Drag Me To Hell (2009) | අනුන්ගේ ශාපයෙන් ප්‍රවේසම් වන්න…

ඔන්න ගොඩ දවසකින් නැවතත් මම, මගේ පස් වන උපසිරැසිය අරගෙන ආවා. මේ සැරේ මම අරගෙන ආවෙ හොල්මන් චිත්‍රපටියක්. මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.

සාමාන්‍යයෙන් මේ හොල්මන් කතා වලට ලැබෙන IMDB අගය අඩු කියලා බොහොම දෙනෙක් දන්නා කරුණක් නෙව. නමුත් මේක නම් ඒ බාධකය ලස්සනට ජය ගෙන තියනවා IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.7 ක අගයක් ලබාගෙන. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Raimi විසින්. ඒ වගේම Box office වාර්තා වලට අනුව මෙය $90,842,646 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ අතිනුත් අති සාර්ථක මේ චිත්‍රපටය. මෙම චිත්‍රපටියට රංගනයෙන් Alison Lohman,Justin Long, Lorna Raver Dileep Rao, Bojana Novakovic, Adriana Barraza කියන අය දායක වෙනවා.

කතාව මෙහෙමයි, ක්‍රිස්ටිනා බ්‍රවුන් කියන්නේ බැංකුවක වැඩ කරන ණය දීම පිළිබද නිලධාරිනියක්. මෙයා තමන්ගේ ජීවිතය ගැන ලොකුවට වද වෙන කෙනෙක්. මෙයාට පෙම්වතා එක්ක තියන සම්බන්ධය ගැනත් ඒ හැටි විශ්වාසයක් නැහැ. වෘතිය ජීවිතයේත් ලොකු කඩයිමක් පහු කරන්න හැකි වේද නොවේද කියන තරගයක ඉන්නේ… වැඩ කරන තැන ප්‍රධානියාගෙනුත් කිසිම බුරුලකට ඉඩක් නැහැ. මේ අතර ඇය ළඟට එනවා වයසක කාන්තාවක් තමන්ගේ ගෙදර බේරා ගන්න ණයක් ඉල්ලාගෙන. නමුත් ඒ ණය දෙන්න ක්‍රිස්ටිනා ප්‍රතික්ෂේප කරනවා. බැංකු වලින් එහෙම ණය දෙන්න නැහැ නෙව. නමුත් මේ වයසක නෝනා ශාප කරන්නේ ක්‍රිස්ටිනාට…. එතනින් එහා කතාව බාර ඔයාලට….

2009 වසරදි ඇමරිකාවෙ නිපද වු මෙම චිත්‍රපටිය දැනට පවතින හොදම හොල්මන් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් එකක් අරන් එනකම් ඔබට ජයවේවා…! ගිහින් එන්නම්.

මීට කලින් පළකල ලිපිය.

මේකත් හොල්මන් කථා ගොන්නට වැටෙන 1ක්… හැබැයි මේක IMDB වල 7.5/10 ලාබාගෙන තියනවා… ඒක නිසා කථාව ගැන හිතාගන්න පුළුවන්නේ..

කථාව පොඩ්ඩක් විතර කිව්වොත්…; ක්‍රිස්ටීන් ඛ්‍රොවුන්  බැංකු ණය දෙන
අංශයේ ඉතා හොදින් සේවය කරන තරුණියෙකි. ඇය උසස්වීමක් බලාපොරොත්තුවෙන් පසුවෙන්නෙකි.. දිනක් තම බැංකුව වෙත පැමිණ ක්‍රිස්ටීන් හමුවෙන මායාකාරී හා අප්‍රසන්න පෙනුමක් ඇති මහළු කාන්තාවක් ඇය ආ කාරණාව ක්‍රිස්ටීන් විසින් ඉටුනොකරදීම නිසාත්, මහළු කාන්තාවට අගෞරව කර නිසාත් තමන්ට පහර දීම නිසාත්.. ක්‍රිස්ට්න්ගේ ජැකෙට්ටුවේ බොත්තමක් ගලවා එයට යම් වදනක් පවසා (ශාපකර) නැවත ඇයටම භාර දෙයි.

මින් අනතුරුව එම ශාපයෙන් ඇයට සිදුවෙන දේ හා ඇය එම ශාපයෙන් ගැලවීමට කරන දේ බලන්න මෙම චිත්‍රපටිය බාගන්නම වෙනවා…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 650MB |

Direct Download

| Bluray | x264 | 720p | 650MB |

| Bluray | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!