Dynasties [ S01 : E03 – Lion ] | සිංහ ධේනුවකගේ නායකත්වය…

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  ?

ඉතිං අද එපිසෝඩ් එකේ නම් වෙලා තියෙන විදියටම මේ කොටසින් දකින්න ලැබෙන්නේ බොහොම විශේෂ දෙයක් ගැන. ඒ තමා සිංහ ධේනුවකගේ නායකත්වයෙන් යුතු සිංහ රංචුවක් ගැන. දකුණු අප්‍රිකානු භූමිය තුල ප්‍රසිද්ධියක් උසුලන රක්ශිතයක් තමයි ‘මසායි මාරා’ රක්ශිතය. මෙහි විවිධ කොටස් තුල අණසක නතුකරගෙන සිටින සිංහ කණ්ඩායම් සිටිනවා. සාමාන්‍යයෙන් දිගින් දිගටම පවතින කණ්ඩායම නිර්මාණය වෙන්නෙ සිංහ ධේනුවන්ගෙන්. මේ කණ්ඩායම් හඳුවන්නෙ ‘ප්‍රයිඩ්’ කියලා. ප්‍රයිඩ් එහෙක උපදින පිරිමි පැටවුන් තරුණ වයසෙදි රැලේ නායක සිංහයා හෝ රැලේ අනෙකුත් සිංහයන් විසින් පලවා හරිනවා. ප්‍රයිඩ් වලට අයිතිවාසිකම් කියන මේ නායක සිංහයා/සිංහයන් තමන්ගෙ බලය පවත්වා ගන්නෙ එලෙසයි. ප්‍රයිඩ් එහෙකින් පිටමං කරන තරුණ සිංහයන් තමන්ගෙ පැවැත්ම සඳහා කරන උපක්‍රමයක් තමයි එලෙස ප්‍රයිඩ් වලින් පිටමං කල සිංහයන් හා එක්ව කෝලිශන් (coalition) එකක් පිහිටවීම සිදුකරන්නේ. කෝලිශන් එකක් කියන්නේ සංධානගත වීමක්. තවත් ආකාරයකින් කිව්වොත් තමන්ගෙ පැවැත්ම සඳහා සංධානගත වීම. සාමාන්‍යයෙන් ප්‍රයිඩ් එහෙක සමාජිකයන් ගනන සෑහෙන වැඩි වුනාට කෝලිශන් එකක පිරිමි සාමාජිකයන් 2 – 5 අතර ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන් වෙන්නෙ. නැවත තමන් ප්‍රයිඩ් එහෙකට අයිතිවාසිකම් කියන තෙක් මේ කෝලිශන් පවතිනවා. තමන්ගෙ අණසක තහවුරු කරගත් පසු මේ කෝලිශන් විසිර යෑම හෝ නායකයෙකුගෙ අණසක යටතේ දිගටම පැවතිම තමයි සිදුවන්නෙ. ඉතිං මේ විදියට අපි දැනට දන්නා පරිද්දෙන්, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච “සිංහ වංශයේ රුදුරුතම සංධානය” ගැන කතාව මේ වසරේ කවදා හරි දවසක අරගෙන එන්නම් මම. ඒක බොහොම අපහසු කාර්යයක්ව. චනයෙන් වචනය අසා ලියමින් සිටිනවා ඒ කතාවේ සිංහල උපසිරැසිය. මේ අවුරුද්දේ කොහොමහරි ඒක දෙනවා ?

සාමාන්‍යයෙන් සිදුවෙන ස්භාවය ඔහොමයි. ඒත් මේ කතාවේදී වෙන්නේ, පිරිමි සිංහයෙකුගේ සහයක් නැතුව සිංහ ධේනුවන් දෙදෙනෙක් විසින් තමන්ගේ පැටවුන් සහ තම ප්‍රයිඩය හදා වඩා ගන්නා ආකාරය, ආරක්ෂා කරගන්න ආකාරය ගැන හරි අපුරු කතාවක්. ඒ වගේම මේ කතා මාලාවේ මුල්ම වතාවට නයිට් විෂන් ඔස්සේ හරිම අපුරු දර්ශන කිහිපයක් පෙන්වනවා. අද කතාව ගැන නම් කියල වැඩක් නැහැ ඉතිං…

” මේ මිහිතයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධවූ වස්තුවකි.
දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තකම, වැලි තලාවලින් පිරි ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම, මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පුජනිය වූ වස්තූහු වන්නෝය.
ගස් අතරින් විහිදී යන සෑම අඩි පාරක්ම මිනිසා පිලිබඳ ස්මරණය රැගෙන යන්නේය. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

Direct Download

| Bluray | x264 | 720p | 582MB |

     

| Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.