයි මේ වැඩේ ඉවර කර ගත්තේ. මගේ කලින් පෝස්ට් එකට මම බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාර ලැබුනේ නැහැ. නමුත් බාගත කිරීම් විශාල වශයෙන් තිබිලා තියෙනවා. ඔය අයගේ දිරි ගැන්වීම මත තමයි ඉදිරි උපසිරැසි ගැන්වීම් තීරණය වෙන්නේ. මොකද මේක ආවට ගියාට කරන්න බැරි දෙයක් නිසයි. සියලු දෙනාට ජය වේවා!!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

 | Bluray | 720p | x264 | 850MB |

 Direct Download

| Bluray | 480p | x264 | 510MB |

 | Bluray | 720p | x264 | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!