Destroyer (2019) | කිළිටි සල්ලි

මේ පාර මං අරගෙන ආවේ Destroyer (2018) කියන Action, Crime, Drama වර්ගයන්ට අයත් ෆිල්ම් එකක්. මේක 2018 කියල තිබුණට 2019 ලබන්න දවස් 4 කට කලින් තමයි ඊශ්‍රායලයේ රිලීස් වුණේ. ඒත් ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය ඇරඹුණේ මේ අවුරුද්දේ ජනවාරි තමයි. 2018 දී තව Film festival කීපයක් සඳහා නම් පෙන්නලා තියනවා. ඉතින් Karyn Kusama ගෙ අධ්‍යක්ෂණයක් වෙන මේකෙ Nicole Kidman, Toby Kebbell, Tatiana Maslany වගේ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. IMDB 6.2 ක්, කුණු තක්කාලි 74% ක් ගන්නත් මේක සමත් වෙලා තියනවා.

ඉතින් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරිලා බලමු.

පටන් ගන්නේ මෙහෙමයි. මළ සිරුරක් තියන තැනකට එනවා පොලීසියේ පරීක්ෂකවරියක් වෙන එරින් බෙල්. හැබැයි එතන ඉන්න නිළධාරීන් වැඩි කැමැත්තක් නෑ වගේ ඒකට. ඔව් ඉතින් නිදිමරලා, ලෙඩ පෙනුමක් තියන, හරියට කෙලින් ඇවිදගන්න බැරි දුර්වල කෙනෙක් එයා. එතන ඉන්න පරීක්ෂක වරු කියන විදියට මරල දාපු කෙනා හඳුනාගන්න සලකුණක් නෑ. වැටිලා තියන රිවෝල්වරෙත් අංක, සළකුණු ඔක්කොම මකලා. සිරුරත් ගාව තියනවා තීන්ත තැවරිලා අවලංගු වුණු මුදල් නෝට්ටු කිහිපයක්. “මේක කරපු කෙනා මං දන්නවා නම්” කියල බෙල් ඇහුවත් එතන ඉන්න අය ගණන් ගන්නේ නෑ. කියන්නේ එයාල ඒක බලාගන්නම්, කාලේ නාස්ති නොකර ගිහින් නිදාගන්න කියල. එහෙමයි කතාව පටන්ගන්නේ.

ඊළඟට පෙන්නන්නේ පොලීසියේදී බෙල් නමට ලියුමක් ඇවිත් තියනවා. ඒක ඇරලා බැලුවම ඇතුළේ තියෙන්නේ තීන්ත තැවරුණු මුදල් නෝට්ටුවක්.

එහෙනම් කවුද මෙහෙම කලේ, මොකක් නිසාද කියල අරගෙනම බලන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 1080p | 1.9GB |

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| BluRay | x264 | 480p | 400MB |

| BluRay | x264 | 480p | 580MB |

| BluRay | x264 | 720p | 1.1GB |

| BluRay | x264 | 1080p | 1.4GB | 6CH |

HEVC x265

| BluRay | x265 | 720p | 625MB |

| BluRay | x265 10bit | 720p | 990MB | 6CH | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *