Ghost Wars [S01 : E02] | ඇතුල්වීම නොමිලේ පිටවීම තහනම්….

කතාමාලාවේ දෙවනි කතාංගයේ සිංහල උපසිරැසිත් අරගෙන ඔන්න මන් ආවා.කුරිරු අවසානයක් යැයි සිතාගත හැකි ඛේදජනක අනාගතයක ආරම්භය කතා සමයේ පලමු කතාංගයෙන් පැහැදිලි වෙන්න ඇතිය කියලා හිතනවා.ගියවර ලිපියේ සදහන් උනු ගැටලු බොහෝමයකට මේ වනවිට පිලිතුරු ලැබෙන්න ඇති බලපු හැමෝටම..හොල්මන් එහමෙත් දකින්න ඇතිනේ …බූඌඌඌඌ…..??පෝට් මූරේ නගරෙ ඉන්න මිනිස්සු ගැන නම් කලකිරෙන්න ඇති.රෝමන්ගෙ මානසික හැකියාව මොන වගේද කියලා පලවෙනි එපියේ බාර් එකේදි දාපු වැඩ කෑල්ලෙන් හොදටම දකින්න ඇති..ඉතින් ටවුමෙ හිටපු රෝමන්ව විස්වාස කරපු ආදරණිය ෂෙරිෆ් සෑම් රෝමන්ගෙ අතේම මියැදුනා.. භූමිකම්පාව නිසා බස් රතයේ අනතුරටත් අන්තිමේ වැරදිකාරයා උනේ රෝමන්… දැන් රෝමන්ව තේරැම් ගත් පුදුගලයින්ගේ ඉන්නෙ පල්ලියේ පියතුමා විතරයි…හරි හොද අවංක මනුස්සයා දැනට නම්.රෝමන් නගරෙන් පිටවෙන්න උත්සහ කර නමුත් ඔහුට යන්න පුලුවන් උනාද… නෑ…. එපිසෝඩ් එක අවසානයේ අපිට දැකගන්න පුලුවන් උනා පාලම විනාස වෙලා හැමෝටම දූපතේ කොටුවෙන්න සිද්ද උන බව.

ඉතින් පෝට් මූරේ තනිවෙලා ව්‍යසනයකට ලක්වෙලා ඇති මේ අවස්තාවේ අපි අද කතාංගයටත් පොඩි ආරම්බයක් ගමු.

පාලමත් නෑ , දුරකතන වැඩක් නෑ , පිටතින් ආරංචියකුත් නැති මේ වෙලාවෙ මුහුද හරහා ගොඩබිම සිට පෝට් මූරේ වෙතට ඇදෙන කුඩා යාත්‍රාවක්..කවුද එහි සිටින්නෙ ?? නමින් ඔහු බිලී මැග්‍රාත් . සිදුව ඇති විනාශය නොදැන ඔහු මේ පය තබන්න යන්නෙ කුමක අනතුරකටද?අපි බලමු , හොල්මන් කියන්නෙ බිලිට අලුත් මාතෘකාවක් , ඒ හින්දම හොල්මන් උත්සහ කරන්නෙත් ඔහුව බිලී බා ගන්නමයි.බෝට්ටුව පවා අලුත්වැඩියා කරන්න වෙන තරමට හානි වෙනවා.කවුද මේ බෝට්ටුවට අරක ගත් බූතයා ? ඇයි ඒ බූතයා මේ තරම්ම වැදගත් ඇයි කියලා ඔයාලාම හොයාගන්න.
අහංකාර නගරාධිපතිනිගේ පවුලට තමයි මේ කතාංගයෙන් වැඩි අවධානයක් දීලා තියෙන්නෙ.මොකද බිලීගේ පැමිනීම නිසා අවුරැදු 10ක අදුරැ අතීතයේ බියකරු රහසක් යලි අවදිවෙලා ඔවුන්ට කරදර දෙන්න පටන් ගන්නවා.රෝමන්ව මුන ගැහෙන්නෙ බිලීට කරදර පිට කරදර එන වෙලාවෙමයි..රෝමන් කියපු යමක් නිසා බිලීට රෝමන්ගෙ උදවු අවශ්‍ය වෙනවා.මේ අතර සුපුරැදු ඝාතන රැල්ල මේ කතාංගයෙත් ක්‍රියාත්මක වෙනවා.හොල්මන් වලින් ඇතිවෙන කරදර එන්න එන්න දරැනු වෙනවා..බිලීට උදවු කරන එකෙන් රෝමන්ට මේ දූපතෙන් යන්න අවස්තාවක් උදාවෙන ආකාරයකුයි පේන්න තීන්නෙ.. අවාසනාවක මහත..බොරැව යටපත් වෙලා සත්‍ය එලි බසිද්දි ප්‍රශ්න යතා තත්වයට පත් වෙමින් බිලී යන්න යනවා..රෝමන්ගෙ එකම බලාපොරොත්තුවත් සුන් උනාද ?? ඒත් ඒ මොකක්ද උනේ ? බිලීට වතුරෙදි මුහුන දෙන්න වෙන්නෙ හරි අපූරැ අත්දැකීමකට..පේන විදියට කාටවත් පිට වෙන්න බැරි වෙන්න හොල්මන් හරි අපූරැ උපක්‍රමයකුයි යොදවලා තීන්නෙ…ඔයාල කතාව බලලම හොයාගන්න..මන් කිවුවොත් ඒකෙන් කතාවෙ අරථ රසයට ලොකු හානියක් වේවි .

එහෙනන් හැමෝටම දෙවන කතාංගයත් කම්මැලි නැතුව බලන්න පුලුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.අපි ආපහු තුන්වන කතාංගයෙන් මුනගැසෙමු..එහෙනම් හැමෝටම ජය !!

 Torrents Download

| HDTV | x264 |SVA | 880MB |

B6407C58CE298F6731A7966230284A2592030246

Direct Download

| HDTV | x265 | 720p | 200MB |

| HDTV | x264 | 720p | 800MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!