Dynasties [ S01 : E01 – Chimpanzee ] | ඩේවිඩ්ගේ රාජවංශය…

සුභ නව වසරක් බයිස්කෝප් රසික හැමෝටම.. ලැබුවාවූ මේ වසර ෆිල්ම්ස්, ටීවී සීරිස් වලින් පිරි ඉතිරෙන්න පතමින් අරගෙන ආව සුපිරි භාණ්ඩය දිහාවට හැරෙන්නම්. ?

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  ?

එපිසෝඩ් එක නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ මිනිසාට වඩාත් සමාන ලක්ෂණ දක්වන සත්ව වංශයක් වන චිම්පන්සින්ගේ බල අරගලයක් ගැන. සෙනගාලයේ ඉන්න චිම්පන්සි රැලක ඉන්න නායකයා තමා ඩේව්ඩ් කියන්නේ. මේ නම් දාන්නේ ඒ සත්තුන්ව හදුනාගන්න පහසු වෙන්නයි. ඉතිං වෙනත් චිම්පන්සින් නායකයින්, එහෙම නැත්නම් ඇල්ෆා සතුන්ට වඩා දෙගුණයක් කල් තරුණ ගැටවරයින්ගේ අභියෝගයන්ට මුහුණ දීලා මරණාසන්න වෙලා කොහොම හරි තමන්ගේ නායකත්ව රැකගෙන තමන්ගේ රුධිරය සහිත ඉදිරි පෙළක් තමන්ගේ කණ්ඩායම ඇතුලේ බිහිකරවන ප්‍රභල, ඒ වගේම බොහොම වෙනස් ක්‍රම අනුගමනය කරන චිම්පන්සි නායකයෙකුගේ රාජවංශය ගැන තමා අද බලගන පුළුවන් වෙන්නේ….

මේ මාසයේ එළඹෙන සති දෙක තුන ඇතුලත සොභාදහමේ, සත්ව ලෝකයේ රාජවංශ පහක් අතරෙහි අපුර්ව චාරිකාවක ඔබව ගෙන යන්නම්.

” අපගේ මිනිසුන් මේ භුමියට ආදරය කලේ,
කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

Direct Download

| Bluray | x264 | 720p | 592MB |

     

| Bluray | x264 | 720p | 2.8GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.