Carnival Row (2019-) [S01 : E01] | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට…

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්.

නම දැක්ක ගමන් ඔයාලට හිතෙන්න ඇති මේක විනෝදාත්මක කතාවක් කියලා. නෑ එහෙම නෙමෙයි. මේක Fantasy, Thriller ගණයට වැටෙන එකක්. හැබැයි IMDb අගය 8.1 ක් අරගෙන ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. ඔය Game Of Thrones, Harry Potter, Lord Of The Rings වගේ කියවලා තේරුම්ගන්න පුලුවන් පොතක්වත් මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙලා නෑ. ඒක නිසා බලලාම තමයි කතාව තේරුම්ගන්න වෙන්නේ. එවගේම මේකෙ තියෙන චරිතත් ටිකක් විතර වෙනස්. අමුතුම සුරංගනා ලෝකයක් තමයි තියෙන්නේ. එහෙනම් මුලින්ම මේකෙ ජීවත්වෙන විවිධ ජන කොට්ඨාස ගැන කියලා ඉන්නම්.

  • මනුශ්‍යයින් – මොවුන් ගැන අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නෑනෙ. පුරුදු පරිදිම ඊර්ෂ්‍යාව, කුහකකම, අනික් අයට ඉදිරියට යන්න නොදෙන බව වගේම තමන්ගේ ආධිපත්‍ය තියාගෙන ඉන්න කැමති කොට්ඨාසයක්. ඒ ගැන වැඩි දෙයක් කියන්න ඕනෙ නෑ.

“මේ කතාමාලාව තුල මනුශ්‍යයින් නොවන හැම කෙනෙක්වම පොදුවෙ හඳුන්වන්නේ “ක්‍රිච්” කියන නමින්. ඒ කියන්නේ අර්ධ මිනිස්සු. සුරඟනක් සහ මනුශ්‍යයෙකුගේ එකතුවීමෙන් සෑදෙන දරුවකු පවා අයත් වෙන්නේ ඒ ගණයට. මොකද අලුත ඉපදෙන දරුවාට තියෙන්නේ කලවම් ලේ නිසා. ඒක නිසා ඒ නම භාවිත වන හැමතැනකදීම මං “ක්‍රිච්” කියලම යොදලා තියෙනවා.”

  • සුරඟනුන් – ඉතින් ඕනෙම කතාමාලාවක් තුල සුරඟනුන්ව හඳුනාගන්න ලේසියිනේ. මොකද ඔවුන්ට කියන්නේ “fae folk”, එහෙමත් නැත්නම් “faeries” කියලා. ඔවුන්ගේ විශේෂත්වය තමයි පියාපත් තියෙන එක, ඒවගේම අමුතුම ලස්සනක් තියෙනවා. ඒ ගැන ඉතින් වැඩිය මං කියන්න ඕනෙ නෑනෙ, ඒවගේම ඔවුන්ට “Pix” කියලත් සමහර තැන්වලදී කියනවා.
  • ෆයුන්ස්ලා – මේ වර්ගය ටිකක් විශේෂයි. මොකද මේ කතාමාලාව තුල මොවුන්ට එල්ලවන විරෝධය ඉතා විශාලයි. විවිධ උද්ඝෝෂණපවා සිද්ධවෙනවා මොවුන්ට සිදුවන හිරිහැර කරදර සම්බන්ධයෙන්. මොවුන් අයත්වෙන්නේ සේවකයින්ගේ ගණයට. මොකද හැම ප්‍රභූ නිවසකම වගේ මෙයින් එකෙක් ඉන්නවා සේවයට.ඒවගේම මොවුන්ව හඳුනාගන්න ඉතා පහසුයි. එළුවෙකුගේ මෙන් දෙපා, හරකෙකුගේ මෙන් අං දෙක වගේම ඇවිදීමේ ගමන් විලාශය නිසා මොවුන්ව අනික් අයගෙන් ඉතා පහසුවෙන් වෙන් කර අඳුරගන්න පුලුවන්.
  • අවසන් වශයෙන් පැක්ට් එක – පලමු කොටස් කිහිපයේදී වැඩි වශයෙන් මේ වචනය කියවෙනවා. වෙන මොකක්වත් නෙමෙයි. මේ තමයි ඔය සුරඟනුන්ගේ විරුද්ධවාදීන්. එහෙමත් නැත්නම් හතුරන්. කතාවේ තැනින් තැන මෙ පැක්ට් එක ගැන කතාවන නිසා මං සමහර තැන්වලදී හතුරන් වගේම පැක්ට් කියන වචන දෙකම යොදාගෙන තියෙනවා.

එහෙනම් අපි මෙහි කතාවස්තුව දිහාට හැරෙමු. මෙහි කාලසීමාව යන්නේ 7 වෙනි සියවසට. තනිකරම මනඃකල්පිත ලෝකයක් තමයි මෙහි තියෙන්නෙ. සරලව කතාව මෙහෙමයි. එකමත් එක කාලෙක ඉතා අලංකාව වගේම නිදහස්, සාමයෙන් ජීවත් උන සුරඟනුන් හිටිය ප්‍රදේශයක් තිබුනා ටිර්නනොක් කියලා. ඉතින් ඊටපස්සේ මේ මිනිස්සු, ඒ ප්‍රදේශය ආක්‍රමණය කරන්න පටන් ගත්තා එහි තිබෙන සම්පත් කොල්ලකෑම සඳහා. ඉතින් ඔවුන්ගේ සහයට මේ බර්ග් කියන ජනරජයේ සොල්දාදුවන් එකතු උනා. කොහොම උනත් ඔවුන් දෙගොල්ලන්ට මේ යුද්ධය දිනන්න බැරි උනා. ඒක නිසා සියල්ලන්ම බර්ග් ජනරජයට පලා ආවා. සරලව කිවුවොත් මේ පැක්ට් එක නරකයි, සුරඟනුන් හොඳයි වගේම ඔය දෙකටම අතරමැද්දෙන් බර්ග් ජනරජය ඉන්නවා. ඉතින් ඔය බර්ග් වල මෙන්න මේ ක්‍රිච්ලා ඉන්න ප්‍රදේශයට තමයි කාර්නිවල් රෝ කියලා කියලා. ඉතින් ක්‍රිච්ලා බර්ග් වලට ආවත් මේ බර්ග් තුල සුරඟනුන්ට පියාඹන්න තහනම්. ඒකට හේතුව මේකයි, බර්ග් වල ඉන්න ගොඩාක් මිනිස්සු මේ ක්‍රිච්ලාට කැමති නෑ. මොකද ඔවුන් ඉතා අඩු පඩියට තමයි මිනිස්සුන්ට සේවය කරන්නේ. ඒක නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ පසුම්බියට ලොකු කනේ පාරක් වදිනවා. ඔය එකී මෙකී නොකී කරුණු කාරණා නිසා මිනිස්සු තදින්ම මේ ක්‍රිච්ලාට විරුද්ධයි.

මං ඔය ඉතා සරලව තමයි කතාවේ ඇතුලාන්තය ගැන කිවුවේ. එහෙනම් ඊලඟට මං මේකෙ චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

රයික්‍රොෆ්ට් ෆිල්ස්ට්‍රේට් – මෙ තමයි කතාමාලාවේ ප්‍රධාන චරිතය. මොහු හිටපු හමුදා නිලධාරියෙක්, වර්ථමානයේ පොලිස් පරීක්ශකවරයෙක්. කතාමාලාව ආරම්භයේ සිදුවන මිනීමැරුම් ගැන පරීක්ශනය භාරව කටයුතු කරන්නේ මොහු තමයි. ඒවගේම මේ රංගන ශිල්පියා අපිට සෑහෙන හුරුපුරුදු ජනප්‍රිය මෙන්ම දක්ශ රංගන ශිල්පියෙක්. ඒ තමයි Orlando Bloom. Lord Of The Rings, Hobbit, Black Hawk Down, Troy, Pirates Of The Caribbean , Three Musketeers, Kingdom Of Heaven වගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක උන දක්ශයෙක් තමයි මේ.

වින්යෙට් ස්ටෝන්මොස් – මෙයා තමයි මේකෙ ප්‍රධාන නිලිය. සුරඟනක්. ඒවගේම ප්‍රධාන චරිතයත් එක්ක පෙම් පලහිලව්වක් තියෙනව මැයට. පැක්ට් එකක් එක්ක තිබුනු යුද්ධයේදී ඉදිරිපෙල සටන්කාරියක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඒවගේම මේ චරිතය රඟදක්වන නිලියත් අපිට ටිකක් හුරුපුරුදු නිලියක් තමයි. Anna Karenina, Pan, Suicide Squad, Valerian and the City of a Thousand Planets වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වෙච්චි නිලියක්.

ඉතින් අනිත් චරිත සහ අදාල දේවල් ගැන වෙනම කියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ලිපියත් ටිකක් දිග වැඩි උන නිසා මෙතනින් නවත්තන්නම්. තවත් කතාමාලාවක් එනවයි කියලා දැනට දැනුම් දීලා තියෙනවා. එහෙම උනොත් හොඳයි.

එහෙනම් අලුත්ම මනඃකල්පිත ලොවකට එකතුවෙන්න ඇරයුම් කරන ගමන් මං මෙතනින් නවතිනවා. අමතක නොකර ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.

බයිස්කෝප් අඩවියට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 250MB |

| WEB | x264 | 720p | 290MB |

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Carnival Row (2019-) [S01 : E01] | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට…

  • ගොඩක් ස්තූතියි සිංහල සබ් කරාට direct download ගන්න බැහැනේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *