Good Luck Charlie It’s Christmas (2011) | මහපාරේ ගතවෙන දුක්ඛිත නත්තලක්ද ?

* හොඳයි, සුභ දවසක් සහ සුභ නත්තල් කාලයක් හැමෝටම ! ඔන්න නත්තල වෙනුවෙන් එහෙනම් ලස්සන විනෝදකාමී නත්තල් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ඇවිල්ලා Disnep ලගේ වැඩක්, ඒ නිසා පවුලේ හැමෝටම එකට ඉඳගෙන මේ චිත්‍රපටිය කිසි බයක් නැතුව ඔන්න බලතහැකි.

කතාව මේකයි,

චර්ලි නම් කුඩා ගැහැණු ළමයෙකුගේ ප්‍රථම නත්තල් දිනය සුන්දරව සමරන්න 6 දෙනෙකුගෙන් සමන්විත පවුලක් තමන්ගේ වැඩිහිටි මව්පියන්ගේ නිවස බලා පිටත්ව යෑමේදි කුඩා දැරියගේ මවට සහ වැඩිමහල් අක්කාට මහ මඟදි සිදුවෙන අකරතැබ්බයක් තමයි මේ චිත්‍රපටියට අඩංගු කරලා තියෙන්නේ.

තාත්තයි පුතාලා දෙන්නයි පුංචි දුව චර්ලියිටයි ඇතිවෙන යම්කිසි හේතුවක් නිසා වෙනම ගමන් මාර්ගයකින් මවගේ වැඩිහිටියන්ගේ නිවස බලා පිටත්ව යෑමට සිද්ද වෙනවා, අම්මටයි දුවටයි තනියම වෙනම ක්‍රමයකින් තමයි ඔවුන්ගේ අදාල ගමනාන්තයට යන්නට සිද්දවෙන්නේ. ඉතින් අම්මගෙයි දුවගෙයි මේ ගමනෙදි මේ දෙන්නට මහ මඟදි නොසිතු බාධක කරදර ‍රැසකට මූණ පාන්න සිදුවෙනවා, අපූරු සිදුවීම් දාමයකුත් සිදුවෙනවා, අම්මයි දුවයි දෙන්නා ඇති පදමට ගහමරා හිටං ගන්නවා, මෙයාලට අපූරු අපූරු පුද්ගලයොද හම්බවෙනවා. මේ අපූරු පුද්ගලයෝ නිසා අම්මයි දුවයි කබලෙන් ලිපට වැටෙන තත්වයට මහමඟදි පත්වෙනවා. දෙන්නම අසරණබාවයේ උපරිමයටම පැමිණෙනවා තමන්ට අදාල ගමනාන්තය කරා නත්තල ලැබීමට පෙර යාමට බැරිව. සාර්ථකව තම ගමන තාත්තයි පුතාලා දෙන්නයි පුංචි දුව චර්ලියි ගොසින් අවසන් කරනවා. ඒ නමුත් වැඩිහිටියන්ගේ නිවසෙදි මෙයාලට සුවපහසුදායි කාලයක් නම් ගත කරන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම තාත්තට විශාල වෙහෙස මහන්සියක් දරන්න සිද්ද වෙනවා මේ ගෙදර ආච්චිගේ වටිනා කියන බඩුමුට්‍ටු වලින් දඟකාර පුංචි චාර්ලිව ඈත් කරලා තියන්න. පොඩි පුතාට වෙනවා බුම්බගෙන කැම්මැලිකමෙන් මුල දවසෙම සීයා එක්ක කේන්තියෙන් ඉන්න. තව මේ තාත්තටයි පුතාලා දෙන්නටයි නොසිතු මොහොතක අවි ‍රැගත් කණ්ඩායමක් සමග යුද්ධයකටත් මූණ දෙන්න සිද්ද වෙනවා.

ඇයි මෙයාලට මේ ගමනෙදි මෙහෙම වෙන් වෙලා යන්න සිද්ද වෙන්නේ ? මොනවද මේ අම්මටයි දුවටයි මහ පාරෙදි වෙන්නේ ? මොනව මේ අපූරු සිදුවීම් ? කවුද මේ අපූරු පුද්ගලයෝ ? නත්තල උදාවෙන්න කලින් මේ දෙන්නට ගමන යාගන්න පුළුවන් වෙයිද ? තාත්තයි පුතාලා දෙන්නටයි ඒ දිහාදි මොකද වෙන්නේ ? පුංචී චර්ලී අච්චීගේ මේ වටිනා කියන බඩුමුට්‍ටු කුඩු කරලා දායිද ? පොඩි කොල්ලයි සීයගෙයි අතරේ වෙන සිද්දිය මොකක්ද ? මොකක්ද මේ මෙයාලට මූණ පාන්න වෙන යුද්ධය ?

මේ හැමදේටම උත්තර දැනගන්න චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.

සීතල නත්තලේ එහෙනම් ඒකට ඉඳගෙන හැමෝම මේ චිත්‍රපටිය අරන් බළලා රසවිඳින්න කියලා හැමෝගෙන්ම මම ඉල්ලනවා.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 680MB |

Direct Download

| BluRay | x264 | 720p | 680MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *