Doom Patrol [S01: E01]| විකෘතිකයන්ගෙ එක්වීම..

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින්IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහෙමනම් අපි බලමු කතාව ගැන යමක්. ඊට කලින් මම ඉන්න චරිත ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.

DOOM PATROL කවුද මේ DOOM PATROL කියන්නෙ කියලා අපි පොඩ්ඩක් බලමු. DOOM PATROL කණ්ඩායම ප්‍රථමයෙන් DC Comicsවලට එකතු වන්නේ My Greatest Adventure #80 මුද්‍රණය තුළින් 1963 වර්ෂයේදී. ඔවුන්ව නිර්මාණය වෙන්නෙArnold Drake සහ Bob Haney මෙන්ම Bruno Premiani යන අයගේ හස්තයෙන්

DOOM PATROLහි මූලික සාමාජිකයන් ලෙස THE CHIEF හෙවත් DOCTOR NILES CAULDER, ELASTI GIRL හෙවත් RITA FARR, NEGATIVE MAN හෙවත් Larry Trainor, ROBOTMAN හෙවත් Cliff Steele, MENTO හෙවත් Steve Dayton සහ BEAST BOYහෙවත් GARFIELD LOGAN යන අය හදුන්වා දෙන්න පුළුවන්.

DOCTOR NILES CAULDER කියලා කියන්නෙ දෙපා පණ නැති බුද්ධිමතෙක්.. ඔහු තමන්ගෙ නව නිපැයුම් සහ දැනුම මාර්ගයෙන් ධනවතෙක් වී තිබෙනවා. එසේම පසුව ඔහු අපරාධ හා සටන් කිරීම උදෙසා DOOM PATROL නම් වූ කණ්ඩායමක් ආරම්භ කොට තිබෙනවා. ඔහු ඒ සදහා සමාජයෙන් කොන් වෙන විකෘති ස්වභාවයන් සහිත පිරිස් බදවාගත් බව සදහන් වෙනවා. ඉහත රුපයෙන් ඔහුව දැකගන්න පුළුවන්.

ELASTI GIRL එනම් RITA FARR කියලා කියන්නෙ හොලිවුඩ් නිලියක්ව සිටි කෙනෙක්.. ඇය අප්‍රිකාවේ සිනාමා රූගත කිරීමක් අතරතුර ගිනි කන්දක වායුවලට නිරාවරණය වී තිබෙනවා.එම අවස්ථාවේ ඇය සොයාගෙන තියෙනවා ඇයට කැමති පමණට විශාල වීමට හෝ කුඩා වීමට හැකි බලයක් පවතිනවා. එසේම ඇයට වෙස් මාරු කිරීමට, ද්විගුණනය වීමට,සුපිරි ශක්තිය, ඉක්මනින් සුව වීම යනාදී බලයන්ද පවතිනවා. කෙසේ වුවත් මෙම හේතුව නිසාම ඇයව විකෘතිකයෙක් ලෙස සැළකීම නිසා හොලිවුඩ් රංගන විදිය නිමාවීමත් සමාජයෙන් ප්‍රතික්‍ෂේප වීමත් නිසා ඇයDOCTOR NILES CAULDERගෙ ආරාධනය පිළිගෙන DOOM PATROLහි සාමාජිකාවක් වී තිබෙනවා. එතැන් පටන් ඇය ELASTI GIRL යන නාමයෙන් හැදින්වෙනවා.

NEGATIVE MAN හෙවත් Lawrence Trainor ගුවන් හමුදා නියමුවෙක්. K-2F නම් වූ යානයක් පරික්ෂා කරද්දී ඔහුව විකිරණවලට අනාවරණය වී තිබෙනවා. එයට හේතුව යානය නියමිත ප්‍රමාණයට වඩා උසකට ගමන් කිරීමයි. එම විකිරණවලින් ලැරීව විනිවිද පෙනෙන ස්වභාවයක් ගත්තා සේම ඔහුව විකිරණශීලි වී තිබෙනවා. ඔහු රෝහල්ගතව සිටියදී තමයි DOCTOR NILES CAULDERව මුණ ගැසී තිබෙන්නේ. Caulder ලැරීට විශේෂ වෙළුම්පටි වගයක් ලබා දී තිබෙනවා විකිරණ අවහිර කිරීම උදෙසා. එසේම ඔහුට Negative man යන නාමය ලබා දි ඔහුව DOOM PATROLහි සාමාජිකයෙකු කරගෙන ඇති බව සදහන්.

ඔහුගේ බලයන් ගැන සදහන් කරනවානම් මොහුට Astral Projection-මාන ප්‍රක්ෂේපණය, Blast Power- පිපුරුම් බලය, Flight- පියාසර කිරීම, Heat Generation- උෂ්ණත්වය වැඩි කිරීම, Phasing / Ghost-නොපෙනී යාම , Super Speed- සුපිරි වේගය, Super Strength- සුපිරි ශක්තිය වැනි බලයන් පවතිනවා.

Cliff Steele කියලා කියන්නෙ කිසිවකට බය නැති කෙනෙක්.ඔහු සෑම භයානක ඝනයේ ක්‍රීඩාවක්ම කළ අයෙක්. ඔහුගේ එම ක්‍රීඩාවට ඇති ආසාව නිසාම ඔහු කාර් රේස්වලට සහභාගී වී තිබෙනවා. එසේ සහභාගී වූ එක තරගයක් අතරතුර කාරය අනතුරට පත්ව ඔහුගේ ශරීරය ගිනි ගෙන දැවෙනවා. නමුත් ඔහුගේ මොළයට හානියක් සිදුවන්නේ නෑ. DOCTOR NILES CAULDER ඔහුව බේරාගෙන ඔහුට යකඩ ඇගක් ලබා දෙනවා.

Adaptive- අනුවර්තනය, Berserker Strength- අසාමාන්‍ය ශක්තිය, Electricity Control- විදුලි බලය පාලනය, Electronic interaction- ඉලෙක්ට්‍රොනික අන්තර්ක්‍රියාව, Flight- පියාසර කිරීම, Gadgets- ආම්පන්න, Healing- සුවවීම, Intellect- බුද්ධිය, Invulnerability- හානියක් නොවීම, Matter Absorption- පදාර්ථ අවශෝෂණය, Radar Sense- රේඩාර් දැනීම, Super Speed- සුපිරි වේගය, Super Strength- සුපිරි ශක්තිය වැනි හැකියාවන් ඔහුට පවතිනවා..

එසේම Crazy Jane එහෙමත් නැත්නම් පිස්සු ජේන් ගැන කියනවනම් ජේන් කියන්නෙපුද්ගලතාවයන් 64ක් මෙන්ම ඒ පුද්ගලතා 64ට ආවේනික වූ විශේෂ බලයන්ගෙන් සමන්විත කෙනෙක්. මෙයාට මෙහෙම දෙයක් සිද්දවෙලා තියෙන්නෙපිටසක්වළ ඩොමිනේටර්ලාගේ ජානමය බෝම්බයකට නිරාවරණය වීමකින් කියලා තමයි සදහන් වෙලා තියෙන්නෙ.

මේ ජේන්ගේ පුද්ගලතා ගැන සදහන් කරනවානම් Crazy Jane, HAMMERHEAD, DADDY, The Hangman’s Beautiful Daughter වැනි චරිත කතාමාලාවෙන්දැකගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම මේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා ගැන සදහන් කරනවානම් අපිට පළවැනි කොටසින්ම දැකබලා ගන්නට හැකියාව ලැබුනා ඒ කෙනා කවුද කියලා. ඒ තමයි Mr. Nobody

මේ ඉන්න මිස්ටර් නෝබඩිගේ ඇත්ත නම වෙන්නේ එරික් මොර්ඩන්. මොහු වෘත්තියෙන් හොරදෙටුවෙක්. ඔහුගේ කණ්ඩායමෙන් ඔහුව එළවලා දැම්මට පස්සෙ මේ මිස්ටර් මොර්ඩන් පැරගුවේවලට යනවා. එහෙදි ඔහුට නාසි විද්‍යාඥයෙක්ව මුණ ගැසෙනවා. ඊට පස්සෙ මොර්ඩන් මේ විද්‍යාඥයාගේ විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය වෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. එතැනදී ඔහුව දින තුනක් සුදු ආලෝකය ඇති කාමරයක සිරකොට තැබීමෙන් ඔහුට පිස්සු හැදෙනවා. පසුව අන්තිමේ ඔහුගේ සිරුර පරිවර්තනය වෙනවා අමුතුම සංයෝගයක් බවට. එතනින් පස්සෙ ඔහු ලෝකය පුරාම විකෘතිකයන්ව සොයමින් මරා දමනවා.හොදයි ඉතින් කොමික්වල චරිත මේ විදිහට විග්‍රහ කෙරෙද්දී ඔබට දැකගන්න පුළුවන් මේ කතාමාලාවත් කොමික්වලටම අනුගත වෙමින් නිර්මාණය වි ඇති ආකාරයක්.

ඉතින් ඒ අනුව කතාව ආරම්භ වෙන්නේ මිස්ටර් මොර්ඩන් එහෙමත් නැත්නම් අපේ දුෂ්ටයා වෙන නෝබඩි නිර්මාණය වෙන ආකාරය දක්වමින්. එසේම අද කතාව වැඩි හරියක්ම කාලය වෙන් කරලා තියෙන්නෙ චරිත හදුන්වාදිමකට කිව්වොත් නිවැරදියි. එහෙමනම් ඔබ සැමට කතාමාලාව සමග එකතු වෙන්නයි ආරාධනා කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජය.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 300MB |

Direct Download   

| WEB | x264 | 480p | 230MB |     

   

| WEB | x264 | PBS | 460MB |     

| WEB | x265 | 720p | 270MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Doom Patrol [S01: E01]| විකෘතිකයන්ගෙ එක්වීම..

Leave a Reply

Your email address will not be published.