Hanna (2019-) [S01 : E04] | මේ සැබෑම පියාද??

එහෙනම් අද අරගෙන එන්නේ හැනා සීරීස් එකේ හතරවන කොටසයි, වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගමු.

කොහොමහරි අර ලුහුබැඳ එන්නන්ගෙන් බේරිලා හැනා කෝච්චියට නැගගත්තට පස්සේ බර්ලින් නගරයට එනවා. එතනදී කලින් කතාකරගත්තු විදිහටම හැනායි ඇගේ තාත්තයි නැවත හමුවෙනවා. පස්සේ එරික්ගේ පැරණි මිතුරන් කිහිපදෙනෙක් හමුවෙන්න ඔවුන් දෙදෙනා යනවා. නමුත් ඔවුන් නවාතැන් ගන්නේ ඉතා රහසිගත තැනක. ඒ මරීසා වීග්ලර්ට ඇස නොගැටෙන විදිහටයි. ඔවුන්ගේ මූලිකම අභිප්‍රාය වෙන්නේ වීග්ලර්ව ඝාතනය කිරීමයි. ඉතින් ඔවුන්ට ඊලඟට අවශ්‍ය තුවක්කුයි. ඒකට ඔවුන් හමුදා මූලස්ථානයකට හොරෙන් ඇතුලු වෙනවා. නමුත් පැහැරගන්නා අතරතුරදී ආරක්ශකයින්ගේ ඇස ගැනීමක් නිසා ඔවුන් ඉතා අපහසු ලෙස එතනින් පලා යනවා.

ඉතින් ඔය කතාව ආරංචි උන වීග්ලර් ඔවුන්ව අල්ලාගැනීමට ඒ මූලස්ථානයට යනව. දැන් ඇගේ එකම ඉලක්කය එරික්ගේ මිතුරෙක් තමන්ගෙ පැත්තට හරවාගැනීමයි. හිතුවා වගේම ඒ වැඩෙත් හරියනවා. නමුත් කොහොමහරි එරික්ගේ තික්ශණ බුද්ධිය මගින් තම මිතුරාව බිලි දී ඔහු ජීවිතේ රැකගන්නවා. නමුත් ඔවුන් කලින් සැලසුම් කරගෙන හිටිය විදිහට සියල්ල සිදුවෙන්නෙ නෑ, කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය උන මැරීසා වීග්ලර් ව කොටු කරගැනීම ඉතා සාර්ථක ලෙස ඉටුවෙනවා. ඉතින් එහෙනම් එතනින් එහාට මං කතාව කියන්න යන්නෙ නෑ.

ප.ලි- මේ දවස් වල තියෙන කාර්‍යබහුලත්වය නිසා එක දවසකට ඉවරකරගන්න හිටිය එපියක් දවස් එකහමාරක් විතර වැයකරගෙන ඉවරකරගන්න තත්වෙට පත්වෙලා ඉන්නෙ. ඒ පමාව ගැන මං ඇත්තටම සමාව ඉල්ලනවා. ඉතිරි කොටස් හතර මීට වඩා ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ කොටසත් අරගෙන ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.

බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEBRip | x264 | 720p | 3.4GB | Complete S01

Direct Download

|  WEBRip | x264 | 720p | 470MB |

|  WEBRip | x265 | 720p | 160MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!