Chernobyl 2019 [S01 : E05] | වරද කාපිටද?

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත් IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows වලින් #01 විදිහට රැඳී ඉන්න සමත් වෙලා තියෙනවා. කොටස් හතරක් බලපු ඔයාල දන්නවා මේ කතාව කොයිතරම් අපිව කම්පනය පත් කරලා තියෙනවද කියලා. සමහර සිදුවීම් රසික සිත් කම්පනය කරමින් කතාව වෙතට නැඹුරු කරවන්න සමත් වෙලා තියෙනවා. කලින් කොටස බලපු අය දකින්න ඇති මිනිසුන්ගේ වැරදි නිසා කිසිම දෙයක් නොදන්නා අසරණ සතුන් ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙව්වා. ඒ වගේම ඔයාල දකින්න ඇති කොයිතරම් ප්‍රබල විකිරණ තියන තැනකට මිනිසුන් දැන හෝ නොදැන ගියේ රාජකාරිය වෙනුවෙන්.

පිපිරිම සිද්ධ උන ස්ථානය ආවරණය කිරීම සඳහා එහි ඉදිකිරීම් වෙනුවෙන් සෙබළුන් දහස් ගණනක් තම සේවය සැපයුවා. අයෙක් තප්පර 90ක් වගේ ඉතාමත් කෙටි කාලයක් සේවය කලත් ඒ තරර අනූව මගින් ඔවුන්ගේ සමාන්‍ය ආයුකාලය හරි අඩකින් කපා දැමුනා. එතරම් ප්‍රබල විකිරණ වලට තමයි ඔවුන් මුහුණ දුන්නේ. මේ කතාව තුල අපි මුල ඉඳල දැක්කා ගැති කම, නොසැලකිලිමත්කම පෙරට ආවා මනුෂ්‍ය ජීවිතය කියන වටිනා කාරණයට වඩා. අවසන් කොටසේදී පවා අපි දැක්කා ලෝකයට සෝවියට් සමූහාණ්ඩුව කොයි තරම් දේවල් සඟවන්න හදනවද කියල. සමහර බොරු නිසා ඔවුන්ම රැවටුන අවස්ථා තිබුනා. කලින් කොටසේදී දැක්කනේ ජර්මන් වලින් ගෙනාපු රථයට උන දේ. ඉතින් අද කොටස තියෙන්නේ ලේගාසෝ තමන්ගේ ප්‍රකාශය වියානා වලදී කොහොම ඉදිරිපත් කරාවිද? ඒ වගේම මේ වරද කාගේ පිටින් කොහොම වසා දමාවිද යන්න නිරාකරණය කරගැනීමටයි.

ඒ වගේම පහතින් දැක්වෙන්නේ චර්නොබිල් අවට ප්‍රදේශයේ වර්තමාන තත්වය දැක්වෙන චායා රූප කීපයකි. ඒ වගේම ඔබටත් අවශ්‍ය නම් ඒ ස්ථාන දැකබලා ගැනීමට චර්නොබිල් අවට සංචාරය කිරීමට දිනක් ඒ අවට නතර වී පැමිණීමට පවා අවස්තාව තිබෙනවා. අතුරු ප්‍රතිපල ගැන නම් වගකීමක් ගන්නවද නැද්ද කියන එක තියෙන්නෙත් ඔබ අතේ. සංචාරය කරන්න දෙන්නේ අවශ්‍ය විකිරණ උරාගන්නා පෙති වර්ග පානය කර සහ මිනිස් සිරුරට හිතකර විකිරන මට්ටමක් තිබෙන ප්‍රදේශ වල පමණයි. මුළුමනින් ජන ජිවිතයෙන් පිරුන සියලුම අංග උපාංග වලින් පිරුන සෝවියට් නගරයක් වසර 33ක් පුරාවට සොබා දහම නැවත තමන් සතුකරගෙන ඇති ආකාරය සියැසින් දැකගන්න පුළුවන් අපූරු අවස්ථාවක් වේවි.

ප්‍රතික්‍රියාකාරක අංක 4 පිපිරී ගිය ස්ථානය අවරණය කිරීම සඳහා ඉදිවූ විශාල ආවරණය. (AP Photo/Efrem Lukatsky)

එනර්ජෙටිකා සංස්කෘතික මධ්‍යස්ථානයේ වර්තමාන සහ එදා වෙනස දැක්වෙන ඡායා රූපයක්. (Photo by Sean Gallup/Getty Images)

න්‍යෂ්ටික ව්‍යවසනය නිසා මියගිය ගිනි නිවන බටයන්ගේ ස්මාරක වෙනුවෙන් ශෝකය පල කරන්නෙක්.(REUTERS/Gleb Garanich)

මීටර් 140ක් උස “ද වුඩ් පෙකර්” නමින් හැඳින්වූ රේඩාර් පද්දතියේ වර්තමාන ස්වභාවය. මෙමගින් යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල උවහොත් එමගින් එල්ලවන මිසයිල හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද්දක් බව සලකනවා. (Sean Gallup/Getty Images)

“එනර්ජෙටිකා” නමින් හැඳින්වූ සෝවියට් සමූහයට අයත් වූ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ වර්තමාන ස්වභාවය. (Sean Gallup/Getty Images)

විනෝදාස්වාදය සඳහා වූ උද්‍යානයක අත්හැර දමා ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කාර් කීපයක්. (AP Photo/Efrem Lukatsky)

මේ දැක්වෙන්නේ ප්‍රිප්යට් වල විනෝදාස්වාදය සඳහා වූ ඉදිව තිබු කාර්ය බහුල උද්‍යානයක වර්තමාන ස්වභාවයයි.(Sean Gallup/Getty Images)
එහෙනම් අවසන් කොටස සමගින් අදට සමුගන්නවා. තවත් මේ වගේ අපූරු කතාවක් ගැන ඉඟි ලැබුන ගමන් බයිස්කෝප් එකෙන් මේ වගේම උපසිරසි ලැබේවි. එහෙනම් දැනට සමුගන්නම්. ඔබ සැමට ජය !

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 550MB |    

Direct Download

| WEB | x264 | 480p | 220MB |

| WEB | x265 | 720p | 290MB |

| WEB | x264 | 720p | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!