Crash Zone (TV Series 1999–2001) [S01 : E01] | පරිගණක දඟයන්ගේ ආරම්භය

සුභ දවසක් හැමෝටම! ඔන්න හැමෝම කාලයක් තිස්සේ බලාගෙන හිටපු, අපේ ළමා කාලයේ අපි බළලා රස විඳපු, හුඟ දෙනෙක් සිංහල උපසි‍රැසි ඉල්ලපු, ලස්සනම ලස්සන ඒ රසවත් කතා මාලාව අරගෙන ආවා. ඔයාලගේ මේ කතා මාලාවත් එක්ක පුංචි කාලයේ තිබුන සුන්දර මතකයන් ගැන පහළින් අදහස් දක්වයි කියලා මම හිතනවා. මේක මගේ පළවෙනි රූපවාහිනි කතා මාලාව, උපසි‍රැසි කරපු. දෙන පළවෙනිම එක හුඟක් මහන්සි වෙලා තමයි මම කරේ. මේකට ඉංග්‍රීසි උපසි‍රැසියක් මේ වෙනකන් කවුරුත් නිර්මාණය කරලා නෑ. මේකේ සමහර තැන් වල තේරුම් ගන්න අපහසු හරියට ඇහෙන්නේ නැති වචන තිබුනා. ඒවට හොඳින් දෙතුන් පාර ඇහුම්කන් දීලා තමයි මම මේකට උපසි‍රැසි යෙදුවේ. වැඩේ නම් ගොඩක් අමාරු වුනා. කාලය නම් හුඟක් වැය වුනේ කාලරාමු හදන්න. මේකේ සමහර කොටස් මැද කර කර ඉන්නකොට ගෙදර කරන්ට් එක හිටං ගියපු වෙලාවල් තිබුනා. අපෝ ඒ වෙලාවට නම් මට එපා වුනා !! ඒ වුනත් ඉතින් මහන්සිය බලන්නේ නැතුව වැඩේ අවුල් වුන තැන ඉඳන් ආපහු කරන්න පටන් ගත්තා. මොකද මගේ ලැප්ටොප් පරිගණකයේ බැටරි එක සවුත්තු වෙලා තියෙන්නේ. ඒක ගලවලා තමයි පාවිච්චි කරන්නේ.

මම මේ කතා මාලාව කරන්න භාර ගත්තේ 2017/4/20 වෙනිදා. අසංක ප්‍රදීප් රණතුංග කියලා සහෝදරයෙක් තමයි මම මේක කරන්නද කියලා ඇහුවම ”කරලා එවන්න” කියලා මට මේක දුන්නේ. ඉතින් මෙච්චර අවුරුදු ගාණක් මෙයාට මේකට උපසි‍රැසි කරන්න ගියේ ඇයි කියලා සමහරුන්ට හිතෙනවා ඇති. කාලරාමු නිර්මාණය කරන එක අපි පැත්තකින් තියමුකෝ. මේක අමාරුම වුනේ මොකද වචන වලට හරියට ඇහුම්කම් දෙන එක. යන සමහර වචන පැහැදිලි මදයි, ඒ හුඟක් වේගයෙන් කියන වචන. ඉතින් ඒවා වෙනම කපලා කොටලා නොයෙක් මෘදුකාංග වලට දාලා Tempo Slow කරලා දෙතුන් වතාව අහලා තමයි සමහර වචන මට ගළප ගන්න වුනේ. මේකට ඉංග්‍රීසි උපසි‍රැසියක් තිබුනා නම් මේක මෙච්චර කොහෙත්ම අමාරු වෙන්නේ නෑ, මේකට ඉංග්‍රීසි උපසි‍රැසියක් තියා කාලරාමු පිටපතක්වත් කොහෙවත් කවුරුත් කරලා දාලාත් නෑ. මේ නිසා හුඟක්ම මහන්සි වෙලා කැපවීමෙන් මේකේ අංක දත්ත පිටපත නිර්මාණ කරනයේ ඉඳන් හැමදේම කරේ මමයි. උපසි‍රැසියක් නිර්මාණය කරනවා නම් මට ඕනේ එක 100% දෙන්න. මෙතෙක් මම බයිස්කෝප් එකට දීපු චිත්‍රපටි වලට කවුරුත්ම මගේ වැ‍රැද්දක් කියලා නෑ. සමහර අදහස් දාලා තියනවා දකිනවා ”නියම සබ් එක” කියලා. ඉතින් එහෙම අදහස් දකිනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. මෙහෙම මහන්සියෙන් අපි වැඩක් කරාට පස්සේ මිනිස්සු එයාලගේ ප්‍රතිචාර දක්වනකොට. කොහොමහරි මම මේකේ සම්පූර්ණ වැඩකටයුතු කරලා අවසන් කරා 2018 මැයි මාසේ 30 වෙනිදා. ඒ Season 2 අන්තිම Episode එක. ඔයාලට දැකබලා ගන්න පුළුවන් මේකේ හැම උපසි‍රැසියකම මම අන්තිමට දිනයක් දාලා තියනවා. ඒ තමයි මම ඒ කොටසේ සියලුම වැඩකටයුතු කරන්න පටන් ගත්ත දිනේ නැත්තම් වැඩකටයුතු අවසන් කරපු දිනේ. එතකොට මාස ගාණක් මෙයා මේක දෙන්නේ නැතුව මොකද කරේ කියලා සමහරුන්ට හිතෙනවා ඇති. ඒ මොකද බයිස්කෝප් අඩවියේ නීති අනූව අපි මේ හැම එකකටම ලිපි ලියන්න ඕනේ. ඉතින් ලියන ලිපියත් වචනෙන් දෙකෙන් ලියලා ඉවරයක් කරන්න බෑනේ. ගන්න එන පුද්ගලයටත් ආසාවක් ඇති වෙන විදියට ලිපියක් තියෙන්න ඕනේ. සමහරු ලිපි කියවලා බළලා තමයි අපිව විශ්වාස කරලා GB ගාණක් ඩවුන්ලෝඩ් කරගෙන අදාල චිත්‍රපටිය හෝ කතා මාලාව බලන්නේ. අන්න ඒ නිසයි ලිපියක් හුඟක් වැදගත් වෙන්නේ. ලිපියක් ලියන එක වෙලාවකට උපසි‍රැසියක් කරනවට වඩා අමාරු වැඩක්. මෙහෙම ගොඩක් දෙනෙක් කියනවා මම දැකලා තියනවා.

හරි, ඔයාලා කවුරුත් දන්නවනේ Crash Zone කියනකොට…
ඉස්සර අපි පොඩි කාලේ හරිම ආසාවෙන් බලපු රූපවාහිනි කතා මාලාවක්. මට නම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා දුවගෙන එනවා මේක බලන්න. ඒ කාලේ මට මතක විදියට මේක රූපවාහිනියේ ගියේ හවස 3:00ට – 4:00ට වගේ වෙලාවල් වලට. ඒ කාලේ නම් මේක නිතර නිතර ජාතික රූපවාහිනියේ විකාශය කරා. පරිගණක වගේ දේවල් ගැන ඇත්තටම මට ලොකු ආසාවක් උනන්දුවක් ඇති වුනෙත් මේක බළලා. මේක ඉතින් යන වෙලාවට මම TV එක ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ. ඒ තරමටම මම මේ කතා මාලාවට ආසයි. ඉස්සර පොඩි දවස් වල අපි හැමෝටම වගේ තියනවනේ ගේම් පිස්සුවක්… ඒකත් එක හේතුවක් වුනා මම මේක බලන්න. ඉතින් මේ Series එක මට ආයෙම වතාවක් බලන්න ආස හිතුනා. ඒ නිසා තිබුන හැම Torrent Site එකකටම වගේ ගිහින් බැලුවා මේකට හොඳ Seed තියන Torrent එකක් තියනවද කියලා. හැබැයි එකක්වත් හම්බවුනේ නෑ. මේකේ Torrent තියනවා හැබැයි පොඩ්ඩක්වත් Seed නෑ. ඒවා Download වෙන්නෙම නෑ. පස්සේ මම වැඩේ අත ඇරලා නිකන් ඉන්නකොට මං දැක්කා මේකේ සම්පූර්ණ Series එක YouTube එකේ තියනවා. 720p ඉහලම ගුණාත්මක තත්වයෙන්. ඊට පස්සේ මම මේක YouTube එකෙන් අරගත්තා. ඇත්තටම කියනවා නම් මේ Series එක 1999 වුනත් දර්ශන ගුණාත්මක තත්වයෙන් ඉහලින්ම තියනවා. මේක ඔයාලා YouTube එකෙන් ගන්න. මොකද මේකට තියන Torrent හරිම සවුත්තුයි. අනික YouTube එකෙන් ටක් ගාලා අරගන්නත් පුළුවන්. ඔය Seed කතන්දර මුකුත් නෑ, තියන පිටපතත් හුඟක්ම හොඳයි. Australian Children’s Television Foundation ලගේ You Tube Channel එකෙන් තමයි මේකේ අංග සම්පූර්ණ කතා මාලා දෙකම You Tube එකට Upload කරලා තියෙන්නේ. එයාලා ළඟ තියන නවීන පිටපත තමයි ඒ දීලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේකට කාලරාමු හැදුවේ YouTube එකෙන් ඒ ගත්ත පිටපතට හරියන්නයි. මේකට තියන Torrent මට ශුවර් නෑ, ඒවාට හරියට උපසි‍රැසි වැඩ කරයිද කියලා. ඒ නිසා ආයේ කියනවා මේක YouTube එකෙන්ම අරගන්න. මේකේ කතා මාලා දෙකම අරගන්න ඔයාලට GB 7.89 වගේ යයි. ගත්තට නම් කිසිම පාඩුවක් නෑ. ඒ තරම් ලස්සනයි මේ කතා මාලාව. ඒක දන්නෝ දනිති. අද ඉන්න ගොඩක් පොඩි අයට ඉස්සර අපි බැලුවා වගේ ලස්සන කතා මාලා බලන්න වාසනාවක් නෑ. මොකද දැන් ඒවා රූපවාහිනියේ විකාශය කරන්නේ නෑ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ටක් ගාලා YouTube එකට ගිහින් සේරම ටික බාගෙන උපසි‍රැසිත් එක්ක ඒ අත්දැකීම විඳපු නැති අයට ඒ අත්දැකීම විඳින්න.

හරි, දැන් මම ඔයාලට මේ කතා මාලාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

Crash Zone 1999 පෙබරවාරි 13 වෙනිදා තමයි ප්‍රථම වරට රූපවාහිනියේ විකාශය වෙලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ Australian Children’s Television Foundation කියලා ඔස්ට්‍රේලියාවේ තියන විශාල ළමා පදනමකින්. ඒ වගේම මේ වැඩේට Disnep Channel එකත් තම දායකත්වය ලබා දී තිබෙනවා. IMDB අගය ගැන බැලුවොත් මේක 7.7/10 වගේ විශාල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ”වර්ජල්” කියන කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන (Artificia Intelligence Program). මිනිහගේ සම්පූර්ණ නම – Virgil Reality. ඇත්තටම මේ චරිතය ගැන ඔයාලට කියනවා නම්, මළම විකාරයක්, පිස්සු වැඩම තමයි කරන්නේ. මෙයා වැඩසටහනක් වුනාට මෙයාට පුළුවන් ඇත්තම මනුස්සයෙක්ට වගේ හිතන්න. දුක/ වේදනවා/ ආදරය/ හැඟීම් හැමදේම වගේ දැනෙනවා. මේ වර්ජල් ඉන්නේ කැට්ලස්ට් කියලා මෘදුකාංග සමාගමක තියන පරිගණකයක. හැබැයි මේ සමාගමේ ඉන්න කවුරුත් දන්නේ නෑ මෙහෙම වැඩසටහනක් තියනවා කියලා. මේ කැට්ලස්ට් සමාගමේ අයිතිකාරිය වන ඇලෙක්සැන්ඩර් ඩේවිස්ට උවමනා කරනවා එයාගේ සමාගමේ හදන අලුත්ම පරිගණක ක්‍රීඩා වෙළෙඳපොළට දාන්න කලින් ඒවා අත්හදා බලන්න දක්ෂ/ බුද්ධිමත් ළමයි වගයක්. ඒකට මෙයා අන්තර්ජාලය උපයෝගී කරගෙන රහසිගත කේතයක් යවනවා පාසල් වයසේ ඉන්න ළමයින්ගේ පරිගණක වලට. මේ කේතය ඇතුලේ පණිවිඩයක් තියනවා. ඒක බලන්න නම් කේතය බිඳින්න ඕනේ. කේතය බිඳලා දාන්න සමත් වෙන අය පරික්ෂණය සමත් වෙනවා. මේ කේතය බිඳින්න සමත් වෙනවා පායි, බෙක්, මචලෝ, මයික්, ‍රැම් කියලා ළමයි 5 දෙනෙක්. මේ 5 දෙනාට තමයි මුලින්ම වර්ජල්ව හම්බවෙන්න කැට්ලස්ට් එක ඇතුලෙදි. මේ වර්ජල්ට වර්ජල් කියලා නම දාන්නෙත් මෙයාලගෙන් කෙනෙක්. මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට මතක නෑ එයාගේ නම, එයා කවුද කියන මුකුත්. ඉතින් තමන් කවුද කියලා හොයා ගන්න මේ ළමයි 5 දෙනා කතා මාලාව ආරම්භයේ ඉඳන්ම වර්ජල්ට උදව් කරනවා. මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන කවුද හැදුවේ කියන එක ඔයාලට තවත් ඉස්සරහට දැනගන්න පුළුවන්.

මේක තාම බලපු නැති අපේ අවාසනාවන්ත පොඩි උදවිය එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න, ලස්සන TV Series එකක්, මඟ ඇරගන්න නම් එපා. පරිගණක ක්‍රීඩා ගැන පිස්සුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයත්… එහෙනම් ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. අපේ පුංචි ළමා කාලයේ ඒ සුන්දර මතකයන් නැවත ලබාගන්න ඉස්සර මේක බලපු අයත් අනිවර්යෙන්ම මේක ආපහු බලයි කියලා මම විශ්වාස කරනවා.

Direct Download

| WEB | x264 | 360p | 100MB |

| WEB | x264 | 480p | 170MB |

| WEB | x264 | 720p | 320MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Crash Zone (TV Series 1999–2001) [S01 : E01] | පරිගණක දඟයන්ගේ ආරම්භය

  • ko bro anith episode .. Any way thankyou

    Reply
  • Ela. supiriyak dila thiyenne. digatama denna

    Reply
  • thank you soo much.

    Reply
  • Scl iwar wela scl aduma pitinma gedra Apu gmn blpu pattma kthwa… පරිගණක දගයෝ…

    Reply
  • denne nane download karanna

    Reply

Leave a Reply

Your email address will not be published.