I’ll Be Next Door for Christmas (2018) | ආදරණීය නත්තල

නත්තල..ජාති,ආගම් බේදයක් නැතුව හැමෝම ආදරේ කරන ආදරණීය නත්තල. ඉතින් මේ නත්තල තේමා කරගෙන නිර්මාණය උන මේ අවුරුද්දෙ මගෙ අන්තිම උපසිරැසියත් බයිස්කෝප්වාසි හැමදෙනාටම අරන් ආවා ඔන්න.නත්තල ගැන කාටවත් අටුවා ටිකා කියන්න අවශ්‍ය නෑනෙ.ජේසු බිලිදාගෙ උපත මූලික කරගෙන සමරන නත්තල් උත්සවයට ඒ වගේම කෑම බීමවලට,සැරසිලි වලට,නත්තල් සීයට කවුද අකමැති?ඉතින් මේ නත්තලට පිස්සු වැටුන පවුලක් තමයි මේ කතාවට මුල් වෙන්නෙ.පවුලක් කිව්වට මේ පවුලෙ තාත්තට තමයි ලොකුම නත්තල් පිස්සුව තියෙන්නෙ.(එයා අගෝස්තු වෙද්දි නත්තල් සැරසිලි කරලත් ඉවරයි)ඉතින් මේ පවුලේ දුව නිකී පොඩි කාලෙ ඉදලම තාත්තගෙ නත්තලට තියෙන ආසාව,පිස්සුව හින්දා ගොඩක් අපහසුතාවට පත්වෙනවා. ඉතින් නිකී අවුරුදු 16දි කොලේජ් එකේ ගිම්හාන කදවුරකට යනවා,එයාට ටේනර් කියලා පිරිමි ළමයෙක් ආදරේ කරනවා.ඒත් මේ ටේනර්ට නත්තල පෙන්නන්න බෑ,මොකද එයාගෙ අම්මා එයාවයි තාත්තවයි අතෑරලා යන්නෙ නත්තල් දවසෙ.ඉතින් එයා නත්තල් දවසෙ රෑ කෑමකට එනව නිකීලගෙ ගෙදරට. ඒත් නිකී එයාගෙ පවුලෙ අයව ටේනර්ට අදුන්නලා දෙන්න කැමති නෑ.එයා ඒ වෙනුවට නලුවන්ව කුලියට ගන්නවා.නත්තලට කැමති අය අරන් බලන්නකො මේක. කතාව බලලම තීරණය කරන්න හොදයිද නැද්ද කියලා.

කොහොම උනත් මේ ෆිල්ම් එකේ පසුබිම ගැන වැඩි විස්තරයක් කරන්න නෑ.ලොකු සමාගමකින් නෙමෙයි නිශ්පාදනය කරලා තියෙන්නේ. Unites states Motion picture company තමයි සමාගම. IMDB අගය 6.1 ක් තියෙනවා.අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ David Jackson Willis.Tamara Douglas-Morris තමයි සංගීතය සපයලා තියෙන්නෙ. Comedy ගණයට අයත් මේකෙ ධාවන කාලය පැයයි විනාඩි 40ක්. 2018 දෙසැම්බර් හතර තමයි නිකුත් වෙලා තියෙන්නෙ. Juliette AngeloJavier BolanosRegan BurnsBeth LittlefordLondon FullerEve Brennerආදී නලු නිලියන් තමයි ප්‍රධාන චරිත වෙන්නෙ.

ඉතින් ඔය ටික තමයි මේ චිත්‍රපටයෙ විස්තර. 2018 වසරත් නොදැනීම ගෙවිලා ගියා. (ෆිල්ම් TV seriesඑක්ක) 2019 වසරේ මීටත් වඩා හොද උපසිරැසි සමග හමුවෙමු එහෙනම්.ලබන වසරේ ටෙලි කතා මාලාවකට උපසිරැසි කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. හරි ඉතින් ඔයාලා හැමෝටම ලබන්නාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවායි පතනවා,ඒ වගේම ලබන්නාවූ 2019 නව වසර තව තවත් සුපිරි ෆිල්ම්, TV series බලන්න පුලුවන් වෙන සියලු ප්‍රාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

WEBRIp  | x264 | 838 MB |

Direct Download

WEBRIp  | x264 | 838 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “I’ll Be Next Door for Christmas (2018) | ආදරණීය නත්තල

  • මචන් aquaman ඕනේ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *