DCs Legends of Tomorrow [S02 : E14] | සඳ මත පය තැබීම.
රිප් මේ වෙද්දී යානයේ බ්‍රිග් එකේ නැත්තම් හිර කූඩුවේ හිර කරලා ඉන්නේ. එයා දන්නවා ගිඩියන්ගේ පාලනය එයාගේ යටතට ගන්න හැටි. රිප් ගිඩියන්ව එයාගේ යටතට අරගෙන යානය ස්වයං පිපිරීමකට යොදවනවා. හැබැයි ජැක්ස්ට පුළුවන් වෙනවා යානය රීබූට් කරලා ඒක නවත්තන්න. හැබැයි එයාල ගොඩබාන්නේ ක්‍රටෙසීය යුගයට. ඒ තමයි වේව්රයිඩර් එකට යන්න පුළුවන් උපරිම අතීතය. කලින් රේව කොටු වෙලා හිටියේ මේ කාල පරිච්ඡේදයේ තමයි. හැබැයි යානයේ ප්‍රාථමික ඩිලිනියේටරය නැති වෙනවා මේ අනපේක්ෂිත ගොඩබෑම නිසා. ඩිලිනියේටරය නැතුව යානයට පිටත් වෙන්න විදිහක් නෑ. ඉතින් ඒක හොයන්න රේ, අමායා සහ හේවුඩ් යවන්න සාරා තීරණය කරනවා.
මේ අතරේ මික්ට අදහසක් එනවා රිප්ව හොඳ කරන්න. ඒ ක්‍රමය තමයි එයා ක්‍රෝනස් වෙලා හිටපු කාලේ ටයිම් මාස්ටර්ල එයාට කරපු දෙයක්. තවත් කෙනෙක්ගේ ඔලුවට ඇතුල් වෙන එක. මික්ගේ සහ මාටින්ගේ උදවු ඇතුව සාරා සහ ජැක්ස් රිප්ගේ ඔලුවට නැත්තම් මනසට ඇතුල් වෙනවා. රිප් ඔලුව ඇතුලේදී සාරා සහ ජැක්ස්ට දැනගන්න ලැබෙනවා රිප් හිතන් ඉන්නේ සාරා ඇතුළු කණ්ඩායමේ අනිත් අය එයාට කරදරයක් කියල.ඒ නිසයි රිප් මෙයාලව මරන්න හදන්නේ. කොහොම වෙතත් රිප්ගේ ඔලුවේ ඉන්න ගිඩියන් නම් වෙනස් වෙලා නෑ. ගිඩියන්ගේත් උදවු ඇතුව කණ්ඩායමට පුළුවන් වෙනවා රිප්ව බේරාගෙන ඔලුවෙන් එලියට එන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 210MB |
585be0790375d6e632be35c9d1cc4d6d70432408
| HDTV | x264 | LOL | 310MB |
42afcac272047bf1caa0e66308c0cc375a884e89
| HDTV | x264 | 720p | 937MB |
fc6cfb39bdcee3c1ecfcbedee12f19066b556554
| HDTV | x265 | 720p | 250MB |
0ce905e93878f186b2fb75492e1f3c507e29459b
Koo sub downloads
Download button eka nathoo
බයිස්කෝප්එලේකේඩොට්කොම් වලින් ගන්න
Download button eka nathoo