Elizabeth Harvest (2018) | මිනිස් අස්වැන්න…

“මගේ නම එළිසබෙත්, මට වඩා ගොඩක් වැඩිමල් දොස්තර කෙනෙක් වෙන හෙන්රි කෙලන්බර්ග් එක්ක මම විවාහ වෙලා ඔහුගේ නිවසට ආවා. එහේ හිටියේ ගෙදර ගෘහ සේවිකාව වෙන ක්ලේයායි , ඔලිවර් කියලා අන්ධ කොල්ලෙකුයි විතරයි. එහේ ආපු වෙලාවේ ඉඳන් මට මහ අමුත්තක් දැනුනා. හෙන්රි මට ගෙදර හැමතැනම පෙන්නුවා. අන්තිමට එයා මට පෙන්නුවේ බිම් මහලේ තියෙන දොර වහපු අමුතු කාමරයක්. ඔහු මගෙන් පොරොන්දුවක් ගත්තා මේ ගෙදර වෙන ඕන තැනක ගියත්, කවදාවත් මේ කාමරයටනම් යන්න එපා කියලා. ඒත් මට ඒ පොරොන්දුව රකින්න අමාරු උනා. මම ගෑනු කෙනෙක් නිසා වෙන්න ඇති මම හරිම කුතුහලයෙන් හිටියේ. බැරිම තැන මම ඒ කාමරය ඇතුලට ගියා. එතකොට මම ඒ දැකපු දේ නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා, ඇත්තටම කිව්වොත් අපේ ජිවිත වෙනස් උනා.”

කොහොමද යාළුවනේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, උපසිරැසිකරණයට මට මේ චිත්‍රපටය ලබා දුන් සිසිල ප්‍රසාද් සහෝ ඇතුළු බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට ගොඩක් ස්තුති කරනවා. 2018 දී අගෝස්තු 10 දින සිට තිරගත වීම ඇරැඹූ මෙම සලරුව 5.7IMDb අගයක් ලබා Rotten Tomato හී 45% ක් ලබා ගැනීමට සමත් වෙනවා. Mystry/Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Sebastian Gutierrez අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඒ වගේම මෙම චිත්‍රපටය පුරාවටම ඉන්නෙ නළු නිළියන් 5ක් විතරයි. ඒ වගේම එකම පසුතලයක තමයි ගොඩක් දර්ශන රූ ගත කරලා තියෙන්නේ. අවසානය කවුරුත් නොහිතන අමුතු තේමාවක් රැගත් චිත්‍රපට නැරඹීමට කැමති අයට හොඳ චිත්‍රපටයක්. මේක පවුලේ සැමට එකට සිට නැරඹන්න නොහැකි බවත් පොඩ්ඩක් මතක තියා ගන්න.

මෙහි නළු නිළියන් පිරිස නම් ඒ තරම් ප්‍රසිද්ධ අය නෙවෙයි. එළිසබෙත් ලෙස Abby Lee ත්, Ciarán Hinds හෙන්රි කෙලන්බර්ග් ලෙසටත් Carla Gugino ක්ලෙයා ලෙසත් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනවා, ඉතින් ඔයාලා ලිපියේ මුල් ටික කියෙව්වම ප්‍රශ්න ගොඩක් ඔළුවට එන්න ඇති. ඉතින් ඒ ප්‍රශ්න ටික විසද ගන්න මේ සලරුව නරඹලා ගුණ දොස් කොමෙන්ට් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. මේ වගේ උපසිරැසියකින් ආයෙත් හමුවෙමු. ජය වේවා!

තෙරුවන් සරණයි !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 800MB |

520BC44A06E07B9DBC23132463A7B0B72B926D0C

Direct Download

|  WEB-DL | x264 | 480p | 300MB | 

| WEB-DL | x264 | 720p | 800MB | 

| WEB-DL | x265 | 720p | 590MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Elizabeth Harvest (2018) | මිනිස් අස්වැන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!