Carnival Row (2019-) [S01 : E06] | පැරණි හිතවත්කම්…
ඔයාලා මේ එකතුවෙන්නේ කාර්නිවල් රෝ කතාමාලාවේ හයවෙනි කොටස සමගයි. තව කොටස් දෙකයි ඉතිරිවෙලා තියෙන්නේ. ඉතින් අපි ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.
අර අද්භූතු දේවල් එක්ක සම්බන්ධකම් පවත්වන කාන්තාවට දුන්නු සත්තු දෙන්නාට නැවත පණ දීලද කියල බලන්න ෆයිලෝ එතෙන්ට යනවා. ඔහු හිතුවා වගේම ඩාර්ක් ඈශර්ගේ තත්වයේම සිටින සත්වයෙක් ඔහු ඉදිරියේ ඉන්නවා. ටිකක් අමුතු ජීවියෙක්. නමුත් එයින් පස්සේ ෆයිලෝ කියනවා ඌව විනාශ කරලා දාන්න කියලා. නමුත් ඒ සතාව කෑලි කෑලිවලට කැපුවත් ඌ මැරෙන්නේ නෑ. මොකද උගේ ධාරකයා, එහෙමත් නැත්නම් ස්වාමියා මිය යනකන් ඒ සත්වයා මියයන්නෙත් නෑ. එයින් පසුව ෆයිලෝ යනවා තමන් කුඩා කල හැදී වැඩුනු, අවසන් ගොදුර බවට පත්වුන ප්‍රධානාචාර්‍යතුමා වාසය කරපු අනාථ නිවාසයට. එහිදී ඔහුට යම් කිසි දෙයක් මතක් වෙනවා. ඒ තමන්ගේ මව ගැන. ඉතින් ඒ ගැන ඔහු තම මිතුරෙක්ගෙනුත් අහනවා.
ඒ අතරේ ස්පර්න්රෝස් නිවසට අලුත් අසල්වැසියා වන ඇග්‍රේස් මහත්තයා එනවා ආරාධිත අමුත්තෙක් වශයෙන්. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, ඔහුව සමාජයට හඳුන්වලා දෙනවා කියන ඉමොජන්ගේ පොරොන්දුව පිට. නමුත් ඒ අමුත්තන් මේ ගැන වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නෑ. ඉතින් කොහොම හරි අන්තිමට එස්‍රා ඇවිත් ඒ කලබගෑනිය සමථයකට පත්කරනවා. කොහොමහරි ඩාර්ක් ඈශර් තවත් බිල්ලක් ගන්නවා. ඒ අර වෛද්‍යවරයායි. නමුත් මේ සියල්ල අතරේ ෆයිලෝට යම් දෙයක් මතක් වෙනව. ඒ තමන් කුඩා කාලයේ සිදුවුන සිදුවීමක කුඩා මතකයක්. ඉතින් හැකි ඉක්මනට ඔහු තමන් හැදීවැඩුනු අනාථාගාරය වෙත යනවා. එහි තිබුනු සංගීත පටයක් ක්‍රියාත්‍මක කරනකොට ඔහුට ඒ ගීතය වගේම එක් සුරඟනක් මතක් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේ අම්මා. එතනදී තමයි ඔහු දැනගන්නේ එදා මරා දමා තිබුන ඈශ්ලින් කියන ගායිකාව තමන්ව වදාපු අම්මා බව. අවසානයේ ලස්සන OST එකකුත් තියෙනවා. එහෙනම් අද කොටස ගැන පොඩ්ඩක් කියලම යන්නම්.
පොලීසියේ අයට යම් සැකයක් තියෙනවා මේ මිනීමැරුම් සියල්ල කාටහෝ සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතින් ඔවුන් තමන්ට හැකි අයුරින් මේ ගැන හොයන්න පෙලඹෙනවා. එහෙම හොයාගෙන යද්දී කොස්තාපල් කෙනෙක් දැනගන්නවා මේ ෆයිලෝ අඩ ලේ කාරයෙක් කියලා. ඉතින් අපි බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා.
එහෙනම් මීලඟ කොටසින් නැවත හමුවෙමු. ඔයාලගෙ අදහස් කියලා යන්න අමතක කරන්න එපා.
බයිස්කෝප් අඩවියට ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.